
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් සහ න්‍යෂ්ටික අවි නැවත කිසි දිනෙක භාවිතා නොකළ යුතු බවට සාක්ෂිකරුවන් හරහා ඔප්පු කිරීමට දරන උත්සාහය වෙනුවෙන් නිහෝන් හිඩැන්කියෝ සංවිධානයට මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය පිරිනැමුවේය.
ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාරයන් දිවි ගලවා ගත්තන් විසින් මෙම සංවිධානය පිහිටුවාගෙන ඇත. ජපානයේ ප්‍රදේශ 47 ක සංවිධානයේ ශාඛා තිබේ.
ඔස්ලෝහි පිහිටි නෝර්වේජියානු නොබෙල් ආයතනය මෙවර නොබෙල් සාම ත්‍යාගය නිහෝන් හිඩැන්කියෝට හිමිවන බව අද (11) ප්‍රකාශ කළේය. මෙම වසරේ සාම ත්‍යාගය නිහෝන් හිඩැන්කියෝට පිරිනැමීම තුළින් හිරෝෂිමා සහ නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවාගත් සියල්ලන්ටම ගෞරව කිරීමට බලාපොරොත්තු වන බවත් ඔවුන්ගේ කටුක අත්දැකීම් බලාපොරොත්තුවක් ඇති කිරීමට යොදා ගැනීමත් සාමය වෙනුවෙන් යොදා ගැනීමත් ප්‍රශංසනීය බවත් නෝර්වෙජියානු නොබෙල් කමිටුවේ සභාපති ජෝගෙන් වොට්නේ ෆ්‍රිඩ්නස් පැවැසුවේය.
මෙවර සාම ත්‍යාගය සඳහා අපේක්ෂකයන් 286 ක් තරග වැදි අතර ඉන් 197 පුද්ගලයන් වූ අතර 89 ක් සංවිධාන විය. මෙවර සාම ත්‍යාගයේ හිමිකරුට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.1 ක මුදලක් හිමිවීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd