IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නාමල්ගේ රැකවලා මෛත්‍රී ළඟටම ඇවිත් : ඉනේ පිස්තෝලයක්

අඟුණුකොළපැලැස්ස පුරහලේදී සෙනසුරාදා මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ රැස්වීමේදී බරපතල ආරක්ෂක බිඳ වැටීමක් සිදුවී ඇතැයි පොලිස් ආරංචි කියයි.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීගේ ආරක්ෂකයකු වන හමුදා කෝප්‍රල්වරයකු අවියක්ද සඟවාගෙන අවි සමග ඇතුළුවිය නොහැකි පෙදෙසකට ඇතුල්වී ඇතැයි කියති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන් හමුවීම සඳහා මේ රැස්වීම පැවැත්විණි.

ජනාධිපති ආරක්ෂක අංශයෙන් නාමල්ගේ ආරක්ෂකයා අනිවාර්යයෙන්ම සෝදිසි කළ යුතු නමුත් රටේ ප්‍රධාන පුරවැසියාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය එම අංශයෙන් අනුගමනය කර නැතැයි දැනගන්නට ඇත.

එම හමුදා කෝප්‍රල් සෝදිසියට ලක් නොකළ බව ආරක්ෂාවට යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ කමාන්ඩෝ භටයන් දැක ඇත. ඒ වනවිට එම ආරක්ෂකයා ජනපතිට සමීපව සිටි බවද කියති.

ජනපති යම් උත්සවයකට සහභාගීවන අවස්ථාවේ අගමැති ආරක්ෂක අංශය හා ඇමැති ආරක්ෂක අංශයද ඉවත්වී ඒ රාජකාරිය ජනාධිපති ආරක්ෂක අංශයට පවරන බව ආරංචි මාර්ග කියයි. එහිදී පළාතේ පොලිසියද ජනාධිපති ආරක්ෂක අංශයේ නියෝග පිළිපැදිය යුතු බවද කියති.

පොලිස් විශේෂ බලකාය නාමල්ගේ ආරක්ෂකයන් සෝදිසි කර ඔහු ළඟ පිස්තෝලයක් ඇති බව සොයා ගත්තේය. ඔහු එම ස්ථානයෙන් ඉවත් කැරිණි.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කොළඹ පොලිස් නිලධරයෙක් කියයි.

ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධානියා වනුයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහයි. ඔහු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශයේද සේවය කළේය.

මේ සිදුවීම පිළිබඳ පරීක්ෂණ රහස් පොලිසියට බාරදී ඇත.

  web-3

01 03 04 05 07 08 09 12 14---Minister-Mahinda-Amaraweera 15--General-Secretary-.-Anura-Priyadarshana-Yapa 16-Speaker-Chamal-Rajapaksa 17



අදහස් (0)

නාමල්ගේ රැකවලා මෛත්‍රී ළඟටම ඇවිත් : ඉනේ පිස්තෝලයක්

සහන් Monday, 27 April 2015 12:39 PM

බල කාමයෙන් පෙලෙන පුද්ගලයන්ගෙන් ජනාධිපති තුමාව ආරක්ෂා කර ගැනීම හැමෝගෙම වගකීම. (ස)

:       0       0

චාමික ප්‍රදීප් Thursday, 30 April 2015 11:17 AM

නියම නායකයා මහින්ද මහත්තය (බ)

:       0       0

බණ්ඩාර Sunday, 26 April 2015 12:09 PM

තාත්තලා පුතාලට ඕනේ වෙලා තියෙන්නේ අායේ බලය ලබාගෙන රටේ ඉතුරු ටිකත් කන්න ම මෛත්‍රී ඔබ තුමාගේ ආරක්ෂාව වැඩිකරගන්න. රටේ යහපත වෙනුවෙන් (බ)

:       0       0

බර්නාඩ් පෙරේරා Monday, 27 April 2015 03:18 AM

මොකටද නාමල් බේබිට පිස්තෝල සමග ආරක්ෂකයන් ඉන්නේ. (ස)

:       0       0

නදුන් Sunday, 26 April 2015 01:04 PM

මිට වඩා ආරක්ෂාව පිළිබද සැලකිය යුතුය (බ)

:       0       0

අරවින්ද සේනානායක Monday, 27 April 2015 04:40 AM

රාජපක්ෂලාට ගරු උසාවියත් රටේ නීතියත් විහිලුවක්නේ..(බ)

:       0       0

බුද්ධි Sunday, 26 April 2015 01:54 PM

තාත්තා නිසා පොරක් උනු මේවගේ කබ්බෝ ගැනවත් ඔබතුමාගේ අවධානය නොමැතිනම්......!!! (බ)

:       0       0

පිවිතුරු යහපාල Sunday, 26 April 2015 01:56 PM

අධි ආරක්ෂක කලාප නැති රටේ ත්‍රස්ත බියක් නැති රටේ නිතිය සාධාරණත්වය සැමට ඉටු වෙන පාලකයෝ පාලිතයෝ හතරපෝයට සිල් ගන්න යහපාලනය පිරුණු රටේ මොකටද අනේ ජනාධිපති තුමාට මේ තරම් ආරක්ෂාවක්. ජනාධිපතිතුමාව ආරක්ෂා කරගන්නවනම් කරගන්න ඕන එතුමා ට අනතුරක් උනොත් ඊලගට ව්‍යස්තාව අනුව ජනපති වෙන්න ඉන්න කෙනාගෙන්..එයා කවුද කියල කට්ටිය දන්නවනේ..,(බ)

:       0       0

නාමල් වික්‍රමසිංහ Sunday, 26 April 2015 02:26 PM

කෝ දැන් ඔය පිස්තෝලේ කව්ද දැක්කේ. (බ)

:       0       0

සුනිල් Sunday, 26 April 2015 02:31 PM

මෙයා වගේ අය කව්රුවත් මරන්නේ නැහැ. (බ)

:       0       0

ඡයා Monday, 27 April 2015 06:16 AM

දැන් දැන් රටේ වෙන ඒවා නිකන් මෙගා ටෙලියක් වගේ. ලස්සනට කතා ගොතනවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 81 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 879 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site