IMG-LOGO

නූපන් දරුවන් මරන්න 25000යි

කොල්ලුපිටියේ තෙමහල් ගොඩනැගිල්ලක ගබ්සා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය වෛද්‍යවරයකුබව කියන පුද්ගලයකු කාන්තාවන් තිදෙනෙකු සමඟ ගබ්සා කිරීමට යොදාගන්නා ඖෂධ හා උපකරණ රැසක් සොයා ගත් බව වලාන දුෂණ මර්ධන ඒකකය කියයි.

වෛද්‍යවරයාගේ නිවසේ තිබී අසභ්‍ය දර්ශන ඇතුළත් ඩීවීඩි තැටිද සොයාගෙන ඇත.

ගබ්සාවට ලක් කළ කාන්තාවක අධික රුධිර වහනය නිසා රෝහල් ගත කළ බව ද පොලීසිය කියයි.

ගබ්සාවක් සිදු කිරීම සඳහා රුපියල් විසිදාහත් විසිපන්දහසත් මුදලක් අය කරගන්නා බවත් පොලීසිය කියයි.

කොටුව මහේස්ත්‍රාත් අධීකරණයෙන් ගත් සෝදිසි වරෙන්තුවක් අනුව මෙම වැටැලීම සිදු කළේය.

 

 

 



අදහස් (0)

නූපන් දරුවන් මරන්න 25000යි

දිල්රුක්ෂි Friday, 31 October 2014 01:38 AM

කසුන්, එතකොට කාන්තාව විතරද වැරදි? (නි)

:       0       0

යසිරු Friday, 31 October 2014 04:35 AM

කසුන් කියන කතාවට මම එකඟ නැහැ (නි)

:       0       0

ඉන්දික Friday, 31 October 2014 03:54 PM

මෙය මිනීමැරීමක් හා සමානයි .ඔහොම සල්ලි හොයලා මොන ලෝකයක යන්නද? ඔය කළලය තමන් වුණා නම් ඔය කිසිවෙක් තමන් මරා දමනවාට කැමතිද? (නි)

:       0       0

මොහාන් Friday, 31 October 2014 05:00 AM

මේකට මූලික වුනේ නෙත් FM එක නේද? එය සදහන් කිරීම හොද මාධ්‍යක අවංක ප්‍රතිරූපය පෙන්වීමක් නේද? (අ)

:       0       0

ලලිත් ගුනදාස Thursday, 30 October 2014 01:32 PM

ගබ්සාව නීති ගතකළ යුතුයි. (ර)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 30 October 2014 01:37 PM

මුලින්ම මාගේ අදහස් පලකල එසැනට මාගේ ස්තුතිය. සමහර මිනිසුන් දැනුවත්ව වැරදි කරනවා, සමහරු නොදැනුවත්ව වැරදි කරනවා. දැනුවත්ව වැරදි කරන අයට සමාව දීම පවක්. නොදැනුවත්ව වැරදි කරන අයට දඩුවම් කිරීම පවක්. නිත්‍යානුකූලව විවාහවී දරුවන් නොමැතිව සිතින් දහදුක් විඳින මවුවරුන් අපේ රටේ ගොඩක් ඉන්නවා. තමුන්ට දරුවා අවශ්‍ය නොවේනම් එවැනි මවක් සොයා ඇයට ලබාදෙන්න පුළුවන්. දරුවත් සතුටුවෙයි. ඒ අම්මත් සතුටුවෙයි. මේ අපරාධ කරන කාන්තාවන්ගේ මවු වරුන් එදා මෙහෙම හිතලා තිබුනානම් මේ සුන්දර ලෝකය ඒ අයට දක්කින්නවත් ලැබේද..? (ර)

:       0       0

ධනුක Friday, 31 October 2014 07:20 PM

ගබ්සාව නීතිගත වුණානම්,සමහරවිට ඔය කතාව කියන්න අද ලලිත් නැතිවෙන්නත් පුලුවන්. කාගෙවත් වැරදි වලට නුපන් දරුවන් පළි නැහැ. මෝඩ කතා කියන්න එපා. (නි)

:       0       0

රන්ජිත් Thursday, 30 October 2014 02:23 PM

නීතිගත කරන්න බැරිද මේක? (නි)

:       0       0

කසුන් Thursday, 30 October 2014 02:39 PM

මම නම් කියන්නේ ඕකට වැරැදි කාරයා වෛද්‍යවරයා නෙමෙයි. සම්පූර්ණයෙන්ම වරද කාන්තාවගේ අතේ. මොකද වෛද්‍යවරයා කාන්තාව ළඟට යන්නේ නැ. කාන්තාවයි වෛද්‍යවරයා ළඟට එනවා මිසක්. (ර)

:       0       0

ටෙනිසන් Thursday, 30 October 2014 06:03 PM

"නූපන් දරුවන් මරන්න" නූපන් නම් අප‍්‍රාණිකයි. අප්‍රාණික නම් පණ නැහැ. පණ නැති නම් මරන්නේ ? මේ අපප්භ‍්‍රන්සේ මට නම් තේරුම් ගන්න බැහැ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1675 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site