(ඉන්දිකා රාමනායක)
කඩවත ප්‍රදේශයේ ප්‍රසිද්ධ නිමි ප්‍රදර්ශනාගාරය සේප්පුව බිඳ රුපියල් ලක්ෂ 270;ක් සොරාගත් සැකකරු එහි ඉහළ මාලයේ ජල ටැංකියක් මත සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි .
මෙම සැකකරු අලුයම නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරය ට ඇතුළු වී එහි සේප්පුව කඩා මුදල් සොරා ගනිමින් සිටියදී පෙරවරුවේ එහි සේවකයින් හදිසියේම එහි පැමිණීම නිසා සැකකරුට පලා යෑමට යාමට හැකිවී නොමැත.
නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරයේ සේප්පුව බිඳ ඇති බව දැනගත් එහි නිලධාරීන් කඩවත පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කර ඇත.
සැකකරු සේප්පුව බිඳීම සඳහා රැගෙන විත් තිබූ ග්‍රිල් එක ඇතුළු ඇතුල් උපකරණ එහි දමා යාම හේතුවෙන් ඔහු ඔහුට පලා යෑමට හැකියාවක් නොමැති බවත් ගොඩනැගිල්ලේ සැඟව ඇති බවට සැක කොට පොලිස් නිලධාරීන් ගොඩනැගිල්ල පරික්ෂා කිරීමේදී සැකකරු එහි ඉහළ මාලයේ ජල ටැංකියක් මත සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සේප්පුවෙන් සොරා ගන්නා ලද මුදල් ද පොලිස් බාරයට ගෙන ඇත. අඩංගුවට ගත් සැකකරු නාගොල්ලාගම ප්‍රදේශය පදිංචි (32) පුද්ගලයෙකි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd