IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


නොබී ශෝක වෙමුද? බිබී ශෝක වෙමුද?

20161125sara-2ඊයේ පෙරේදා මුණගැහුණු බොහෝ දෙනෙක් ඇහුවේ විමල් කුමාර ද කොස්තා ගැන මොනවද ලිව්වේ කියලා. ඇත්තටම කොස්තා ගැන කිසිම දෙයක් ලිව්වේ නෑ මම. කෙනෙක් මියගිය ගමන් ඒ පුද්ගලයා ගැන ලියන්නම විශේෂඥයෝ අපේ රටේ ඕන තරම් ඉන්නවානේ. ඒක හොඳටම දැකපු අවස්ථාවක් තමයි අමරදේව මියගියපු වෙලාව. බුදු අම්මේ එහෙම ශෝක ප්‍රකාශ තොගයක්. පත්තර කපලා පුරවලා. රේඩියෝ‍, ටීවීවල අමරදේවගෙන් තොර ලොවක් තිබුණෙ නෑ.

දැන් කට්ටියම අමරදේව කෙනෙක් හිටියද නැද්ද කියලා වගේ වගක් නෑ. ඕක තමයි ස්වභාවය. ඔය අව්අස්සේ තමයි කොස්තා ලොක්කත් මියගියේ. හැබැයි අර අමරදේව ගැන පපුකැවුතු උණු වෙච්ච ගොඩක් අය කොස්තා කියලා කලාකාරයෙක් අපේ රටේ හිටියද කියලා දන්නේ නැති තරම්.

අමරදේවයි, කොස්තයි සංසන්දනය කරමින් මේ දෙන්නා ගැන ලියන්න හෝ මේ දෙන්නගෙ අවමඟුල් දෙක සංසන්දනය කිරීම වැඩකට නැති දෙයක්. ඒත් අපේරටේ නායකයො කලාකරුවො ගැන හිතන විලාසය ගැන හොඳ සංඥාවක් මේ සිදුවීම් දෙක හරහා මතුවුණා.

අමරදේව වෙනුවෙන් ආණ්ඩුව ශෝක සතියක් ප්‍රකාශයට පත්කළා වගේම, අවසන් කටයුතු සිද්ධකෙරුණු දවසෙ කොළඹ නගරසීමාවේ සුරාසැල් වහලා අමුතු ශෝකවීමක් ශෝක වුණා.

හැබැයි කොස්තට මේ මොකුත් නෑ. ඒක නිසා කොස්තගෙ අවසන් කටයුතුවලට සහභාගී වුණු බොහෝ දෙනෙක් බොරැල්ල අහල පහළ අවන්හල්වලට සෙට්වෙලා කොස්තා වෙනුවෙන් ශෝක වුණා. කොස්තා වැඩිපුරම ගැවසුණ අවන්හල්වලට 20161125sara-1අවසන් කටයුතු ඉවරවෙලා යමු කියලා බොරැල්ල කනත්තේදී ගොඩක් අය කතාබහවෙනවා අපිට ඇහුණා. ආණ්ඩුව කොස්තා වෙනුවෙන් දක්වපු අඩු ලංසුවේ ශෝකය නිසා ඇත්තටම කොස්තා ප්‍රේමීන්ට කොස්තාගේ ජීවිතය ගැන අඩියක් ගහන ගමන් ඇත්ත සංවාදයක් කරන්න ලැබුණා.

හැබැයි මේ අවස්ථාව අමරදේව ප්‍රේමී කොළඹ රසිකයන්ට ආණ්ඩුව අවසර දුන්නේ නෑ. ඒක නිසා කොළඹ නගර සීමාවෙන් එපිටට ගිහින් ගත උණුසුම් කරමින් අමරදේව ගැන ශෝක වෙන්න කට්ටියට සිද්ධ වුණා. මම හිතන්නෙ මේ උපදෙස් ජනාධිපතිතුමාට දීලා තියෙන්නෙ එතුමගෙ උපදේශකයෝ වෙලා ඉන්න කවුරුහරි වෙන්න ඇති. ඔය ගාමිණී සුමනසේකරලා වගේ උපදේශකයෝ හැටහුටහමාරක් ඉන්නවනේ. ඒ කාට හරි ඇහෙන්න ඇති අමරදේව මිය ගියා කියලා ආරංචි වුණෙ ගමන් රේඩියෝ චැනල් ටික තරගෙට වගේ දාපු අමරදේවගෙ 'මහවැස්සක පෙර නිමිති' සිංදුව. මේ උපදේශකයෝ ජනාධිපතිතුමාට කියන්න ඇති සර් අමරදේවගේ සිංදුවකත් තියෙනවා 'එපා එපා මීවිත මගෙ දෙතොලට' කියලා. ඒක නිසා අවසන් කටයුතු දවසෙ 'බාර් ටික වහලා දාමු' කියලා. ජනාධිපතිත් උපදේශකයන්ගෙන් පිට වැඩකරන්නේ නැති නිසා ඒ අනුව කොළඹ බාර් ටික වහන්න ඇති.

හැබැයි කොස්තා මේ වගේ සිංදු කියපු නැති නිසා හොඳ වෙලාවට බාර් ටික වැහුණේ නෑ. අමරදේවගෙ අවමඟුල දවසෙ බාර් වැහුවට කවදාහරි වික්ටර් රත්නායකගෙ අවමඟුල දවස නම් බාර් වහන්න ආණ්ඩුවට බැරිවෙනවා. මොකද අමරදේව 'එපා එපා මීවිත මගෙ දෙතොලට' කියලා කිව්වට වික්ටර් රත්නායක කිව්වෙ 'අපි සව්දිය පුරමු' කියලනේ.

ආණ්ඩුවක් මේ වගේ ගොංපාට් කිරීම ඒ ආණ්ඩුවෙ ස්වභාවය තේරුම් ගන්න හොඳ 20160830Sara-1සංඥාවල්. මේ ආණ්ඩුව කලාව ගැන සහ කලාකරුවා ගැන දක්වන ආකල්පය මේ වගේ පුංචි පුංචි දේවල්වලින් මැනගන්න පුළුවන්. රාජපක්ෂ ආණ්ඩුව කලාවට සහ කලාකරුවන්ට කෙළෙව්වා කියලා යහපාලනය ආවම එහෙම වෙන එකක් නෑ කියලා හිතපු අයට මේ වගේ ගොංපාට්වලින් සැනසෙන්නයි වෙලා තියෙන්නේ. කලාව සම්බන්ධව ජාතික ප්‍රතිපත්තියක් හදලා පුළුල් වැඩපිළිවෙළක් යටතේ දියුණු කරනවා වෙනුවට කලාකරුවෙක් මැරුණම කීයක් හරි අතමිට මොලවන එකෙන් හරි දවසක් කොළඹ බාර් වහනවා වගේ වැඩවලින් නම් තේරුමක් නෑ. ආණ්ඩුව හිතන්නෙ අමරදේව අවමඟුල දවසෙ කොළඹ මිනිස්සු නොබී ඉන්න එක තමයි ලොකුම වැඩේ කියලද දන්නේ නෑ. අමරදේව ගැන නොබී ශෝක වෙන්නත් කොස්තා ගැන බිබී ශෝක වෙන්නත් ඉඩ සලසපු මේ ආණ්ඩුව අනෙක් ප්‍රවීණ කලාකරුවන්ගේ අවමඟුල් ගැන තීරණ ගන්නේ කොහොමද කියලා අපි ඉදිරියේදී බලමු.

ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

නොබී ශෝක වෙමුද? බිබී ශෝක වෙමුද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 44 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 651 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 347 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site