‘‘හෙරොයින් එතනෝල් ආසනික් සිගරට් සහ කැසිනෝ මාෆියාව රට ගිල ගෙන තිබේ. එවැනි තත්වයකට පසුබිම සැකසු රාජපක්‍ෂ පාලනයට තුන්වන අවස්ථාවත් ලබාදීමට ජනතාව සූදානම් නැතැයි‘‘ හිටපු අමාත්‍ය ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතා මාවනැල්ලේ දී පැවසීය. පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට මේ රැලිය සංවිධානය කර තිබිණි.
‘‘එතනෝල් කල්ලිය හි මුදල් වත්මන් පාලකයන්ගේ අවශ්‍යතා සඳහා වැය කෙරේ. මනාප ලබාගැනීමටත් දේශපාලන පිල්මාරු සඳහා පුද්ගලයන්ට ලබාදීමටත් විවිධ දන්සැල් ආකාරයේ සම්පත් බෙදාහැරීමටත් භාවිත කෙරෙන්නේ එම මුදල්ය.‘‘
රුපියල් ප‍්‍රකෝටි ගණනක් එතනෝල් කල්ලිය වැය කරන බව රණවක මහතා කීවේය. ‘‘රේගුවෙන් එතනෝල් පිටකර ගැනීම නැවැත්වීමේ හැකියාව ජනාධිපතිවරයාට තිබේ. රේගුව ඔහු යටතේ පැවතීම ඊට හේතුවයි. එහෙත් සංවේදී නායකයා එතනෝල් මාෆියාව පාලනය කිරීමට කිසිදු පියවරක් නොගන්නා බව පෙනේ‘‘
‘‘එක් අවස්ථාවක මත්කුඩු කන්ටේනරයක් පිළිබඳ තොරතුරු ලැබිණ. ඡායාරූප සහිතව එය රජයට ලබාදුන්නද කිසිදු ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට ක‍්‍රියා නොකෙරිණ. එහෙත් ප‍්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවට සුළු පරිමාණ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට රජය පියවර ගත්තේය. ප‍්‍රධාන ජාවාරම්කරුවන් රජයට සම්බන්ධවීම ඊට හේතුවයි.‘‘
‘‘ආසනික් මාෆියාවක් ද ක‍්‍රියාත්මක වෙයි. රජරට ලක්‍ෂ 2 ක පමණ පිරිසක් වකුගඩු රෝගයෙන් පීඩා විඳිති තත්වය කෙරෙහි අවධානය යොමුකර කෘෂි රසායන ද්‍රව්‍ය කිහිපයක් තහනම් කිරීමට රජයට මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සෞඛ්‍ය අමාත්‍යධුරය යටතේ යෝජනා කෙරිණ.‘‘ එහෙත් රජය ඊට අවශ්‍ය ක‍්‍රියාමාර්ග නොගත් බව රණවක මහතා පෙන්වා දෙයි. වකුගඩු රෝග හේතුවෙන් වාර්ෂිකව 15,000ක් මිය ගියද සංවේදී නායකයාගේ හදවත ඊට උණුවන්නේ නැත. එවැනි රජයකට විරෝධය පළකිරීම සඳහා රජයෙන් පිටතට පැමිණි බව මාවනැල්ල රැලියේදී රණවක මහතා අවධාරණය කළේය.
