කොල්ලුපිටියේ තෙමහල් ගොඩනැගිල්ලක ගබ්සා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය වෛද්‍යවරයකුබව කියන පුද්ගලයකු කාන්තාවන් තිදෙනෙකු සමඟ ගබ්සා කිරීමට යොදාගන්නා ඖෂධ හා උපකරණ රැසක් සොයා ගත් බව වලාන දුෂණ මර්ධන ඒකකය කියයි.
වෛද්‍යවරයාගේ නිවසේ තිබී අසභ්‍ය දර්ශන ඇතුළත් ඩීවීඩි තැටිද සොයාගෙන ඇත.
ගබ්සාවට ලක් කළ කාන්තාවක අධික රුධිර වහනය නිසා රෝහල් ගත කළ බව ද පොලීසිය කියයි.
ගබ්සාවක් සිදු කිරීම සඳහා රුපියල් විසිදාහත් විසිපන්දහසත් මුදලක් අය කරගන්නා බවත් පොලීසිය කියයි.
කොටුව මහේස්ත්‍රාත් අධීකරණයෙන් ගත් සෝදිසි වරෙන්තුවක් අනුව මෙම වැටැලීම සිදු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කසුන්, එතකොට කාන්තාව විතරද වැරදි? (නි)
කසුන් කියන කතාවට මම එකඟ නැහැ (නි)
මෙය මිනීමැරීමක් හා සමානයි .ඔහොම සල්ලි හොයලා මොන ලෝකයක යන්නද? ඔය කළලය තමන් වුණා නම් ඔය කිසිවෙක් තමන් මරා දමනවාට කැමතිද? (නි)
මේකට මූලික වුනේ නෙත් FM එක නේද? එය සදහන් කිරීම හොද මාධ්‍යක අවංක ප්‍රතිරූපය පෙන්වීමක් නේද? (අ)
ගබ්සාව නීති ගතකළ යුතුයි. (ර)
මුලින්ම මාගේ අදහස් පලකල එසැනට මාගේ ස්තුතිය. සමහර මිනිසුන් දැනුවත්ව වැරදි කරනවා, සමහරු නොදැනුවත්ව වැරදි කරනවා. දැනුවත්ව වැරදි කරන අයට සමාව දීම පවක්. නොදැනුවත්ව වැරදි කරන අයට දඩුවම් කිරීම පවක්. නිත්‍යානුකූලව විවාහවී දරුවන් නොමැතිව සිතින් දහදුක් විඳින මවුවරුන් අපේ රටේ ගොඩක් ඉන්නවා. තමුන්ට දරුවා අවශ්‍ය නොවේනම් එවැනි මවක් සොයා ඇයට ලබාදෙන්න පුළුවන්. දරුවත් සතුටුවෙයි. ඒ අම්මත් සතුටුවෙයි. මේ අපරාධ කරන කාන්තාවන්ගේ මවු වරුන් එදා මෙහෙම හිතලා තිබුනානම් මේ සුන්දර ලෝකය ඒ අයට දක්කින්නවත් ලැබේද..? (ර)
ගබ්සාව නීතිගත වුණානම්,සමහරවිට ඔය කතාව කියන්න අද ලලිත් නැතිවෙන්නත් පුලුවන්. කාගෙවත් වැරදි වලට නුපන් දරුවන් පළි නැහැ. මෝඩ කතා කියන්න එපා. (නි)
නීතිගත කරන්න බැරිද මේක? (නි)
මම නම් කියන්නේ ඕකට වැරැදි කාරයා වෛද්‍යවරයා නෙමෙයි. සම්පූර්ණයෙන්ම වරද කාන්තාවගේ අතේ. මොකද වෛද්‍යවරයා කාන්තාව ළඟට යන්නේ නැ. කාන්තාවයි වෛද්‍යවරයා ළඟට එනවා මිසක්. (ර)
"නූපන් දරුවන් මරන්න" නූපන් නම් අප‍්‍රාණිකයි. අප්‍රාණික නම් පණ නැහැ. පණ නැති නම් මරන්නේ ? මේ අපප්භ‍්‍රන්සේ මට නම් තේරුම් ගන්න බැහැ. (ර)