නේපාලයේ ඇති වූ හදිසි භූ කම්පනයෙන් විපතට පත් නේපාල වැසියනට අත්‍යවශ්‍ය ආහාර, බෙහෙත් ද්‍රව්‍ය සහ සනීපාරක්ෂක උපකරණ රැගෙනන තවත් සහන සේවා නිලධාරීන් කන්ඩායමක් රැගත් ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 4195 දරණ ගුවන්යානය අද දහවල් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් නේපාලයේ කත්මන්දු නුවර බලා පිටත්ව ගියේය.
ශ‍්‍රී ලංකා යුධ හමුදා වෛද්‍ය බලකාය, ඉංජිනේරු රෙජිමේන්තුව, ඉංජිනේරු සේවා සංඥා යන ඒකක වලට අයත් සෙබලූන්ගෙන් සමන්විත මෙම සහන සේවා කණ්ඩායමට යුධ හමුදා සාමාජිකයෝ 72 ක්ද, ගුවන් හමුදා සාමාජිකයෝ 11 දෙනෙක් සහ ශ‍්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයෝ 14 දෙනෙක් ඇතුළු ත‍්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් වෛද්‍යවරු තිදෙනෙකුද ඇතුලත් වුහ.
මීට අමතරව ආපදා කලමනාකරණ අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි, වාරිමාර්ග නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ මහත්මියද, ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරීන් ද, ජනාධිපති සහ අග‍්‍රාමාත්‍ය කාර්්‍යාල නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක්ද එම ගුවන් යානයෙන් එහි ගියහ.
භූමිකම්පාව හේතුවෙන් විපතට පත් නේපාල ජනතාව සදහා සහන ලබා දීමට පළමු සහන කණ්ඩායම පසුගිය 26 වෙනිදා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සී 130 දරණ ගුවන් යානයකින් නේපාලය බලා පිටත්ව ගිය අතර එහි ගිය දෙවන සහන කණ්ඩායම මෙය වෙයි.
මෙයට අමතරව එම යානයේ විපතට පත් පිරිස් අතර බෙදා හැරීම සදහා ලබා දීමට බෝතල් කළ පානීය ජලය, වෛද්‍ය උපකරන සහ ඖෂධ, වියලි සලාක, හදිසි ආපදාවන් සදහා අවශ්‍ය සනීපාරක්ෂක උපකරණ, කූඩාරම්, මෙට්ට,තේ, සහල් ඇතුළු ටොන් 28 ක් බර ද්‍රව්‍ය ද ගෙන ගියහ.



















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd