රුපියල් මිලියන 15ක් හා රුපියල් මිලියන 30ක් වශයෙන් අයථා ගනුදෙනු දෙකක් ගැන මුදල් විශුද්ධිකරණය යටතේ කොළඹ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හා තවත් පස් දෙනකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොණු කළ නඩු දෙකක් කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය.
මෙම ගනුදෙනු සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩු පැවරීම ගැන නීතිපති ස්ථාවරය දැනගන්නා තුරු නඩුව කල් තැබිණි.
මෙහි සැකකරුවන් දෙදෙනකු වන ඉන්දික කරුණාජීව හා ඉරේෂා සිල්වා යන අය මෙම නඩුවෙන් පලාගොස් විදේශගතව සිටින බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට ඉන්ටපෝල් මගින් විවෘත වරෙන්තුවක් දෙන ලෙස එෆ්සීඅයිඩීය අධිකරණයෙන් ඉල්ලුවේය.එම ඉල්ලීම දිවුරුම් ප්‍රකාශයක් මගින් දැනුම් දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙම නඩුවේ සැකකරුවන් වන නාමල් රාජපක්ෂ,නිත්‍යා සේනානිනායක,සුජානි බෝගොල්ලාගම,සුදර්ශන බණ්ඩාර අධිකරණය හමුවේ පෙනී සිටියහ.ඔවුන්ට පෙර ඇප නියම විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාජුඩීන් ඝාතනය ගැන දැන් කිසි කතාවක් නැත්තේ මොකද? අනේ ඇයි අපිව මෙහෙම රවටන්නේ? (නි)
මේවා බලද්දී පොදු විපක්ෂේ කියන කතාව ඇත්තද කියලත් හිතෙනවා වෙලාවකට. බොරුවට නඩු දාලා පස්සේ අකුලාගන්නවා කියන කතාව (නි)
ඔහොම කල් දමා දමා යමු ලබන ඡන්දය දක්වා. ඡන්දෙට සති 2 කට විතර පෙර මේගොල්ලෝ වැලිකඩ රෝහලේ සතියක් විතර තබමු. මාංචු පෙන්වලා මාධ්‍ය සංදර්ශනයකුත් තබමු. අපි මේ පාර නම් නොරැවටෙමු (නි)
මේවයේ විපාක ඔය සමූපකාර ඡන්ද වලින් පෙනෙන්නේ හොඳට. (නි)
එයාලගේ නඩු කොහොමත් ඉතින් එහෙමනේ (නි)
ඔය නඩුවත් නිකම්ම විසිවෙලා යයි. (නි)
අපේ රටේ නීතිය ගැන පුදුම දුකක් ඇතිවෙන්නේ (නි)
නීතියක් රීතියක් තිබෙන රටක නම් මොවුන් ඉන්න ඕනෑ හිරේ යකඩ කූරු ගණන් කර කරයි.රටේ අවාසනාව තමයි. (නි)
ඔහොම 2020 වෙනකම් අල්ලගෙන යන්න. (නි)
මේකත් බැසිල් මහත්තයාගේ නඩුව වගේම වේවි. කල්යනවා. නඩුව අලුත් කරනවා. ඔහොම යනකොට නඩුවත් ඉල්ලා අස්කරගනීවී. නැත්නම් නඩුව අහක යාවි. (නි)
බලනකොට හොඳයි කියලා කියන්න කෙනෙක් නැහැනේ (නි)
අනේ මන්දා මෙහෙමත් මිනිස්සු! (නි)
පවුල් පිටින් හොරකම් කරලා වගේ. (නි)