IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නොමිලේ වයිෆයි කොළඹ කොටුවෙන්

මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ දින සියයේ වැඩසටහනේ පොරොන්දුවක් පරිදි රටපුරා නොමිලේ වයිෆයි කලාප ඇති කිරීම අරඹමින් අද (30) කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වයිෆයි නිදහස් කලාපයක් ආරම්භ කෙරිණි.

විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර, අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර හා විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති අජිත් පී.පෙරේරා යන මහත්වරුන්ද උත්සවයට එක්වූහ.

කොළඹට අමතරව යාපනය, ගාල්ල, මාතර, පොළොන්නරුව හා රත්නපුර නගරවලද තවත් ස්ථාන විස්සක පමණද නිදහස් වයි ෆයි කලාප ආරම්භ වීමට නියමිතය. පළමු වටයේදී කොළඹ හා යාපනයට නිදහස් වයි ෆයි කලාප ලබාදීම අද ඇරඹුණු අතර රට පුරා සියලු දිස්ත්‍රික්කවල ජනානුපාතය අනුව ඉදිරියේදී මෙම කලාප ඇතිකරන බව රජය කියයි.

ආරම්භයක් ලෙස තත්පරයට කිලෝ බයිට් 512 ක වේගයකින් යුතුව මෙගා බයිට් 100ක සීමාවකට යටත්ව ස්ථාන දහසකදී නිදහස් වයි ෆයි පහසුකම් සැපයේ.

ඉන්දීය හිටපු අගමැති මන්මෝහන් සිං මෙන්ම වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි ද නව තාක්ෂණය සම්බන්ධයෙන් දැඩි ප්‍රායෝගික උනන්දුවක් දක්වති.

 

DSC_5096 DSC_5099 DSC_5122 DSC_5130 DSC_5142 DSC_5163 DSC_5180 DSC_5187 DSC_5243 DSC_5262 DSC_5267 DSC_5280 DSC_5285 DSC_5295

ඡායාරූප - ශාන්ත රත්නායක

 



අදහස් (0)

නොමිලේ වයිෆයි කොළඹ කොටුවෙන්

නිලන්ත අබේසිංහ Tuesday, 31 March 2015 03:28 AM

ඉතිහාසය වෙනස් කල යෝධ පියවරක් , තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් වල සංවර්ධනය මෙසේ සිදුවනවා වගේම එහි භාවිතය පිළිබද මානව සම්පත් ජාලගත කිරීම හා ඔවුනගේ ආකල්පමය වෙනසක් ඇති කල යුතුය. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 67 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site