සනත් ගමගේ
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස රැගත් බන්ධනාගාර බස් රථයට තංගල්ලට යෑමට නොහැකි වන පරිදි පිරිසක් හම්බන්තොට ගුවන් පාලම ආසන්නයේ පාර මැද ටයර් පුළුස්සා තිබිණි.
පොලිස් විශේෂ කාර්ය බළකාය පැමිණ ගිනි ගනිමින් තිබෙන ටයර් නිවමින් පාර අයිනට අැද බස් රථයට යෑමට ඉඩ සලසා දුන්නේය.
බස් රථය ගිය පසු පොලිසිය සහ විශේෂ කාර්ය බළකා සාමාජිකයෝ පිළිසෙන්න ටයර් නිවමින් සිටිති.
ප්රදේශයේ ආරක්ෂාව තර කර ඇතැයි පොලිස් ආරංචි කියයි.
(ඡායාරූප සනත් ගමගේ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමල් රැගත් බසය නවත්වන්න හම්බන්තොට ටයර් පිලිස්සුවේ බසය නැවැත්වූ පසු සිරකරුවන් බේරා ගැනීම සඳහාද ? කවුද මේ වීරකම කරේ ? අනේ මෙහෙම මොට්ට රාළලා ඉන්නේ හම්බන්තොට පැත්තේ විතරක් වෙන්න ඇති.
මුදල් ගෙවා කුලියට ගන්න දුප්පත් මිනිස්සු ඕන තරම් තංගල්ලේ ඉන්නවා. ඒ සඳහා ඇති තරම් ප්රතිපාදනත් රාජපක්ෂලා ළඟ තියෙනවා. පාර හරහා ටයර් දමා නිදහස් කරගන්නම වටින චරිතයක්.
රටේ නීතියක් තියෙන්න ඕන.. මෙහෙම වැරදී කාරයන් ව අත්අඩංගුවට ගත්තා ම වෙන අයට ටයර් පුච්චන්න පාරවල් අවහිර කරන්න දෙන්න බැහැ. ඒ අයවත් අත්අඩංගුව ට ගන්න ඕන. රටේ අද නීතියක් තියනවා. ආණ්ඩුව ට උදව් කරපු අයවත් අද හිරේ දාලා. ඉස්සර එහෙම තිබුනේ නැහැ. අපි එ්ක ට මේ ආණ්ඩුව ට කැමතියි.
ටයර් එක්ක අර බන්ධනාගාරයේ තැන්පත් කරලා තියන මෙට්රස් එකත් පිච්චුවනම් තමා හොඳ.
රටේ ජනතාවගේ ධනය කොල්ල කාපු නීතියට අවනත නොවී බලය පෙන්වන යන ඕනේ එකෙක් මේ විදිහටම කුඩු කරන්න ඕනේ....... එකට ගිහි පැවිදි භේද ඕනේ නෑ ටයර් පුළුස්සපු උන් ටිකත් අල්ලා කූඩු කරන්න..... එක එක නරින්ට ඕනේ විදිහට රට පාලනය කරන්න බෑ..... අද රටේ නීතියක් තියෙනවා ......
මේ මිනිසුන් මෙතරම් මෝඩ උනේ කොහොමද?
ඔහොම යමු .. දැන් නවතන්න ඕනේ දුෂකයන් අත්අඩංගුවට ගත්විට ඔවුන් වෙනුවෙන් උසාවි පොලිසි අසල දඟලන හිවල් ක්රමය ...
ඔය ටයර් සංස්කෘතිය අරම්බ උනේ බටලන්න්ද වදකාගරේ තිබුන කාලෙනේ එදා ටයර් දාලා ගිනි තියල මරපු පක්ෂයේ අයත් ඒගොල්ලන්න්ට එකතු වෙලා. පුදුම සංහිදියාවක්
අර වහල්ලු කතාව ඇත්ත නේන්නම් කියල හිතෙන්නේ නැද්ද? මේවා දකින කොට. නිකන් නොවෙයිනේ ලොක්ක බයියෝ කතාවත් කිව්වේ නේද? .
අපරාදේඑස්.ටී.එෆ් කට්ටිය ගින්න නිව්වේ ... පැය 3-4ක් බස් එකේම තියන්න තිබ්බේ යන්න පුළුවන් වෙනකල්....කොහොමද වතුරවත් නැතුව ඉන්නකොට... දැන් සැපද කියල අහන්න තිබ්බා....