‘විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැති වීමේ හීනයකින් පෙළෙනවා. හැබැයි ඒ හීනය නම් හරි යන්නේ නෑ. ඔහු දවල්ට මිගෙල් ලෙස රඟපානවා. රෑට දැනියල් ලෙස රඟපානවා. දවල්ට මෛත්‍රීපාල හමුවෙනවා. රෑට මහින්ද හමුවෙනවා. ලබන ඡන්දෙන් එක්සත් ජාතික පක්ෂය දිනනවා. අගමැති රනිල් වික්‍රමසිංහයි. ඒක වෙනස් කරන්න අපිට බෑ. එතුමා කොහොමත් අගමැති. ‘ යැයි ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අද (12) පාර්ලිමේන්තුවේ දී කීවේය.
අද පාර්ලිමේන්තුව පැය එක හමාරකින් අවසන් විය.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘නිමල් සිරිපාලගෙ අගමැති හීනය හරියන්නේ නෑ‘
මැණිකා Saturday, 13 June 2015 06:28 AM
නිමල් මෙන්ම රනිල්ද අගමැතිවන්නේ නම් නැහැ. පාර්ලිමේන්තුවේ බහුතරයේ සිත දිනාගත් කෙනෙකුට අගමැතිකම හිමිවේ. (අ)
සුරන් Saturday, 13 June 2015 06:31 AM
ඔබ තුමාලාගේ හිතෙත් රනිල් මහත්තය එලවල අගමැති වීමේ ශිහිනය තියෙනවනේ (අ)
නන්දලාල්-ප්‍රංශය Saturday, 13 June 2015 10:09 PM
මේ ගොල්ලොන්ට දවල් හීන පේනවා වගෙයි.පන්සල්, කෝවිල්, දේවාල ගානේ පඬුරු තියමින්, පැරදුනු ජනාධිපති අගමැති වෙන්න වලිකනවා. (නි)
ජයනාත් Saturday, 13 June 2015 07:52 AM
මැණිකා මහත්මියනි. අගමැති තනතුර ඔබ කියන්නා වාගේ නිමල්, රනිල් පමණක් නොවයි සජිත්ට ලැබෙන්නෙත් නැහැ. (ස)
පාලිත පෙරේරා Friday, 12 June 2015 05:59 PM
සිරිපාල මහතාටයි සිහිනය බොහොම අලුත් නමුත් ඔබ තුමාගේ සිහිනය නම් බොහොම පැරනොයිඩ්. හැබැයි මේ ආත්මයේ නම් නොවේ. ඔබතුමා බරක්ස් කෙනෙක් නොවේ නමුත් ඉන්නේ නරක තැනක රට ගැන නොහිතන තැනක . රට පාවා දෙන්නන් සමග. (ස)
ප්‍රසන්න Sunday, 14 June 2015 03:25 AM
පිවිතුරු යහපාල, මට පෙනෙන්නේ මහානාම - කඳාන, පිවිතුරු යහපාල වගේම අපේ හිටපු මිතුර බන්දුල එකම කෙනාගේ අවතාරද කොහෙද? (නි)
යද්දෙහි ආරච්චි Saturday, 13 June 2015 09:52 AM
අනිල්,රනිල් වැනි අයකු ඔබට රට බේරාගත් වීර පුරුෂ අති උතුම් ලෙස පෙනෙනුයේ ඔබ ඒ වචනයන්ගේ අර්ථය නොදත් අඳබාලයකු නිසාද? (බ)
ඉන්දික Saturday, 13 June 2015 10:22 AM
රනිල්ගේ අගමැතිකම හීනයක්ම පමණි.ජනධිපති වෙන්න බැරි වුනා වගේම.කවුද ඡන්දෙ දෙන්නේ අගමැති වෙන්න? (ස)
අනිල් Friday, 12 June 2015 09:44 PM
මොන පක්ෂය ඡන්දෙන් දිනුවත් අගමැති වෙන්නේ අපේ රට බේරාගත් වීර පුරුෂ රනිල් අති උතුම් නායකතුමා.රනිල් උත්තමයාට ජයවේවා! (නි)
ජිත් Saturday, 13 June 2015 11:11 AM
