නිමන්ති රණසිංහ
ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයයේ පාඨමාලා සම්බන්ධීකාරකවරයාව සිටි මාධ්‍යවේදී නාමල් පෙරේරා මහතාට පහර දී පැහැරගෙන යෑමට තැත් කළැයි සිද්ධියට අදාලව පැවැති හඳුනා ගැනීමේ පෙරට්ටුවේ දී සැකකරුවන් දෙදෙනකු හඳුනා ගැනීමට නාමල් පෙරේරා මහතා සමත් විය.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් (වැඩබලන) චන්ද්‍රා ලියනආරච්චි මහතා ඉදිරියේ පෙරට්ටුව පැවැත්විණි.
මරදාන ට්‍රිපොලි යුද හමුදා කඳවුරේ බුද්ධි අනු කණ්ඩයේ සැකකාර මේජර් ඇතුළු හය දෙනා ඇතුළු 48 දෙනෙක් හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කරනු ලැබූහ.
එහි දී දෙවැනි සැකකරු සහ තෙවැනි සැකකරු හඳුනා ගනු ලැබිණි.
ඒ අනුව දෙවැනි සැකකාර කෝප්‍රල් හේමචන්ද්‍ර පෙරේරා සහ තෙවැනි සැකකාර කෝප්‍රල් ප්‍රභාත් දුමින්ද වීරරත්න ලබන 26 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස ලංකා ජයරත්න මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. පෙරට්ටුවේදී හඳුනා නොගත් මේජර් ප්‍රභාත් සීවලී බණ්ඩාරනායක දිසානායක බුලත්වත්ත, ලසන්ත විමලවීර, නිශාන්ත ජයතිලක සහ නිශාන්ත කුමාර යන සැකකාර කෝප්‍රල්වරු ඇප මත මුදා හරිනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධි අංශය කියන නමටත් නිගකරන සොල්දාදුවෝ...