බදුල්ල දිස්ත්‍රික්කයේ කැබිනට් ඇමැතිවරුන් දෙදෙනකු නියෝජනය කරන ආසන දෙකක බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයට අහිමි විය. වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතාගේ බදුල්ල ආසනය ඡන්ද 6098 කින් ද හා විදේශ සේවා ඇමැති ඩිලාන් පෙරේරා මහතාගේ හාලි ඇළ ආසනය ඡන්ද 2796 කින් ද එක්සත් ජාතික පක්ෂයට හිමි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ කරලා තිබුනා නම් මෙහෙම වෙන්නෙ නැහැ. දැන්වත් ජනතාව අතරට ඇවිත් බලන්න. (නදී)
කෝ ඉල්ලීම් ලැබුනද?දැන්වත් පාරට බහිමු (නි)
දෙන්නම කරපු දේවල් වලට තමයි (නදී)
එක්සත් ජනතා සංධානයට ඡන්දෙ දුන්න අයට දැන් කන්න හම්බවෙයි...සමහරුන්ට පාන් කියාගන්න බැහැ.ඉන්නේ පැල්පතේ .(අ)
මේ අයගේ කෙරුවාව විතරයි. හොඳ වැඩේ පැරදුන එක. (නදී)
කොහොම කීවත් ආණ්ඩුවට දැන් රතු එලිය වැටිලා තියෙන්නේ ලගදීම ගෙදර යනවා. යු එන් පි ආණ්ඩුවක් අපිට ඕනි දැන් එකම බලපොරෝතුව. (නදී)
අපිට ඕන දෙයක් කරන්න පුළුවන් කියල හිතාගෙන හිටියට දැන් මොකද උනේ. (නදී)
ඊළඟ මහා මැතිවරණයේදී තවත් බුද්ධිමත් වන්නට බදුල්ල ජනතාවට හැකිවේවා! (නි)
ඕනෙම දෙයක් සීමාව ඉක්මවා යාමෙන් අයහපත් ප්‍රතිපල තමා ලැබෙන්නේ. එජාපය පැරදුනාට ඔවුන් මේ වනවිට විශාල ජයග්‍රහණයක් හිමිකරගෙන සිටිනවා. ජනතා අප්‍රසාදය මේ රජයට දැන් මතුවෙමින් තිබෙනවා. මා ප්‍රබල ශ්‍රී.ල.නි.ප වුනත් අද බොහොම සතුටුවෙනවා. මොකද මේ මැතිවරණ ව්‍යාපාරය තුල විරුද්ධ පාක්ෂිකයින්ට ඉතාමත් නින්දිත ලෙස නොයෙක් නොයෙක් මැර ප්‍රහාර එල්ල වුනා නොයෙක් නොයෙක් බාධා ඇතිවුනා. ඔවුන් ඉවසීමෙන් කටයුතු කිරීම තුලින් මේ ජයග්‍රහණය ඔවුන්ට ලබා ගැනීමට හැකිවුනා. සාධාරණ ලෙස ඔවුන්ට තම මැතිවරණ කටයුතු කරගන්න බැරිවුනා. ජනතාව දැන් දැන් අසාධාරණයට විරුද්ධව නැගී සිටිනු දකින්න හරිම සතුටුයි.(නදී)
මේ අය හිතාගෙන හිටියේ දිනන්න වැඩකරන්න ඕනේ නැහැ කතාව තිබුනොත් ඇති කියලා (නදී)
මෙය විශාල පෙරලියක ආරම්භයම සිතන්නට ජනතාවට පනිවුඩයකි. එයට තදබල හේතුවක් ඇත. රාජපකෂ පවුලේ අයකුටම මෙසේ පිළිතුරු දීම ජනපතිවරණයට ලොකු අභියෝගයකි. ආන්ඩුවේ බල කනු දෙකක ආසන පරාද වී ඇත. ජෙනරාල් මාධ්‍ය මගින් ඡන්ද ප්‍රචාරක කටයුතු නොකිරීමෙන් රජයට වාසි වී ඇත (නදී)