මත්කුඩු කල්ලි වලින් රට ගලවා ගැනීමටත් ඔවුන්ට දැඩි දඩුවම් පැමිණ වීමටත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කළ යුතු යැයි ඔහු කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් රජවරු ලඟින් ඉඳිමෙන් ඔහුගෙ චරිතය කිලිටිවෙයි ගුවන් ගැබ සැරිසරන් දෙවියොත් ඔහුගෙ ගමනට සහය වෙයි රුවන් මිණිමුතු මැවෙන පොලවේ තවත් බුදුවරු පහලවෙයි සෙමින් දහමින් රටක් මෙහෙයව ඔහුත් දිනයක රජෙකු වෙයි (නදී)
මෙයා මේ කියන නපුරු මාෆියාව මේ රටට ජනාදිපතිතුමා ගෙනාපු එකක්ද ?මෙයාල හරියට පොඩි දරුවෝ වගේ කතාකරන්නේ.මොනවා හරි තමන්ට වාසි දායක දෙයක් දැකලා ඇස් අන්ද කරගෙන,රටේ මිනිස්සුන්වත් නොමග යවනවා .එත් වැඩක් වෙන්නේ නැහැ.(හේ)
අපිට තේරුම් ගන්න බැරි ඔබ ඉන්න විට මේවා කීවේ නැත්තේ අැයි කියලා (නදී)
අනේ ඔය එක්කෙනෙක්ගේ හරි නමක් කියන්නකෝ. පාර්ලිමේන්තු වරපසාද නිසා නඩු දාන්න බැහැනේ. (නදී)
කමක් නැහැ ඉතින් කොටියාගෙන් රට බේරාගත්තා නේ. (හේ)
ඇයි ඒ අයගේ නම් කියන්න බයද.? නම් ටිකත් කියලා දාන්නකෝ. ඔබතුමාලා එළියට බැස්සේ ගල් ලෙන බිදලානේ තවත් මොකටද ලෙනේ ඉන්න උදවිය රකින්නේ . ඔබ තුමාලා කියන ඒවා ඔබලාටම ස්ථිර නෑ. (හේ)
අපේ සමහර අයට මේවා තේරෙන්නේ නැහැ.(හේ)
දැන් තමයි මෙයාට මේවා මතක් වෙන්නේ... ආණ්ඩුවේ ඇතුලේ ඉඳගෙන මොනවද කළේ ?(හේ)
එතුමා අවංක කෙනෙක් වෙන්න ඇති. එ්ත් කතාවල නම් කිසිම පදනමක් නැහැ. ඉස්සරත් මත් ද්‍රව්‍ය තිබුනා. එත් මේ වගේ ඇල්ලුවේ නැහැ. තිබුන දේශපාලන මාෆියාව නිසා. දැන් රටේ මත් ද්‍රව්‍ය අල්ලනකොට එ්ක හරිම විනිවිද බාවයක් ඇතිව රටට හෙළිකරනවා. එ්ක දරාගන්න බැරි සමහරුන්ට මේවා පෙනෙන්නේ දැන් රට මතින් විනාශ වෙලා වගේ (නදී)
නපුරු කල්ලි ආරක්ෂා කරන අයව ගෙදර යවමු. එතකොට කල්ලි දියවෙනවා. (නදී)
මට දුක චම්පික මහත්තයා ගැන , ජාතික නායකත්වයක් සදහා යා හැකි ඔහුගේ දේශපාලන දිවිය විනාස කරනවා.(හේ)
මේ තුමා කියන කතාව ඇත්ත. හෙරොයින් එතනෝල් ආසනික් සිගරට් සහ කැසිනෝ මාෆියාව රට ගිල ගෙන තිබේ ඕකට ගොඩක් ගොදුරු වෙන්නේ අහිංසක මිනිස්සු (නදී)
ඔබ තුමාට ජය , මිනිස්සුන්ගේ හෘද සාක්කියට කතා කරන්න ඔබතුමාට පුළුවන්. (නදී)
පොඩ්ඩක් දාල ජාතිය ගැන දොඩවන අය අධිවේගී මාර්ගවලදී පොඩ්ඩක් දාල තමයි වාහන එලවන්නේ .බලත්‍රත් නැහැ .වාහන නොම්මරත් නැහැ . (අ)
ඔබ තුමාගේ සද්භාවය සහ සිංහල තරුණ ජවය තුලින් බොදු ධාර්මික රටක් නැවත ගොඩ නගන්නට හැකි වේවා!(හේ)
දැන් තිබේන පංච මහා බලවේග මේවා තමයි. එහෙත් සංවේදී නායකයා මේවා පාලනය කිරීමට කිසිදු පියවරක් නොගන්නා බව පෙනේ. අපි මෛත‍්‍රීපාල සමගයි!! (හේ)
වත්මන් රජයේ පංච මහා බලවේගය.(හේ)
එතකොට ඇමති තුමා. ඔය අර සොළොස් බලවේගය ගැන ඔබතුමා මුකුත්ම කියන්නේ නැද්ද?(හේ)
