(චන්දන ප‍්‍රනාන්දු )
දකුණු ඉතාලියේ ප‍්‍රධානතම නගරය ලෙස සැලකෙන නාපෝලි මහා නගර සභාවට පළමු වරට එරට වෙසෙන සියලුම විදේශිකයන් නියෝජනය කිරිම සඳහා සභිකයෙක් තෝරා පත් කර ගැනිමට පැවති මැතිවරණයෙන් ශ‍්‍රි ලාංකිකයෙක් ජයගෙන තිබේ.
මෙලෙස ජයගෙන ඇත්තේ වසර 18 ක පමණ කාලයක් එරට රැකියාවක නිරත හලාවත ඉනිගොඩවෙල පදිංචි මිහිඳුකුලසූරිය විරාජ් ප‍්‍රසන්න නැමති 41 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම ජයග‍්‍රහණයත් සමඟ නාපෝලි නගරයේ ජීවත්වන අසුදාහකට අධික විදේශිකයන් මෙන්ම දහ අටදාහක් පමණ වන ශ‍්‍රි ලාංකිකයන්ගේ සියලුම ආකාරයේ ගැටලු සුභ සාධනය සම්බන්ධයෙන් නාපෝලි නගරාධිපතිවරයා හා නගර සභාවට ඉදිරිපත් කිරිම විරාජ් ප‍්‍රසන්න මහතාට හිමිව තිබේ.
නාපොලි නගරයේ නීත්‍යනූකූලව ජිවත්වන සියලුම විදේශිකයන් හා නාපොලි නගර සභාවේ ලියපදිංචිව සිටි විදේශිකයන් මෙම ඡන්ද විමසීමට සුදුසුකම් ලබා තිබු අතර ඉතාලියේ පළමුවරට මෙවන් නියෝජනයක් ලාංකිකයෙකුට හිමිව තිබේ .
දෙදරු පියෙකුවන විරාජ් ප‍්‍රසන්න මහතා තම පවුලේ සමාජිකයන් සමඟ එරට ජිවත්වන අතර නාපොලි නගරයේ ජිවත්වන ලාංකිකයන්ගේ හා විදේශිකයන්ගේ සියලුම ආකාරයේ ගැටළු සඳහා මැදිහත් වි උපරිම අවංක සේවයක් කිරිම තම අරමුණ බව විරාජ් ප‍්‍රසන්න මහතා අප සමග වයිබර් තාක්ෂණය හරහා සම්බන්ධවෙමින් පැවසිය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට ....... හොඳ කීර්තියක්..... ඔබතුමාට අපෙන් සුභ පැතුම්.....
ලංකාවේ අපි කොහේ ගියත් ගේම් එක හොදට සෙල්ලම් කරනවා. නියමයි!
ඔබට ජය මිතුර
මිලාන් වලත් ශ්රීලාංකික නගර සභිකයෙක් ඉන්නවා නිරන්ජන් කියලා නමුත් කුමන ආකාරයේ සේවයක් සිදුවනවාද කියලා අපි නම් දන්නේ නැහැ.
ඔබ ගැන ඉතාමත් සතුටට පත් වෙමි .නාපොලි,කියන්නෙ ලේසිපාසු නගරයක් නෙමෙ.හොඳට වැඩ කරගෙන යන්න ඔබට ශක්තිය ලැබේවා .
ඔබ ගැන ඉතාමත් සතුටට පත් වෙමි .නාපොලි,කියන්නෙ ලේසිපාසු නගරයක් නෙමෙ.හොඳට වැඩ කරගෙන යන්න ඔබට ශක්තිය ලැබේවා .
සුද්දෙක්ගේ ගෙදරක කාමරයක අතට අත දෙන මේ පින්තුරය මට තේරෙන්නේ නැහැ
ඔබතුමාට අපේ සුභපැතුම්
ඉමාලි මිලානෝ, කියලා දැමීමට ඉතාලියේ නෙවෙයි වගෙ ඉන්නෙ. ඔය පින්තූරෙ ඉන්නෙ නගරාධිපති, සහ නිල කාමරය බව ඉතාලි කොඩියෙන්වත් තේරුම් ගන්න බැරිද ?