IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


නුපුහුණු සේවකයින් නිසා අනතුරක් සිදුවුණැයි පෞද්ගලික රෝහලකට නඩු

(මනෝප්‍රිය ගුණසේකර)

නුපුහුණු සේවකයින් සේවයේ යොදා ගැනීම හේතූවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණී රෝගීයකුට අනතුරක් වු බවට චෝදනා කරමින් කොල්ලුපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට සහ එම රෝහලේ සේවය කළ විකිරණ ශිල්පියකුට සහ හෙදියකට එරෙහිව කොල්ලුපිටිය පොලිසිය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.

පුහුණු වෛද්‍ය සේවක පිරිසකගෙන් යුක්ත කාර්ය මණ්ඩලයක් පවත්වාගෙන යා යුතුය යන ලියාපදිංචි කොන්දේසිය කඩකරමින් සේවකයින් සේවයේ යොදා ගැනීමෙන් පෞද්ගලික වෛද්‍ය ආයතන පනත යටතේ දඬුවම් ලැබිය යුතු වැරදි කර ඇති බවට චෝදනා කරමින් විත්තිකරුවන්ට එරෙහිව කොල්ලුපිටිය පොලිසිය නඩු පවරා ඇත.

මීට වසර 09කට පෙර සිදුවු සිද්ධියක් පදනම් කරගනිමින් අදාළ පෞද්ගලික රෝහලට සහ එම රෝහලේ සේවකයින් වශයෙන් කටයුතු කළ දෙදෙනකුට එරෙහිව මෙලෙස නඩු පවරා ඇත.

2015 ජනවාරී 14 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොල්ලුපිටියේදී 2006 අංක 21 දරණ පෞද්ගලික වෛද්‍ය ආයතන (ලියාපදිංචි කිරීමේ) පනත යටතේ පුහුණු වෛද්‍ය සේවක පිරිසකගෙන් යුක්ත කාර්ය  මණ්ඩලයක්පවත්වාගෙන යා යුතුය යන ලියාපදිංචි කොන්දේසිය කඩකරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවු විකිරණ ශිල්පියකු සහ ශ්‍රී ලංකා හෙද සභාවේ ලියාපදිංචි නොවු හෙදියක සේවයේ යොදවාගෙන ඇතැයි චෝදනා 04ක් යටතේ නඩු පවරා ඇත.

නුපුහුණු සේවකයින් සේවයේ යොදා ගැනීමෙන් පෞද්ගලික වෛද්‍ය ආයතන පනත යටතේ දඬුවම් ලැබිය යුතු වැරදි විත්තිකරුවන් කර ඇතැයිද කොල්ලුපිටිය පොලිසිය පවරා ඇති චෝදනා පත්‍රයේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙලෙස චෝදනා ලැබ සිටින්නේ කොල්ලුපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට සහ එම රෝහලේ විකිරණ ශිල්පියකු ලෙස සේවය කළ බව කියන සරත්චන්ද්‍ර අලගහවත්ත සහ හෙදියක බව කියන නිමාලි මධුකා විජේසේකර නමැත්තන්ය.

පෞද්ගලික රෝාහලට එරෙහිව පොලිසියට පැමිණීලි කළ කොළඹ 03” ආර්”ඒ ද මැල් මාවතේ ජනක මනීෂ මීමනගේ මහතා” ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛාධිකාරීවරයා” ශ්‍රී ලංකා හෙද සභාවේ ලේඛාධිකාරීවරිය” පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ ලේකම්වරයා ඇතුළු 09 දෙනෙකු පැමිණීල්ලේ සාක්කිකරුවන් වශයෙන් නම් කර ඇත.



අදහස් (5)

නුපුහුණු සේවකයින් නිසා අනතුරක් සිදුවුණැයි පෞද්ගලික රෝහලකට නඩු

අජන්ත Monday, 18 March 2024 08:41 AM

අනේ මන්දා ඔයාලාගේ වැඩ.රෝහලේ මම දන්න ණයයි .ඒත් අර පොඩි මිනිස්සු දෙන්නාගේම නම් දානවා අපූරුවට .ලැජ්ජයි

:       2       64

samanMonday, 18 March 2024 12:11 PM

අහිංසකයින්ට සල්ලි නැති බව දැනගෙන තමයි නඩු දාන්නේ...

:       1       19

Pradeep Monday, 18 March 2024 09:51 AM

කෙහෙළිය රඹුක්වැල්ල කියන චෞර ඇමතියා කරපු බාල බේත් ගෙන්වලා කරපු අපරාධය ගැන මේ වගේ නම් ගම් එක්ක විස්තර ප්‍රසිද්ධ නොකර ඉන්නෙ ඇයි?ඕනවටත් වැඩිය සාක්ෂි ඉදිරිපත් වෙලා තියෙද්දිත් නඩුව කල් යන්නෙ ඇයි??

:       2       46

පිටරැටියා Monday, 18 March 2024 03:12 PM

යුක්තිය නීතිය සාධාරණය කාටත් පොදුයි කිව්වට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ .ඒකනේ කොයිතරම් දූෂණ කෙරුවත්,කාල්කන්නි දූෂිත දේසපාලුවෝ නිදහසේ ඉන්නේ?

:       1       15

Prabha Monday, 18 March 2024 04:32 PM

පුදුම වැඩේ කියන්නේ මෙවැනි වැරැදි කරන ආයතන වලට නමක් නැතිවිමයි.

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site