ඇමෙරිකාවේ සී.බී.එස් රූපවාහිනී නාලිකාවේ විකාශය වූ ''සර්වයිවර්'' නමැති ලෝක ප්‍රසිද්ධ රියලිටි තරගාවලියට සහභාගී වී එහි කිරුළ හිමි කරගනිමින් ඇමරිකානු ඩොලර් මිලියනයක් (රුපියල් කෝටි 13 ක්) හිමිකරගත් ශ්‍රී ලාංකික යුවතිය වු නටාලි ඇන්ඩර්සන් සහ ඇගේ නිවුන් සොයුරිය නාදියා ඇන්ඩර්සන් අද අලුයම දිවයිනට පැමිණියහ.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී ඔවුහු උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.
නටාලි ඇන්ඩර්සන් සහ නාදියා ඇන්ඩර්සන් නම් වු මෙම ශ්‍රී ලංකික නිවුන් සහෝදරියන් දෙදෙනාම මෙම රියලිටි තරගයට ඉදිරිපත් වු අතර නාදියාට තරගාවලියේ මුල් අවස්ථාවේදීම ඉන් ඉවත්වීමට සිදු විය. එහෙත් දින 39 තිස්සේ විවිධ අභියෝග වලට සාර්ථකව මුහුණ දෙමින් එම රියලිටි තරගය ජයගැනීමට නටාලි ඇන්ඩර්සන්ට හැකිවිය.
එම තරඟය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ඇයට ඇමෙරිකානු ඩොලර් මිලියනයක (රුපියල් කෝටි 13) මුදලක් තෑගී ලෙස ලැබුණු බව ඇය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී පැවසු අතර ඉන් විශාල මුදලක් ශ්‍රී ලාංකාවේ දුප්පත් දරුවන් වෙනුවෙන් වැය කිරීමට බලාපොරොත්තු වන බවද කීවාය.
ශ්‍රී ලංකාවට බොහෝ ආදරය කරන බව කියන මෙම නිවුන් සොයුරියෝ තම දෑත් වල වැලමිටට පහතින් ශ්‍රී ලංකා සිතියම පච්චා කොටා ඇති අයුරුද පෙන්වුහ.
නටාලි සහ නාදියා යන දෙදෙනාම ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඉපදී ඇති අතර පසුව ඔවුන් වයස අවුරුදු 3 දී පමණ ශ්‍රී ලංකාවට පැමිණ ඇත. යළි ඔවුන් වයස අවුරුදු 10 යේදී පමණ යළි දෙමව්පියන් සමග ඇමරිකාවට ගොස් අධ්‍යාපන කටයුතුවල නිරත වී ඇත.
නටාලි මේ වන විට ව්‍යාපාර කළමනාකරණය පිළිබද උපාධියක් ලබා සිටින්නීය. අතර ඇය භෞත චිකිත්සාව පිළිබද වැඩිදුර අධ්‍යාපනය ලබන යුවතියකි. නාදියා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් ලබා සිටින්නීය. ඇය ව්‍යාපෘති සම්බන්ධීකාරකවරියක් ලෙස රැකියාව කරයි.
කුඩා කල සිටම දුෂ්කර රියලිටි වැඩසටහන් ගැන උන්නදුවක් දක්වා ඇති මෙම අපුරු නිවුන් සොහොයුරියෝ 2012 වසරේදීද ‘ඇමේසින් රේස්‘ යන වැඩසටහනටද සහභාගී වී ඇති අතර පසුව 2014 දී පැවැත්වු ‘‘සර්වයිවර්‘‘ තරගාවලියෙන් මෙම කිරුළ හිමිකර ගැනීමට සමත් විය.
තම ජයග්‍රහණය පිළිබදව අදහස් දැක්වු නටාලි ඇන්ඩර්සන් ගුවන්තොටුපලේදී මෙසේ පැවසුවාය.
''මම ලංකාවට ආවේ අවුරුදු 3 කට පස්සේ. මේ වනකොට ඇමරිකාව ''සර්වයිවර්'' වැඩසටහන් 30 ක් පවත්වලා තියෙනවා. මෙවැනි තරගයක් ජයග්‍රහණය කළ දකුණු ආසියාවේ පළවෙනි කෙල්ල මම. ලංකාව නියෝජනය කරන්න ලැබීම ගැන හරිම සතුටුයි. ඇමරිකාවේ පදිංචි ශ්‍රී ලාංකිකයෝ අපිට ගොඩක් සහයෝගය දුන්නා.
