ඉහළ බෝපේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට පැමිණී ගැබිණි මවකට දුන් එන්නතකින් පසු අසාධ්‍ය තත්ත්වයෙන් හෝමාගම රෝහලට ඇතුළු කළ නමුත් ඇය මිය ගිය බව රෝහල් ආරංචි කියයි.
නිවුන් දරුවන් දෙදනකුගේ මවක වන 35 හැවිරිදි මෙම කාන්තාව ගබිසාවක් කැර ගැනීමට ගියේ දැයි සැකයක් පවතින බව පොලීසිය පවසයි.
වෛද්‍ය මධ්‍යස්ථානයේදී පසුගිය පළමුවැනිදා ඇයට එන්නතක් දී ඇතැයි ඉන්පසු ඇයට අමාරු වී ඇති බවත් එම මධ්‍යස්ථානයෙන් ඇය රජයේ රෝහලට යවා ඇති බවත් දැන ගන්නට ඇත.
රජයේ රෝහලේ වෛද්‍යවරුන් ඇගේ ජීවිතය බේරා ගැනීමට ගත් උත්සාහය අසාර්තක වී ඇත.දැඩි සත්කාර ඒකකයට ද ඇතුළු කළ නමුත් මිය ගිය බව රෝහල් ආරංචි කියයි.
පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරයාගෙන් කට උත්තරයක් ලබා ගැනීම සඳහා ඔහුට පොලීසියට පැමිණෙන ලෙස දන්වා තිබෙන නමුත් ඔහු නොපැමිණි නිසා නීතී මගින් කටයුතු කරන බව පොලීසිය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරිඳු මොඩයා වගේ කතා කරන්න එපා. ජාතිවාදී ලෙස කතා කරන එක නීති විරෝදී නැද්ද? මෝඩයා වෙන්න එපා. (නදී)
ජීවිතත් එක්ක සෙල්ලම් කරනවා කියල නිතර අහන්න ලැබෙන්නේ පොලිසිය සම්බන්ධයෙන්. ඒත් දැන් ඒ තත්වය ගන්න මුදල් හඹා යන "දොස්-තර" වරුත් තරඟ කරනවා. (නදී)
අපරාදේ ජීවිත දෙකක්! (නි)
මෙයා නිත්‍යානුකුල දොස්තරෙක්ද කියල හොයල බලන්න ඕනේ (දී)
විකාර කතා කියන්න එපා කල්ප. රටකට පොලිසියක් තිබෙන්නේ නීතිවිරෝධී ක්‍රියා ගැන පියවර ගන්නයි. (නි)
දැන් නම් වෛද්‍යවරයෙක් වෙන්න මහන්සි වෙනවට වැඩිය හොඳයි පොලිස් නිලදාරියෙක් වෙන එක. (නදී)
අපරාදේ ජීවිත දෙක. අමාරු වෙනකොට කවුරු කවුරුත් නවතින්නේ රජයේ රෝහලේ.(නදී)
කල්ප, මාතෘකාවට අදාලව කතා කරන්න. (නි)
මේවට බොදු බල සේනා කතා කරන්නේ නැත්තෙ ඇයි? (ස)
දැන් ඉන්න ගොඩක් කට්ටිය සල්ලි පස්සේ දුවන අයනේ. (දී)
කෙලින්ම ස්පිරිතාලෙට ගියානම් ඉවරයිනේ (දී)
කට උත්තර දෙන්න යන්න තරම් වත් වෙලාවක් නැහැ (දී)
සමහර පුද්ගලික වෛද්‍ය ආයතනවල තියන එන්නත් ප්‍රමිතියට නැහැ ,ඒකනිසා සමහර තැන් වලට යන්න කලින් දෙපාරක් හිතන්න . (දී)