ශ්රී ලංකාවේ රියදුරු බලපත ජාත්‍යන්තර රියදුරු බලපතක් බවට නුදුරු කාලයේදී පත් කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසීය.
‘එසේ වන්නේ වියානා ජාත්‍යන්තර සම්මුතියට අනුව මාර්ග සංඥා මාර්ග නීති ආදිය ඇතුළත් ගැසට් පත්‍රය ළඟදීම එළි දැක්වීමත් සමගය. එවිට අපේ ගමන් බලපත ඉබේම ජාත්‍යන්තර ගමන් බලපතක් බවට පත්වනු ඇත.‘
ප්‍රවාහන ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ එකඟතාවයකට අනුව මෙය සිදුවෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය හැම කෙනෙකුටම බලපත්‍රය නම් තියනවා.ඒත් පාරේ යනකොට තමයි බලපත්‍රය අනුවද පදවන්නේ කියලා හිතෙන්නේ. මොකුත් ඕනෑ නැහැ. ඔය පුද්ගලික බස් රියදුරෝ බස් එක එළවන්නේ නලාවෙන්නේ.වාහනය පාරට දාගන්න කොච්චර වෙලා ඉන්න ඕනෑද? (නි)
මත්වතුර බීලාද කියලා දැනගන්න ක්‍රමයක් ඒකට යොදන්න (බ)
ඇත්තටම මේක හොඳ වැඩක්. අපේ රියදුරන් බොහොමයකට හරි පුහුණුවක් විනයක් නෑ. මුලින්ම කරන්න ඕන හරි පුහුණුවක් වගේම විනයක් ලබාදීමයි. රියදුරු පුහුණුවව දෙන ආයතනවල ගුණාත්මක බව ගැන සැලකීමත් විය යුතුය. සමහර අය අනිත් අය ගැන හිතන්නේ නැතිකමකුත් සමග බොරු මාන්නයකුත් තියෙනවා. (බ)
ශ්‍රි ලංකාවේ රියදුරු බලපත්‍රයකින් පිටරටවලදී වාහන පැදවීමට පෙර එරට මාර්ග නීති රීති ගැන පරීක්ෂණයකින් සමත් විය යුතුයි. ඉංග්‍රීසි භාෂාව නොදන්නා, පාවිච්චි නොකරන රටකට ගියොත් ශ්‍රී ලාංකිකයන් මෙවැනි දේ කරන්නේ කොහොමද? මාර්ග අනතුරක් වුන විටක අපේ රටේ වගේ පොලිසියට දන්වන්නේ නැහැ. ලේ සැලීමක් සිදු වුනොත් පමණයි අපි හදිසි සේවා අමතන්නේ. හැම වාහනයකම තිබෙනවා අනතුරක් සිදුවු විට දෙපක්ෂය විසින් (සහයෝගයෙන්) පුරවා, තමන්ගේ රක්ෂණ සමාගම් වලට යැවිය යුතු ප්‍රශ්න පත්‍රයක්. මෙවැනි දේවල් ශ්‍රී ලංකාවෙත් තියෙනවද? (බ)
විදේශ රැකියාවේ යෙදෙන අපිට බොහොම වැදගත් පණිවිඩයක්. මෙය ඉක්මනටම ක්‍රියාත්මක වේවා (අ)
මේක නම් ඉතා වටිනා දෙයක්. නමුත් පගා වලට දෙන බලපත්‍ර වලට කරුණා කරලා දැඩි නීති රීති පනවන්න. (අ)
නම්බුකාර රියදුරු බලපත්‍රය නම්බුකාර අයුරින් නිකුත් කිරීමටත්, ලබා ගැනීමටත් ප්‍රතිපාදන සැලසිය යුතුයි. (ම)
ගැසට් වලින් එලවන්න පුරුදු කරන්න බැහැ. ඔය ලර්නර්ස් කාරයෝ ටික පන්නල දානකම් ඕක හරියන්නේ නැහැ. (බ)
ඉතාම හොද වැඩ පිළිවෙලක් . සාර්ථකම වේවා !!! (බ)
ඇති යාන්තන් ..දැන්වත් පිළිවෙලකට යයි (බ)
දැනට තියන එකත් නම්බුකාරයි. මෙහෙම එකක් ආවත් එ්කෙන් වෙනත් රටවල ඩ්‍රයිව් කරන්න බැහැ මම දන්නා විදියට. (බ)
එහෙම ජාත්‍යන්තර රියදුරු බලපත් හැදෙන්නේ නෑ ඉබේම මම දන්නා විදියට ඒ ඒ රටවල්වල අදාල අධිකාරියට සල්ලි ගෙවල, අදාල ක්‍රමවේදයක් අනුව කටයුතු කළාම තමයි එහෙම ජාත්‍යන්තර බලපත්‍රයක් ගන්න පුළුවන්. මෙහෙ අයට තීරණය කරන්න බැහැ ජාත්‍යන්තර රියදුරු බලපතක්ද නැද්ද කියල..(බ)
කොමසාරිස් තුමනි. දැනට තිබෙන ක්‍රමය යටතේ විදෙස් ගතව රැකියාව කරන අයට ඔවුන්ගේ නිවාඩු කාලය තුළ රියදුරු බලපතක් ලබාගත නොහැකිය. මන්ද විභාගය ට පෙනිසිට මස 3 කින් පසුව දිනක පැදවීමට හැකිය යන පරීක්ෂණය පැවැත්වීම සහ වසර එකහමාර කින් එය අවලංගු වන නිසා. එතෙර රැකියා කරන බොහෝ දෙනෙකුගේ සේවාකාලය වසර දෙකක් සහ මස 3 ක් තරම් කාලයක් නිවාඩු ලබා ගත නොහැකි වීම නිසා ම ඇතුළු බොහෝදෙනෙක් මේ ගැටලුවට මුහුණ දී ඇති බව පෙන්වාදෙමි .(හේ)
නම්බුව පේන්නේ හරිහැටි පුහුණුවක් නැති අයට අත යටින් රියදුරු බලපත්‍ර දීලා හැම තැනම හප්පා ගෙන යනකොට . (හේ)
මම පිටරට වැඩ කරන්නේ අපිට ගොඩක් හොදයි.(හේ)
ඩුබායි වලින් ගන්න රියදුරු බලපත ජාත්‍යන්තර රියදුරු බලපතක් ලෙස පිළිගෙන තිබෙනවා.(හේ)
ඉක්මනට වෙනවා නම් ගොඩක් හොදයි.(හේ)
හොඳ වැඩපිළිවෙළක් (බ)
මමත් හිතන්නේ මාටින් කියන එකේ ඇත්තක් ඇති කියලා (බ)
ලංකාවෙන් නිකුත් කරපු ඉන්ටනැෂනල් ලයිසන් එකවත් මේ රටවල පිළිගන්නේ නැහැ.(බ)
අනේ අපි රවටන තරම්....! (නි)
ඔය රියදුරු බලපත්‍රය තියෙන ගොඩක් අයට වාහන එලවන්න බෑ. එ්කට හේතුව හරි පුහුණුවක් නැතිකම. ඉතින් කොහොමද (බ)
මේක දුන්නාට වැඩක් නෑ... ඒ රටවල පිළිගන්නේ නෑ. ඉතාලියේ රියැදුරු බලපත්‍රය වියානා සම්මුතියට අනුව සම්මුතියට ඇතුළත් වුණු ඕනෑම රටක පදින්න පුළුවන්. නමුත් ලංකාවේ පදින්න දෙන්නේ නෑ. ඔය ලයිෂන් එක ඒ රටවල නම් කොහෙත්ම පිලිගනියි කියලා නම් හිතන්න බෑ.