‘විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැති වීමේ හීනයකින් පෙළෙනවා. හැබැයි ඒ හීනය නම් හරි යන්නේ නෑ. ඔහු දවල්ට මිගෙල් ලෙස රඟපානවා. රෑට දැනියල් ලෙස රඟපානවා. දවල්ට මෛත්‍රීපාල හමුවෙනවා. රෑට මහින්ද හමුවෙනවා. ලබන ඡන්දෙන් එක්සත් ජාතික පක්ෂය දිනනවා. අගමැති රනිල් වික්‍රමසිංහයි. ඒක වෙනස් කරන්න අපිට බෑ. එතුමා කොහොමත් අගමැති. ‘ යැයි ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අද (12) පාර්ලිමේන්තුවේ දී කීවේය.
අද පාර්ලිමේන්තුව පැය එක හමාරකින් අවසන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිමල් මෙන්ම රනිල්ද අගමැතිවන්නේ නම් නැහැ. පාර්ලිමේන්තුවේ බහුතරයේ සිත දිනාගත් කෙනෙකුට අගමැතිකම හිමිවේ. (අ)
ඔබ තුමාලාගේ හිතෙත් රනිල් මහත්තය එලවල අගමැති වීමේ ශිහිනය තියෙනවනේ (අ)
මේ ගොල්ලොන්ට දවල් හීන පේනවා වගෙයි.පන්සල්, කෝවිල්, දේවාල ගානේ පඬුරු තියමින්, පැරදුනු ජනාධිපති අගමැති වෙන්න වලිකනවා. (නි)
මැණිකා මහත්මියනි. අගමැති තනතුර ඔබ කියන්නා වාගේ නිමල්, රනිල් පමණක් නොවයි සජිත්ට ලැබෙන්නෙත් නැහැ. (ස)
සිරිපාල මහතාටයි සිහිනය බොහොම අලුත් නමුත් ඔබ තුමාගේ සිහිනය නම් බොහොම පැරනොයිඩ්. හැබැයි මේ ආත්මයේ නම් නොවේ. ඔබතුමා බරක්ස් කෙනෙක් නොවේ නමුත් ඉන්නේ නරක තැනක රට ගැන නොහිතන තැනක . රට පාවා දෙන්නන් සමග. (ස)
පිවිතුරු යහපාල, මට පෙනෙන්නේ මහානාම - කඳාන, පිවිතුරු යහපාල වගේම අපේ හිටපු මිතුර බන්දුල එකම කෙනාගේ අවතාරද කොහෙද? (නි)
අනිල්,රනිල් වැනි අයකු ඔබට රට බේරාගත් වීර පුරුෂ අති උතුම් ලෙස පෙනෙනුයේ ඔබ ඒ වචනයන්ගේ අර්ථය නොදත් අඳබාලයකු නිසාද? (බ)
රනිල්ගේ අගමැතිකම හීනයක්ම පමණි.ජනධිපති වෙන්න බැරි වුනා වගේම.කවුද ඡන්දෙ දෙන්නේ අගමැති වෙන්න? (ස)
මොන පක්ෂය ඡන්දෙන් දිනුවත් අගමැති වෙන්නේ අපේ රට බේරාගත් වීර පුරුෂ රනිල් අති උතුම් නායකතුමා.රනිල් උත්තමයාට ජයවේවා! (නි)
දැන් හැම කෙනෙක්ම බලාගෙන ඉන්නේ අගමැති කම ගන්න,මොකද්ද මේ බල තණ්හාව .....මේ තනතුරු වලට උගත් තරුණ පිරිසක් පත් උනොත් හොද නැද්ද ...හැමදාම මේ පරණ මුණු දැකල අපිටනම් එපා වෙලා. (අ)
හැමදාම පික්පොකට් ගහන්නද හදන්නේ. (අ)
හමුදා බුද්දි අංශයම පවා දුන්නේ රට බෙර ගන්නද? අර කොන්ටෙනර පෙට්ටි ටික පරීක්ෂා කරන්න රේගුවට ඉඩ නොදී මාරපන එක්ක එකතුවෙලා කොටින්ට බාරදුන්නේ රට බෙර ගන්නද එක ඇතුලේ තුබුන ගුවන් යානා වලින්මයි බෝම්බ දැම්මේ (අ)
රනිල් නෙවෙයි. මුළු සෙට් එකම 29 වැනි වතාවටත් ලොස්. (අ)
ඉන්දික අපිට මෙහෙම කියන්න බැරිද? මහින්දගේ අගමැතිකම හීනයක්ම පමණි.ජනධිපති වෙන්න බැරි වුනා වගේම.කවුද ඡන්දෙ දෙන්නේ අගමැති වෙන්න? (අ)
රනිල් මහත්තයෝ, ඇසට පෙනෙන සතුරන්ට වඩා , මිතුරු වෙසින් ඉන්නා සතුරන් හඳුනාගන්න. බලය නොමැති කාලේ මෙතුමා බොහොම දෙගිඩියාවෙන් හිටියේ පනින්දෝ නොපනින්දෝ කියලා. ඔලුව අත ගගා ඉඳලා අනින ටොක්ක බොහොම රිදෙන්න පුළුවන් (නි)
මහානාම - කඳාන වචන පාවිච්චි කරනකොට තේරුම හොයල බලන්න...ඩයස්පෝරාවෙන් උදව් ගන්න එකේ මොකක්ද වැරැද්ද? අපේ ලංකාවේ ඩයස්පෝරාව කියන්නේ විදෙස්වල ජීවත්වෙන ලංකික පිරිස. (අ)
රනිල් මහත්තයෝ, දැන් නම් ලේසි වෙන්නෙ නැහැ (නි)
ජනවරමින් අගමැති වීම සිහිනයක් පමණක් වේද? (නි)
දුෂිත දේශපාලඥයින්ගේ කිළිටිවූ දෑත් පිරිසිඳු වෙන්නේ බොළඳ හුදී ජනයාගේ මෝඩකම නමැති ජලයෙන්. අපේ සටකපට පාලකයෝත් මහන්සිවෙලා හරි මේ කියන ජලය ලබා දෙන්න නිරතුරුවම කටයුතු කරනවා. අනේ රටකට ගිය කල! (නි)
පසුගිය කාලේ රනිල්ව පක්ෂ නායකත්වයෙන් පන්නන්න යන්නේ නැතුව තමුන්නාන්සේ ඔය දැන් කියන කතාව එදත් කිව්වා නම් මෙළහට රනිල් ජනාධිපති තමුන්නාන්සේ අගමැති වෙන්න තිබුන. (අ)
ඇත්තද ප්‍රසන්න මහත්තයෝ..අපි දන්නේ නැහැනේ..කවුද ඔයාට කිව්වේ.(නදී)
රනිල් මහතා නම් වැරදි කෙනෙක් නොවේ. නමුත් පරාජයේ ගිලි උන්න එජාපෙ දිනන්න ඩයස්පෝරාවෙන් උදව් ගන්නවා පමණි. එජාපෙ දිනුම වෙනුවෙන් රනිල් මහතා ඕනේ දෙයක් කරාවි 2002 වගේ. (බ)