මේක අමුතුම රියලටි තරගයක්. ''සර්වයිවර්'' කියන්නේ කෙනෙකුට සහභාගී වී පහසුවෙන් ජයගන්න පුලූවන් තරගයක් නෙමෙයි. තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගනිමින් ඉතාමත් දුෂ්කර ජීවිතයක් ගත් කරන්න වෙනවා. උපද්‍රව ගණනාවකට මුහුණ දෙමින් ජීවිතය නොනැසී ගලවා ගන්නට සමත් වන තැනැත්තාට තමයි ''සර්වයිවර්'' කිරුළ හිමිවන්නේ.
මෙම තරගාවලියේදී අපිට නිකරුගුවාව කියන දුපතේ ඉතාමත් දුෂ්කර පැත්තකට ගිහින් දැම්මා. දින 39 ක් ඒ දුපතේ ජීවත්වෙන්න වුණා. අපේ ලංකාවේදි අපි පුංචි කාලෙදි ජීවත් වුන හැටි මතක නිසා ගොඩක් දුෂ්කර අභියෝග ජයගන්න පුලූවන් උනා.
ආහාර, ජලය, ගින්දර හෝ හිසට සෙවනක් නැහැ. මුලික අවශ්‍යතා කිසි දෙයක් එහි නැහැ. අපි ඒවා කොහොම හරි සපයා ගන්න ඕනෑ. ඒ සියලු අවශ්‍යතා සපයාගෙන විවිධ දුෂ්කරතා මැඩ පවත්වාගෙන ලකනු ලබා ගනිමින් ඉදිරියට ගමන් කළ යුතුයි.
තුවාලයක් හෝ වෙනයම් ආපදාවක් සිදු වුණොත් තරගයෙන් ඉවත්වෙන්න සිදුවෙනවා.
ගින්දර අපි හදාගන්න ඕනේ. හාල් ගෝනියක්, ලුනු පැකට් එකක් සහ ධාන්‍ය වර්ගයක් දෙනවා. අපි මාළු අල්ලගෙන කන්න ඕනේ. මම තමයි හොදටම මාළු ඇල්ලූවේ. ගොඩක් අය මාව අනුකරණය කළා. ගින්දර හදාගන්න හැටි මට හොදට පුලූවන් වුණා.
දවසක් අපිට බඩ ගිනි හැදුනා. එහි සියඹලා ගහක් තිබුනා. කවුරුත් සියඹලා කන හැටි දන්නේ නැහැ. නමුත් අපිට ලංකාවේ අත්දැකීම් තිබුනා. මම සියඹලා කරල පොතු ඉවත් කරලා අනිත් අයට කන හැටි කියලා දුන්නා. ඒ වගේ ගොඩක් දේවල් මට අනිත් අයටත් කියා දෙන්න හැකි වුණා.
තරගකාරියන් 17 දෙනෙක් හිටියා. ලෝකයේ විවිධ දේවල් වලට ඉතා ප්‍රසිද්ධ අයත් එහි හිටියා. මගේ නංගි නාදියාට දුෂ්කරකම දරාගන්න බැරි උනා. ඇය මුල්වටවලදිම අයින් උනා. නංගි අයින් උනාම මටත් අයින් වෙන්න හිතුනා. ඒත් නංගි මා දිරිමත් කළා. මම සියලු බාධක මැඩගෙන ඉදිරියටම ගිහින් ජයග්‍රහණය හිමිකරගත්තා.