දැන් හැම කෙනෙක්ම බලාගෙන ඉන්නේ අගමැති කම ගන්න,මොකද්ද මේ බල තණ්හාව .....මේ තනතුරු වලට උගත් තරුණ පිරිසක් පත් උනොත් හොද නැද්ද ...හැමදාම මේ පරණ මුණු දැකල අපිටනම් එපා වෙලා. (අ)
ප්‍රකාශ් Saturday, 13 June 2015 11:39 AM
හැමදාම පික්පොකට් ගහන්නද හදන්නේ. (අ)
ලක්ෂ්මන් ඩුබා යි Saturday, 13 June 2015 11:48 AM
හමුදා බුද්දි අංශයම පවා දුන්නේ රට බෙර ගන්නද? අර කොන්ටෙනර පෙට්ටි ටික පරීක්ෂා කරන්න රේගුවට ඉඩ නොදී මාරපන එක්ක එකතුවෙලා කොටින්ට බාරදුන්නේ රට බෙර ගන්නද එක ඇතුලේ තුබුන ගුවන් යානා වලින්මයි බෝම්බ දැම්මේ (අ)
සිල්වා Saturday, 13 June 2015 12:19 PM
රනිල් නෙවෙයි. මුළු සෙට් එකම 29 වැනි වතාවටත් ලොස්. (අ)
ප්‍රසන්න Saturday, 13 June 2015 12:31 PM
ඉන්දික අපිට මෙහෙම කියන්න බැරිද? මහින්දගේ අගමැතිකම හීනයක්ම පමණි.ජනධිපති වෙන්න බැරි වුනා වගේම.කවුද ඡන්දෙ දෙන්නේ අගමැති වෙන්න? (අ)
මනෝජ්ප්‍රිය Saturday, 13 June 2015 01:58 AM
රනිල් මහත්තයෝ, ඇසට පෙනෙන සතුරන්ට වඩා , මිතුරු වෙසින් ඉන්නා සතුරන් හඳුනාගන්න. බලය නොමැති කාලේ මෙතුමා බොහොම දෙගිඩියාවෙන් හිටියේ පනින්දෝ නොපනින්දෝ කියලා. ඔලුව අත ගගා ඉඳලා අනින ටොක්ක බොහොම රිදෙන්න පුළුවන් (නි)
ප්‍රසන්න Saturday, 13 June 2015 12:33 PM
මහානාම - කඳාන වචන පාවිච්චි කරනකොට තේරුම හොයල බලන්න...ඩයස්පෝරාවෙන් උදව් ගන්න එකේ මොකක්ද වැරැද්ද? අපේ ලංකාවේ ඩයස්පෝරාව කියන්නේ විදෙස්වල ජීවත්වෙන ලංකික පිරිස. (අ)
සුමිත් Saturday, 13 June 2015 02:35 AM
රනිල් මහත්තයෝ, දැන් නම් ලේසි වෙන්නෙ නැහැ (නි)
පෙරේරා Saturday, 13 June 2015 03:27 AM
ජනවරමින් අගමැති වීම සිහිනයක් පමණක් වේද? (නි)
සත්‍යයා Saturday, 13 June 2015 05:37 PM
දුෂිත දේශපාලඥයින්ගේ කිළිටිවූ දෑත් පිරිසිඳු වෙන්නේ බොළඳ හුදී ජනයාගේ මෝඩකම නමැති ජලයෙන්. අපේ සටකපට පාලකයෝත් මහන්සිවෙලා හරි මේ කියන ජලය ලබා දෙන්න නිරතුරුවම කටයුතු කරනවා. අනේ රටකට ගිය කල! (නි)
සමන් කුමාර Saturday, 13 June 2015 04:42 AM
පසුගිය කාලේ රනිල්ව පක්ෂ නායකත්වයෙන් පන්නන්න යන්නේ නැතුව තමුන්නාන්සේ ඔය දැන් කියන කතාව එදත් කිව්වා නම් මෙළහට රනිල් ජනාධිපති තමුන්නාන්සේ අගමැති වෙන්න තිබුන. (අ)
පිවිතුරු යහපාල Saturday, 13 June 2015 06:21 PM
ඇත්තද ප්‍රසන්න මහත්තයෝ..අපි දන්නේ නැහැනේ..කවුද ඔයාට කිව්වේ.(නදී)
මහානාම - කඳාන Saturday, 13 June 2015 05:30 AM
රනිල් මහතා නම් වැරදි කෙනෙක් නොවේ. නමුත් පරාජයේ ගිලි උන්න එජාපෙ දිනන්න ඩයස්පෝරාවෙන් උදව් ගන්නවා පමණි. එජාපෙ දිනුම වෙනුවෙන් රනිල් මහතා ඕනේ දෙයක් කරාවි 2002 වගේ. (බ)