දීපා අධිකාරි /ටී.කේ.ජී. කපිල
එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් සමාප්ති උළෙලට සහාභාගී වීමට නේපාල ජනාධිපතිනී බිද්‍ය දේවී භන්දාරි මහත්මිය මීට සුළු මොහොතකට කලින් කටුනායක ගුවන්තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියාය. අමාත්‍යවරුන් වන තලතා අතුකෝරළ සහ විජයදාස රාජපක්ෂ විසින් ඇය පිළිගනු ලැබීය. මහනුවර ශ්‍රී දළදා වහනසේ වැඳපුදා ගැනීමෙන් පසු නෙළුම්පොකුණේ අද සවස පැවැත්වෙන සංස්කෘතික සංදර්ශනය නැරඹීමට ද ඇය සහභාගී වනු ඇති. එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් සමාප්ති උත්සවය හෙට (14) මහනුවරදී පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ සල්ලි අනේ මේ වගේ මෝඩ රැලක්
ලංකාණ්ඩුවේ අයට ප්රෝටෝකොල් තේරෙන්නේ නෑ. අගමැතිවරයෙක් පිළිගන්න ජනාධිපති ගියා. ජනාධිපතිනියක් පිළිගන්න නිකම්ම ඇමතිවරුන්. නේපාල ජනාධිපතිනියට අඩු සැලකිලි ඉන්දියාවට භය නිසා ද? නේපාල ජනාධිපතිනිය හරිම නිහතමානියි.
යෝග, කාගේ සල්ලිද? ඔයාගේ අප්පච්චිගේද? එයාල එන්නේ අන්තර්ජාතික වෙසක් උළෙල වෙනුවෙන්. මේකට එන අයටටිකට් වලට රටේ සල්ලි වියදම් වෙන්නේ නැහැ. අපි කරන ආමිස පූජා අපි අරන් යයි.. ඔයාගේ ආගම වෙන එකක් වගෙයි.