ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ වන විට කිලෝග්‍රෑම් 36000 ක පමණ සහන භාණ්ඩ නේපාලයට රැගෙන යාම සඳහා විශිෂ්ඨ  සේවා දායකත්වයක්  සපයා ඇති බව එම සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පැවසුවේය.

නේපාලයේ සිදු වු භූ කම්පනයෙන් විපතට පත් නේපාල වැසියන්ට ඛෙදා හැරීම සඳහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඛෙහෙත් ද්‍රව්‍ය සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය අඩංගු කිලෝ 17000 ක ගුවන් භාන්ඩ තොගයක්  ශ්‍රී ලංකන් ගුවන්සමාගමට අයත්  යුු.එල් 4195 දරන ගුවන් යානයෙන් ඊයේ  නේපාලයේ කත්මන්දු නුවරට ගෙන  ගිය බවත්  කත්මන්දු නුවරදී එම   සහන භාන්ඩ ඉතා ආරක්ෂාකාරී ලෙස පිටතට බෑම සදහා ශ්‍රී ලංකා ආරක්ෂක අංශය  සහ ඇමරිකන් ගුවන් හමුදා කාර්ය මණ්ඩලයද සහය වු බවත්  ඔහු  කීවේය.

 

 9 12 13 14

10 11 15 16 17 18