මේ අය දැන් අවලංගු උන කාසි තරමට වැටිලා නිසා අයින් වෙලා දැන් අලුත් අයට ඉඩදෙන එක තමා හොද. (නදී)
ඒක ඇත්ත තමයි රූපා අක්කේ (නදී)
දෙන්නම එකම පාරේ යන්නේ කියලා අාරංච්යි. ඉතින් ඡන්ද වැඩ කරන්න වෙලාව නැතිව ඇති. කොහොම හරි දෙන්නවම ලබන පාර ගෙදර යවමු (නදී)
කාටද මන්දා ඔෆිස් කාමරෙයි නිදියන කාමරෙයි මාරුවුණා කියල අාරංචිත් වුනානේ (නදී)
වැපිරූ දේට අස්වැන්න ලැබී ඇත. (නි)
මාළුවා නහින්නේ කට හින්දා කියනවනේ! (නි)
ඡන්දෙ ගන්නකල් බොරු කියන, අරගෙනත් බොරු කියන මහත්වරුන්ට හොඳ පාඩමක්. (නි)
මේ දෙන්නාගැන කියන කොට වික්ටර් රත්නායක මහතාගේ මේ ගීතය මතක් වුනා. ''ලිඳෙන් වතුරබීලා එයින්වතුර නාලා ලිඳට ගල්ගසාලා වතුරබොරකරයි මිනිසා...'' මේ දෙන්නාම අපිට කළේ මේ දෙයම තමයි.. මහා ඡන්දයක් එනතුරු අපි බලන් ඉන්නේ මෙයාලාට කලගුණ සලකන්න..(අ)
ලංකාවේ සමහර ඇමතිවරුන්ට තිබෙන ජනතා කැමැත්ත මේකෙන්ම තේරෙනවා (නි)
තමන්ගේ තරම දෙන්න්ම් ඇමතිලා දෙන්නටම දැනිල ඇති හොදටම්. (ස)
දෙන්නම් බැටේ කියලාම මිනිස්සු දීලා තියනවා. (නි)
හරින්ට සහ ජයන්තට සුභ පැතුම් (නදී)
මමත් හොඳ ශ්‍රී ලංකා කාරයෙක්. එත් මේ අය පැරදෙන්නම ඕනේ. බලමු දැන්වත් වැඩ කරයිද කියලා (නදී)
මෙයාල හිතන් ඉන්නේ මේ ගොල්ල කියන සේරම දේවල් පිලිගන්න ඕනා කියලා. දෙන්නගෙම පැටිකිරිය මිනිස්සු හොඳට දන්නවා. ඊළඟ ඡන්දයේදී මෙයාලට මිනිස්සු පැන්සන් දේවි. (නදී)
මෙයාල වෙන වැඩ කළා මිසක් ආසනයට වැඩක් කලේ නැහැ කියල මිනිස්සුන්ට දැන් තේරිලා. (නදී)
ඩිලාන් ඇමති ගැහැණු ටික රට පටවලා රට විරුවෝ කියල ලස්සන නමකින් දාලා හිතාගෙන ඉන්නවා ඇති අපි ලංකාවේ ඉන්න ඔක්කොමලා ආණ්ඩුවට කියලා. (නදී)
සරත්, මේ දෙදෙනාම රාජපක්ෂ පවුලේ සාමාජිකයින් නොවේ. මෙය රජය පෙරලන රැල්ලක් හෝ ඔබ කියන විදියේ පෙරළියක පණිවිඩයක් නම් අඩුගනනේ දිස්ත්‍රික්කයක් වත් පැරදිය යුතුය. ජෙනරාල්ගේ වලංගු භාවය තිබුනේ සිරගෙයිදී පමණි. එදා ඔහු සමග සිටියවුන් ...මංගල..අර්ජුන ටිරාන් ජවිපෙ යු එන පී.ටී එන ඒ පමණක් නොව ඔහුගේ ලේකම්වරු පවා අද ඔහු අතහැර ගොස්ය. නමුත් මෙය ආණ්ඩුවේ ඇතැම් අත්තනෝමතික ක්‍රියා දාමයන්ට නම් රිදෙන පිළිතුරකි. ව මේ රටේ රජයක් පිහිටවනවා නම් ඒ යු.එන්.පිය පමණකි. (නදී)
