රිච්ටර් මාපකයේ 7.4ක ප්‍රභලත්වයෙන් යුත් භූමි කම්පාවක් බටහිර නේපාලයේ සිදුවී ඇතැයි ඇමෙරිකා භූ විද්‍යා ගවේශන ආයතනය කියයි.
කලින් භූමි කම්පාව අප්‍රේල් 26 වැනි දා සිදු විය. එයි ප්‍රභලත්වය 7.8කි. අඩු ගණනේ හත් දහසක් පමණ ඉන් මරුමුවට පත්වූහ.
අද භූමිකම්පාව එවරස්ට් කන්ද අසල නම්ෂේ බෂාර් නගරය අසල සිදුවූ බව වාර්තාවේ.
මෙම භූමි කම්පාව නව දිල්ලිය ඇතුළු උතුරු ඉන්දියාවට ද දැනුණු බව එන්ඩීටීවී කියයි. භූමිකම්පාවේ අපිකේන්ද්‍රය නේපාලයේ කත්මන්ඩු අගනුවර බව ඉන්දියා ආරංචි කියයි.
භූමිකම්පාවත් සමඟ කත්මන්ඩු වැසියන් ගෙවල් දොරවල්වලින් එළියට බැස දිවූ බවත්, හානි පිළිබඳ කිසිවක් ක්ෂණිකව වාර්තා නොවූ බවත් දැනගන්නට ඇත.
රොයිටර් පුවත් සේවය පවසනුයේ භුමිකම්පාවේ අපි කේන්ද්‍රය එවරස්ට් කන්දේ මහ කඳවුර බවයි. අප්‍රේල් 25 වැනි දා භූමිකම්පාවෙන් පසු එම කඳවුරේ කඳු නගින්නන් ඉවත් කළ බවත් වාර්තා වේ.
එවරස්ට් කඳු නැගීම එම භූමිකම්පාවෙන් පසු නවත්වා ඇතැයි ඉන්දියාවේ එන්ඩීටීවී රූපවාහිනිය කියයි.
කත්මන්ඩු අගනුවරට කිලෝමීටර 83ක් නැගෙනහිරින් කිලෝමීටර 18.5ක් පොළොව යට මේ භූමිකම්පාව සිදුවූ බව ඇමෙරිකා විද්‍යාඥයෝ කියති. මුල් භූමිකම්පාව සිදුවූයේ කිලෝමීටර 10ක් ගැඹුරිණි.
ගොඩනැගිලි කඩාවැටීමෙන් සිව් දෙනකු මිය ගිය බව සංක්‍රමණිකයන් පිළිබඳ අන්තර් ජාතික සංවිධානය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු සත්වයෝ නිදුක් වෙත්වා!! නීරෝගිවෙත්වා!! සුවපත් වෙත්වා!! දුකින් මිදෙත්වා!!!(හේ)
කාටවත් කරදරයක් නොවේවා ......(කේ)
සියලු සත්වයෝ සුවපත්වෙත්වා! (ම)
එක පිට එක විපත් .(හේ)
කිසිවෙකුට විපතක් නොවේව...සියල්ලෝම ආරක්ෂා කරත්වා (ම)
ලංකාවෙන් ගිය සහන කණ්ඩායම තව මාසයක්වත් නේපාලයේ රැඳෙව්වොත් හොඳයි වගේ. කොහොමටත් අපේ කණ්ඩායම සහන කටයුතු සහ ගළවාගැනීම් පිළිබඳව වැඩිම අත්දැකීම් සහත ලොව හොඳම කණ්ඩායමයි. (නි)
සොබා දහමෙනුත් අසරණ වෙන්නේ අහිංසක මිනිසුන්මයි! (නි)
අනේ දෙවියනේ! කිසිවෙකුට කිසිදු කරදරයක් නොවේවා! (නි)