
(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය ධූරයේ කටයුතු කළ සමයේ දී ජපානයේ සමාගමකින් අල්ලසක් ලබාගත් බවට ඉල්ලවූ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබ සිටී.
විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය ගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවේ සෙසු සාමාජිකයන් සෙසු සාමාජිකයන් ලෙස පත් කරනු ලැබ සිටින්නේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික්‍රමසිංහ සහ පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන එස්.එම්.ජී පෙරේරාය.
කමිටුවේ වාර්තාව ලබන 31 වෙනිදාට පෙර ජනාධිපතිවරයාට බාර දිය යුතුය.
චෝදනාව එල්ල වීමෙන් පසු පරීක්ෂණයකට අවස්ථාව ලබාදෙමින් නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒ අමාත්‍යධූරයෙන් පසුගියදා ඉල්ලා අස්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙික අල්ලස් ගත්තෙ අද ඉයෙ නෙමෙයි,දැන් අවුරුදු ගානක් තිස්සෙ ඔය වැඩේ කලා .,ඒක මෙකගෙ ජන්ම ගතිය . එන ඕන ආන්ඩුවකට හේත්තුවෙලා පගා කෙලින එක මේ යෝදයට සුලු කරුනක්.
උපන් ගෙයි කාඩයා, රට අපි බංකොළොත්... මේ අයට රජ සැප. වැසිකිළියේ වුණත් නිදාගන්න පුළුවන්...!
මෙතුමාට පොඩ්ඩක් ඇහැ පියවෙච්ච වෙලාවේ වෙන කවුරු හරි ගේමක් දීලද කොහෙද?
ඔය කමිටු ගැන කවර කතාඩ. බැදුම්කරේටත් 3 පුද්ලගල කමිටුවක් නෙ මුලින්ම පත් කලේ.
නිමල් කාලයක් නිවාස ඇමති වෙලා ඉන්න කාලේ සිමෙන්ති මුට්ට ගණන් ගිල්ලා කියලා රාවයක් තිබුණා.. දේශපාලුවන් ගැන නම් කවර කතාද? දන්නෝ හොඳාකාරවම දනිති.
බැඳුම්කරේ ලොකු හොරාව අල්ලන්නේ නැත්ද? හොරෙක් අල්ලන්න කොමිසමක් පත්කරලා..
අල්ලස ගත්තේ නැතුවට ඉල්ලුවනේ. අරගලය කළයුත්තේ මේ වංචනික දේශපාලනය අතුගා දැමීමටයි.
කවදාද රජයකි විදිහට හොරකම් කරලා අහුවුණු ඇමැතිවරුන්ට දඬුවම් කළේ..? පුළුවන් නම් එකෙකුට දඬුවම් කරලා රටට ආදර්ශයක් දෙන්න.. එතකොට රටේ මිනිස්සු අධිකරණ කටයුතු ගැන විශ්වාසයක් තියයි.