මෙහෙම තමා අනෙක් අයටත් කරන්න තියෙන්නේ. හොද පාඩමක් අනිත් අයටත්. දැන්වත් ජනතාවට සේවයක් කරන්න අනිත් අයත් හිතට ගන්න . හැමදාම රජ කරන්න බැහැනේ. බලයට එන්නේ නිකන් ඉන්න නෙමෙයිනේ. ඔය වගේ කපා හරින්න තව ගොඩක් අය ඉන්නවා. අර කුඩු කාරයෝ,පාතාල නායකයෝ,හොරු,මංකොල්ල කාරයෝ. ජනතාව වෙලාව ආවම ඔයවගේ ප්‍රතිචාර දක්වයි. ආණ්ඩුවට මේ ජන්දයෙන් හිතන්න දෙයක් තියෙනවා ඔය වටේ ඉන්න හොරු ටික පන්නල දාන්න. බොරුවට මන්ත්‍රීලා ගොඩක් තියාගෙන ඉන්නේ නැතුව වැඩක් කරන ටික දෙනෙක් තියා ගන්න. (නදී)
බුද්ධිමත් ඌව ජනතාවට හිසනමා ආචාර කරමි (නි)
කළ හොඳ පස්සෙන් එනවා කියන්නේ මේකට වෙන්න ඇති (නි)
ජනාධිපතිතුමණි කොහොමද ඔබ තුමාගේ කැබිනට් ඇමති වරුන්ට ආසනවලින් සලකලා තියෙන අන්දම. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ (නදී)
හොඳ වැඩේ වෙන වෙන දේවල් කළා මිසක් රටට වැඩක් කලේ නෑහැනේ (නදී)
හොදම වැඩේ. මේ ලියපු ප‍්‍රතිචාරය දමයිද කියා මට සැකයක් තියනවා. (නදී)
තවම පටන් ගත්තා විතරයි , හරීන් දිනුම් (නදී)
ඇත්තම කියනවා නම් මේ දෙන්නම නිතිය දන්නා වූ දෙදෙනෙකුයි කියති. නමුත් ලයිමකට නිකමටවත් මිරිවැඩිසඟල තබා ඇවිද නැත. බදුල්ල ඡන්දෙට මේ දෙන්න නොගියා නම් තවත් කියක් හෝ වැඩි කරගන්නට තිබුණි. මෙයාලාගේ වැඩ කිරීමේ ක්‍රමවේදය හඳුනන බදුල්ල ජනතාව කොළ බොක්කටම ඇනපු බව පෙනේ. ජනාධිපතිතුමනි! මේ සමගම ඇමති මණ්ඩල මාරුවකට නොව සංශෝධනයකට යනු මැනව (නදී)
අවසානයක ආරම්භය? (නදී)
සදුනි - සරත් මහතා කියා ඇත්තේ රාජපක්ෂ පව්ලේ ශෂින්ද්‍ර රාජපක්ෂ ගැන. මෙය රජය පෙරන රැල්ලක් ද නැද්ද යන්න තවම තීරණය කල නොහැකිය. නමුත් මොනරාගල, බදුල්ල වැනි දිස්ත්‍රික්ක වලින් මෙහෙම ආණ්ඩුවට ඡන්ද අඩු වෙනවා නම් බස්නාහිර, දකුණ, මධ්‍යම වගේ පළාත් වලින් ආණ්ඩුවට තියන අවස්ථා බොහොම අඩු වෙන බව කිව හැකිය (නදී)
ඈවරයි දෑවරයි තුන් ඈවරයි තීන්දුයි නිවාරනයි (නදී)
සදුනිගේ කතාව හරි. මේ රටේ විකල්ප රජයක් පිහිටුවනවා නම් ඒ එජාපය පමණයි. ෆොන්සේකා මහතා වගේම ජවිපෙ අයත් මෙම තිත්ත ඇත්ත තේරුම්ගෙන ඒකාබද්ද විපක්ෂයක් හැදුවොත් පමණක් සන්දානයට තරඟයක් දියහැකියි. නැත්නම් මෙයාල කරන්නේ නිකන් ඡන්ද අපතේ යැවීම පමණයි. (නදී)