ඉස්සර කට වහගෙන හිටියේ මොකද ?(හේ)
පෙරහැර ගියාට පස්සේ කියල වැඩක් නැහැ.(හේ)
ඔබට සුබ පතනවා. ඔබේ සිංහලයක් විදියට ඉදිරියට යන්න ඕනි. ඔබ සමග අපි සිටිනවා.(හේ)
දැන් සිගරට් අලෙවිය හොඳටම පහළ බැහැලා කියලා ඔබ තුමා පිළිගන්නේ නැද්ද? බීපු මිනිස්සු පාරේ තොටේ දකින්නවත් නැති බව සහ බීලා වාහන පදවන එක අවම වෙලා කියලා ඔබ තුමා පිළිගන්නවද? නීති හදලා ඒ ජයග්‍රහණ රටට ලබා දුන්නේ මේ ආණ්ඩුවෙන් නෙමෙයිද?(හේ)
මට මෙහිදී බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ සුප‍්‍රකට කවියක් සිහිපත් වේ. එහි කොටසක් මෙසේය. ”දිනෙක මම ගින්නෙන් දැවෙන ගෙයක් දිටිමි. ගිනි දලූ වහල තෙක් දික්විණ. වහා එතනට ගොස් බැලීමි. තවමත් එහි නිවැසියෝ සිටිති. දොර පියන් හැර දමා මෙසේ කතා කළෙමි ‘නිවස ගිනි ගෙන ඇත. වහා පිටතට එන්න.’ එහෙත් ඔවුන්ට ඉක්මනක් නැත. ඇහි බැම පවා දැවී යද්දී එකෙක් මෙසේ ඇසී ය. ‘ඇත්තෙන්ම පිටත කොයි වගේ ද? වැස්ස එහෙම පවතී ද? සුළඟ සැර ද? එහි අපට වෙනත් ගෙයක් තිබේ ද? ආදි කෙළවරක් නැති පැන විමැසිණ. මම ආපසු හැරුණෙ මි. මට සිතුණේ, පැන අසා නිම කරන්නට පෙර ඔවුනට ගින්නේ මිය යාමට වුවමනා බවයි. සැබැවින්ම පින්වත්නි, පොළොව ගිනි ගෙන දෙපතුල් දැවෙන තුරු එතැනින් බැහැරවීමට නොසිතන්නේ නම් එවැන්නෙකුට කීමට බණක් මට නැත්තේ මැයි.” (පරිවර්තනය එස් ජී පුංචිහේවා) (නදී)
දැන්ද කියන්නේ, කියක් සිංගප්පුරුවේදී ලැබුනද ? (නදී)
පාර හැදුවට පාරේ යන අය යටකරගෙන වාහන යනවා. පාරයටින් මාරු වෙන්න හදන්න ඕනා. අලුත් පාරවල් හැදෙන්න ඕනා. එතකොට තමයි තදබදය අඩුවෙන්නේ (නදී)
ගමගේ මහතාණනි, ඕවා පේන්න නැති වුනාට ඕන තරම් වෙනවා.දැන් තරුණයෝ එළිපිට සිගරට් බොන්නේ නෑ. නමුත් කඩයක්, හෝටලයක් අස්සට ගිහිල්ලා බලන්න පොඩ්ඩක්. මම මේ ලඟදි බාර් එකක් ගාව හිටියා. දැන් බාර් එකට කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලොම ඇවිත් මත්පැන් අරන් යන්නේ.(හේ)
ඔබතුමා මොකද මේ නින්දෙන් ඇහැරිලා වගේ කතා කරන්නේ ?(හේ)
මෙතුමා තමා ඊළඟට අපේ රටේ රාජ්‍ය නායකයා. මෙතුමා සතපහක් වත් හොරකම් නොකරපු ප්‍රතිපත්ති ගරුක එඩිතර නායකයෙක්. බොදු බලේ උන්න තරුණයෝ එක හඬින් කිව්වා මෙතුමාව අනුගමනය කරන්න කියල බොදු බලයට. (නදී)
ඇත්තටම නියම සිංහලයක් ඹබ.(හේ)
කලින් ආණ්ඩුවලත් කුඩු මාමලා හිටියා. එ්ත් කවුරුත් කතා කෙරුවේ නම් නැහැ. ඒකට හේතුව එදා ඒවා රාජ්‍ය බලපෑම නිසා ඇල්ලුවේ නැති නිසයි. අද එහෙමද.? අද එතනෝල් කුඩු මේ හැම දෙයක්ම අල්ලනවා. ආණ්ඩුවේ අනු දැනුම ඇතිව මේවා කරනවා නම් අද හෙරොයින් අල්ලන්නේ ඇයි? එදාට වඩා දක්ෂ විදිහට වහන්න ඉඩ තිබුණනේ. යමක පදනමක් ඇතිව කතා කල යුතුයි කියා මම හිතනවා.(නදී)