ඉදිරි මහ මැතිවරණයෙන් විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් ඉදිරිපත් වන අපේක්ෂකයන් තෝරා ගැනීමේදී සුපිරිසිදු චරිත ගැන වඩා උනන්දුවක් දක්වන ලෙස එම පක්ෂවලට බල කර සිටීමේ කතිකාවක් අද (25) කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
විවිධ වෘත්තිකයන් හා සිවිල් සංවිධාන එකමුතුවෙන් මෙම ව්‍යාපාරය ආරම්භ වු අතර එය “සුපිරිසිදු ප්‍රතිභාපුර්ණ අර්ථකථනයන් සඳහා වු මෙහෙයුම “ලෙස නම් කර තිබිණි.
ආචාර්ය එඩ්වින් ආරියදාස, රියෙන්සි විජේතිලක,කෝනල් පෙරේර, නවීන් ගුණරත්න ඇතුළු මහත්වරු පිරිසක් මෙහිදී අදහස් දැක්වුහ.
දේශපාලන විචාරකයෝ , විශ්ව විද්‍යෘල සිසුහු හා මාධ්‍යවේදියෝ ද මේ පිළීබඳ තම තමන්ගේ අදහස් ද ඉදිරිපත් කළහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම නම් ඉතින් මාළුවන්ගේ ඇඟේ මැක්කොත් ඉඳීවී. (ර)
එහෙනම් මේ පාර කාටවත් නාමයෝජනා නෑ. (ර)
ඔය මොනවා මොනවා කලත් අන්තීමට පාර්ලිමේතුවේ ඉන්නේ පරණ උත්තමයන්ම තමයි. (ර)
එහනම් සැහෙන කාලයක් යයි. (ර)
කොහොමත් සිංහල මිනිසුන්ට විලිලැජ්ජාවක් නැහැ කියන එක හැමෝම දන්නවානේ. (නි)
දේශපාලනයට එන අයගේ අපිරිසිදු බව දැන්ද දන්නේ? (නි)
බොහොම හොඳයි (නි)
ඒක නම් හොඳ අදහසක් (නි)
පිවිතුරු යහපාලනයක් කියලා ජනවාරි අටවෙනිදා ගෙනාවේ මොකක්ද? දැන් අපිට කියන්න හදන්නේ තවත් සුත්තරයක් වගෙයි. රෑ වැටුන වළේ දවල් වැටෙන්නට තරම් මිනිස්සු මෝඩ නැහැ (නි)
අපි කොහොමද මෙහෙම අය හඳුනාගන්නේ? (නි)
ඉදිරිපත් වෙද්දී ඔක්කොමල පිරිසිදු චරිත තමයි. බලේ ලැබෙද්දිනේ ඔක්කොම අපිරිසිදු වෙන්නේ. (බ)
සුපිරිසිදු අපේක්ෂකයෝ හොයන එක නොමල ගෙයකින් අබ හොයනවාට වඩා අමාරුයි. (ර)