සඳුනි නම් ඔබටයි. කාර් එකට නැගල හොඳට පදවාගෙන ඇවිල්ල දැම්ම නේද කුණු කාණුවටම. (නදී)
මම හිතන්නේ බදුල්ලේ හා හාලි ඇල ජනතාව බුද්ධිමත් (නදී)
නමට කැබිනට් ඇමති, ජනතාවට වැඩකරන්න මුදල් නෑ, බලය නෑ, නමුත් මේ ඇමතිවරු දෙදෙනා පළපුරුදු උගත්, බුද්ධිමත් දක්ෂ ඇමතිවරු දෙපලක්. බලය මුදල් එක තැනකට ගුලිවෙනකොට මෙවන් ප්‍රතිපල අරුමයක් නොවෙයි. තව ඉදිරියේදී මෙය ව්‍යාප්ත වනු ඇත. එළිවෙන ජමෙටලු හොඳ, හොඳ සෙල්ලම්. අපි බලාගෙන ඉඳිමු, එලිපත්තට වී මා ද බලා සිටිමි. (නදී)
සම්පත් වටින කතාවක්. දෙන්නටම කන්නවෙයි (නදී)
රජයට ටිකක් රිදෙන්න මේපාර මැතිවරණයෙන් මිනිස්සු කරපුදේ මම අගය කරනවා. කොච්චර සංවර්දනය කරනවා කිවත් මිනිස්සු තවමත් තුන් වේලෙන් එක වේලක් හොදට කන්නේ නැතිව දුක් විදිනවා. එ්ක සන්දාන ආණ්ඩුවට තේරෙන්නේ නැහැ. (නදී)
මෙලෝ රහක් නැති දේශපාලනේ...කොයි කවුරුත් බලන්නෙ තමන්ගෙ මඩිය පුරවගන්න තමයි...පොඩි එකාට සලකල හිතල වැඩ කරන එකෙක්වත් නෑ... (ස)
දොඹෙන් දෙනවා කියල කියන්නේ මේකටද ? (නදී)
වැඩකට නැති කෛයිවාරු ගහන දෙන්නෙක්. අයින් වෙනවා නම් හොඳයි (නදී)
හාලි ඇළ, ඉන්න ජනතාවට දැන්නම් මොලේ පෑදිලා වගේ (නදී)
රට කාපු අයගේ කාලේ දැන් අවසාන වේගන එන්නේ (අ)
රටේ රජයක් පිහිටවනවා නම් ඒ යු.එන්.පිය පමණකි. එතකොට යු එන් පි එක 2008 දී අර කණ්ඩායමකට පොරොන්දු උන ඒවා ? (නදී)
දෙන්නම පමනට වැඩිය හිතට අරන් හිටියේ (නදී)
අධිවේගී මාර්ග, නගර අලංකාර, සිමා කර ගමේ ගොඩේ පාරවල් ටික අලුත් වැඩියා කරදී , දුප්පත් ගොවියා ගැන සිතුවා නම් වඩා හොද බව මේ අය තේරුම් ගත යුතුය. නමුත් ජනතාව කරන්නෙත් එකම අච්චාරුවේ මුට්ටිය මාරු කිරීම පමණයි. (නදී)
කොහොමටත් සිරිපාල මහත්තයට ලොකු මහත්තයා කැමති නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නිසා. ඒ නිසා ට පාඩමක් උගන්නන්න තමයි ඕක කරේ. දිලාන්ට නම් ඉතින් ලබන සැරේ ඇපත් නැහැ (නදී)
බෞද්ධයන්ට වලකපන මෙවැනි දේශපාලුවන්ගේ දේශපාලන ජීවිතය අවසන් කරන්නට ජනතාව ලබාදුන් තීන්දුවට අපේ ප්‍රණාමය(අ)
මහත්මාගතිය නම් ඉල්ලා අස්වෙන්න. (අ)