මම ලංකාවට ගොඩක් ආදරෙයි. අපි එහෙ හිටියත් ලංකාව ගැන හිත හිත තමයි ජීවත් වෙන්නේ. මට ලැබුන මුදල් වලින් මම විශාල මුදලක් මේ රටේ දරුවන් වෙනුවෙන් වැය කරන්නයි බලාපොරොත්තුව.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලා අපේ පුංචි රටට ආඩම්බරයක් . දළදා සමිදුගේ සරණ ලැබේවා! (බ)
හැදු වැඩූ මාපියන්ටත්, මේ පුංචි දිවයිනටත් මහා ආඩම්බරයක් වූ දිරිය දියණියනි ඔබට දිගායුස. (බ)
ලක් දෙරණට ජය ලබාදුන් ඔබ දෙපළට මගේ උත්තමාචාරය හරිම ආඩම්බරයි සොයුරාණනි. ඔබලාට ජයෙන් ජයම වේවා ! (බ)
ජය වේවා ! සුභ පැතුම්! (දිල්)
සුභ පැතුම් (දිල්)
ඔබ අපිට හරි ආඩම්බරයක් ඔබට සුභ පැතුම් (දිල්)
දරුවනේ නුඹලා ජාතික වීරවරින් හැටියටයි මම නම් සලකන්නෙ. මොකද නුඹලා ඇත්තටම තමන්ගෙ මව්බිමට ආදරය කරන දරුවන් නිසා. නුඹලාට යහපතක්ම වේවා.ඒ වගේම ලැබුණු මුදල හැම සතයක්ම අරපරිස්සමින් වියදම් කිරීමට සිතට ගන්න.(දිල්)
අපේ උත්තමාචාරය ! (දිල්)
අපේ ප්‍රසංශාව, ලංකාවේ නම තියා ලක්දෙරණට කීර්තියක් දුන් ඔබ දෙපළට! (නි)
සුජාත දියණියන්! (නි)
අපේ යකඩ දෝණිලට, ශ්‍රී ලාංකික උත්තමාචාරය! (නි)
දුවේ, ඔයා අපේ පුංචි ලක්බිමට වාසනාවන්! ඔයාගේ දෙමාපියන්ට වගේම අපිටත් ඔයා ගැන ගොඩාක් ආඩම්බරයි. ඔයා ඒ ලැබුණු මුදල් වලින් කරන්න යන දේ අපි ගොඩාක් අගය කරනවා. ඔයාගෙ මුලු ජීවිත කාලෙම ජයෙන් ජයම වේවා! ඔයාලා දෙන්නටත් පවුලේ සැමටත් ජේසු පිහිටයි! බුදු සරණයි! (නි)
වෙන රටකදී නම් මැයට අනිවාර්යෙන්ම රටේ හමුදාවේ පුහුණු කිරීමේ උසස් නිලයක් ලැබෙනවා. ඒත් මෙහෙ එහෙම වෙන්නේ නැතිවෙයි. (නි)
හරිම ආඩම්බරයි! (නි)
මගේ සුභ පැතුම්! මට හිතෙනවා ලංකාවේ සමහර පළාත් වල මිනිස්සු මීට වඩා දුෂ්කර ජීවිත ගතකරනවා කියලා (නි)
ඇමෙරිකාව ගැන කතා කරන්නවත් අකමැති අයට මෙන්න හොඳ උදාහරණයක්. (නි)
අතේ ලංකාවේ පච්චයක් කොටා තිබෙන එක අගෞරවයක් නේද? (නි)
ඔබ අපිට හරි ආඩම්බරයක්. ඔබට සුභ පැතුම්. ලක් දෙරණට ජය ලබාදුන් ඔබ දෙපළට මගේ උත්තමාචාරය! හරිම ආඩම්බරයි. (නි)
ලංකාවේ සිතියම අතේ පච්ච කොටාගැනීම ලංකාවට අපහාස කිරීමක්. (නි)
ලක් දෙරණට ජය ලබාදුන් ඔබ දෙපළට මගේ උත්තමාචාරය හරිම ආඩම්බරයි.ජය වේවා ! සුභ පැතුම්
ජය වේවා ! සුභ පැතුම්
ඔබ අපිට හරි ආඩම්බරයක් ඔබට සුභ පැතුම් ඔස්මන් Kandy
බොහොම චාම් සහ නිහතමානී දියණියන් දෙදෙනක්. ඔබ දෙදෙනා අපේ රටේ සියලුම දියණියන්ට හොඳ ආදර්ශයක්. ඔබ දෙදෙනාට මගේ උණුසුම් සුබ පැතුම්, දියණියනි !!!
හදවතින්ම් සුබපැතුම්. හරිම ආඩම්බරයක්. විදේශ රටවල ජිවත්වන තරුණ අයට ආදර්ශයක්. ජයවේව......!
