අඟුණුකොළපැලැස්ස පුරහලේදී සෙනසුරාදා මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ රැස්වීමේදී බරපතල ආරක්ෂක බිඳ වැටීමක් සිදුවී ඇතැයි පොලිස් ආරංචි කියයි.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීගේ ආරක්ෂකයකු වන හමුදා කෝප්‍රල්වරයකු අවියක්ද සඟවාගෙන අවි සමග ඇතුළුවිය නොහැකි පෙදෙසකට ඇතුල්වී ඇතැයි කියති.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන් හමුවීම සඳහා මේ රැස්වීම පැවැත්විණි.
ජනාධිපති ආරක්ෂක අංශයෙන් නාමල්ගේ ආරක්ෂකයා අනිවාර්යයෙන්ම සෝදිසි කළ යුතු නමුත් රටේ ප්‍රධාන පුරවැසියාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය එම අංශයෙන් අනුගමනය කර නැතැයි දැනගන්නට ඇත.
එම හමුදා කෝප්‍රල් සෝදිසියට ලක් නොකළ බව ආරක්ෂාවට යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ කමාන්ඩෝ භටයන් දැක ඇත. ඒ වනවිට එම ආරක්ෂකයා ජනපතිට සමීපව සිටි බවද කියති.
ජනපති යම් උත්සවයකට සහභාගීවන අවස්ථාවේ අගමැති ආරක්ෂක අංශය හා ඇමැති ආරක්ෂක අංශයද ඉවත්වී ඒ රාජකාරිය ජනාධිපති ආරක්ෂක අංශයට පවරන බව ආරංචි මාර්ග කියයි. එහිදී පළාතේ පොලිසියද ජනාධිපති ආරක්ෂක අංශයේ නියෝග පිළිපැදිය යුතු බවද කියති.
පොලිස් විශේෂ බලකාය නාමල්ගේ ආරක්ෂකයන් සෝදිසි කර ඔහු ළඟ පිස්තෝලයක් ඇති බව සොයා ගත්තේය. ඔහු එම ස්ථානයෙන් ඉවත් කැරිණි.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කොළඹ පොලිස් නිලධරයෙක් කියයි.
ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධානියා වනුයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහයි. ඔහු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශයේද සේවය කළේය.
මේ සිදුවීම පිළිබඳ පරීක්ෂණ රහස් පොලිසියට බාරදී ඇත.













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල කාමයෙන් පෙලෙන පුද්ගලයන්ගෙන් ජනාධිපති තුමාව ආරක්ෂා කර ගැනීම හැමෝගෙම වගකීම. (ස)
නියම නායකයා මහින්ද මහත්තය (බ)
තාත්තලා පුතාලට ඕනේ වෙලා තියෙන්නේ අායේ බලය ලබාගෙන රටේ ඉතුරු ටිකත් කන්න ම මෛත්‍රී ඔබ තුමාගේ ආරක්ෂාව වැඩිකරගන්න. රටේ යහපත වෙනුවෙන් (බ)
මොකටද නාමල් බේබිට පිස්තෝල සමග ආරක්ෂකයන් ඉන්නේ. (ස)
මිට වඩා ආරක්ෂාව පිළිබද සැලකිය යුතුය (බ)
රාජපක්ෂලාට ගරු උසාවියත් රටේ නීතියත් විහිලුවක්නේ..(බ)
තාත්තා නිසා පොරක් උනු මේවගේ කබ්බෝ ගැනවත් ඔබතුමාගේ අවධානය නොමැතිනම්......!!! (බ)
අධි ආරක්ෂක කලාප නැති රටේ ත්‍රස්ත බියක් නැති රටේ නිතිය සාධාරණත්වය සැමට ඉටු වෙන පාලකයෝ පාලිතයෝ හතරපෝයට සිල් ගන්න යහපාලනය පිරුණු රටේ මොකටද අනේ ජනාධිපති තුමාට මේ තරම් ආරක්ෂාවක්. ජනාධිපතිතුමාව ආරක්ෂා කරගන්නවනම් කරගන්න ඕන එතුමා ට අනතුරක් උනොත් ඊලගට ව්‍යස්තාව අනුව ජනපති වෙන්න ඉන්න කෙනාගෙන්..එයා කවුද කියල කට්ටිය දන්නවනේ..,(බ)
කෝ දැන් ඔය පිස්තෝලේ කව්ද දැක්කේ. (බ)
මෙයා වගේ අය කව්රුවත් මරන්නේ නැහැ. (බ)
දැන් දැන් රටේ වෙන ඒවා නිකන් මෙගා ටෙලියක් වගේ. ලස්සනට කතා ගොතනවා (නදී)