IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නාමයෝජනා දෙන්න ප්‍රසන්නට බුරුලක්

බස්නාහිර  පළාත් මහ ඇමැති  ප්‍රසන්න රණතුංග මහතා  මහ මැතිවරණය වෙුනවෙන්  ලබන 13 වැනි දින නාම යෝජනා  බාර දීම ඇති හෙයින්  ඒ මහතා  පොලිස් මුල්‍ය  අපරාධ කොට්ඨාශයට  කැඳවා ප්‍රකාශයක් ලබා ගැනීම ලබන 14 වැනි දින තෙක් කල් තබන ලෙසට  මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා  අද (9) ලිපියක් මගින් පොලිස්පතිටත්, මැතිවරණ බාර  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිටත්, පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂටත් දැනුම් දී ඇත.එදිනට  පෙර  ප්‍රසන්න රණතුංග මහතාගෙන්  ප්‍රකාශයක් ලබා ගැනීමට අත්‍යාවශ්‍ය නම් ඔහු පහසු දිනයක් ලබා ගන්නා ලෙසට  ද මැතිවරණ කොමසාරිස්වරයා නියෝග කර  තිබේ.

කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ වගුරු බිමක් ගොඩකර  ඒ අවට  පදිංචි අනවසර  පුදගලයන් ඉවත් කර දීමට  ව්‍යාපාරිකයකුගෙන්  බස්නාහිර  පළාත් මහ ඇමැති  ප්‍රසන්න රණතුංග මහතා  රුපියල්  හයකෝටි හතලිස් ලක්ෂයක මුදලක් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ පනහක් ඔහුගේ ගිණුමට  ලබාගෙන මුලය  වංචාවක් සිදු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහුගෙන් ප්‍රකාශයක් ලබා  ගැනීමට  අද (09) පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය හමුවට කැදවීමේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා  මෙම ලිපිය යොමු කොට තිබිණි.



අදහස් (0)

නාමයෝජනා දෙන්න ප්‍රසන්නට බුරුලක්

අනිල් රෝහණ Thursday, 09 July 2015 11:31 AM

අනේ මන්දා මෙහෙමත් දේවල්! මෙතන වෙන්නේ මොකක්ද කියලා අපිට දැන් තේරෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site