ශ්රී ලංකාවට කීර්තියක් අත්කරදුන් ඔබ දෙදෙනාට සුබ පැතුම්! (නි)
සුජාත වීර දියණියන් (නි)
මට චන්ද්‍රිකා කුමාරතුංග මතක් වුන. විමුක්තිත් එක්ක. (අ)
ඔයා මගේ දුව වුණා නම් මම කොච්චර වාසනාවන්ත ද , ඔයාලව හැබැහින් දකින්න ඇත්නම් මම කොච්චර වාසනා වන්තද දුවෙයි (අ)
ඔබ දෙපලටම මාගේ සුබ පැතුම්. ගොඩක් ස්තුතියි ලංකාවේ නම ඉදිරියට රැගෙන යනවට. ඉදිරියටත් එසේම කරන්න ගොඩක් වාසනාව ලැබේව ! බුදුසරණයි දෙවිපිහිටයි !(අ)
ඔබට අපේ උණුසුම් සුබපැතුම්. හරිම සන්තෝසයි (අ)
මොහොම හොඳයි (අ)
බොහොම සංතෝෂයි. නමුත් නිකරගුවා දූපත තරමට ලංකාව දුෂ්කර නෑ (අ)
හොදට ඔය පච්චය බලන්න .. මොකක්ද තියන වෙනස (අ)
ජය වේවා ශ්‍රී ලංකා මාතා (අ)
මේ ගොල්ලෝ දෙහිවල අපේ ගෙවල්ගාව හිටියේ,(අ)
ඔබලාට සුබ පැතුම්. මීට මාස හතරකට කලින් ලංකාවට ආවානම් අතේ පච්චේ නිසා ලංකාවට අවමන් කළා කියලා ආපසු හරවා යවන්නත් ඉඩ තිබුනා. (අ)
හරිම ආඩම්බරයි. දරුවනේ ඔබලා මව්බිමට ආදරය කරන දරුවන්. ජාතික වීරවරියන් වන ඔබලා අපිට හරි ආඩම්බරයක්.ඔබලාට යහපතක්ම වේවා! (අ)
ඇත්තටම හරිම ආඩම්බරයි දිරිය දියණියනි. සුභපැතුම්. ඔබලා කියලා තිබුනා දුප්පත් දරුවන්ට උදවුකරනවා කියලා.හොඳ අදහසක්. නමුත් ඒ වැඩේ ඔයගොල්ලොම කරන්න.. ඒ වැඩේට දේශපාලුවෝ එහෙම සහභාගිකරගන්න එපා.(හේ)
බලන්න ශ්‍රී ලංකික හැගීම මට ලැබුන මුදල් වලින් මම විශාල මුදලක් මේ රටේ දරුවන් වෙනුවෙන් වැය කරන්නයි බලාපොරොත්තුව. කොයි තරම් උතුම් සිතුවිල්ලක්ද ?(හේ)
අපිට හරි ආඩම්බරයක් ඔබට සුභ පැතුම් (අ)
නව මගක යන අපේ රටට ඔබලා ගෙනා මේ ගෙරවය ඉතා විශිෂ්ඨයි (අ)
වහාම පච්ච කොටාගෙන ලංකාවට අපහාස නොකරනු! (අ)
සුභපැතුම් (අ)
ඇත්තෙන්ම ශ්‍රී ලංකාවට ඔබලා ආඩම්බරයක්. (හේ)
මගේ සුබ පැතුම් ගොඩක් ආදරේ ඔයාලට (ම)
හරිම ආඩම්බරයක් .(හේ)
ගොඩක් සතුටු වෙනවා ඔයාල ගැන...රටට ආදරේ කරන කෙනෙකුට කවදාවත් වරදින්නේ නැහැ...මම ඉන්නේ කුවෙට් වල ,,මෙහෙ ඉන්න බොරු පොෂ් නංගිලට ඔයාල හොද ආදර්ශයක් ......ශ්‍රී ලංකාවට ජයගෙන දුන්නට හදවතින්ම ඔයාලට සුබ පතනවා .....අපේ රට වෙනුවෙන් තවත් ජයග්‍රහණ ලබාගන්න ධෛර්යය ලැබේවා...(බ)
ලංකාවේ අපි හැමෝටම ආඩම්බරයි (බ)
ඔබ උපයාගත් මුදල දුප්පත් දරුවන්ට බෙදද්දි දේශපාලුවෝ ගාව ගන්න එපා ඔබට ජය (බ)