හඳුනා නොගත් වාහනවලින් අනතුරුවලට ලක්වන්නවුනට වන්දි ලබාදීමට රජය සැරසෙයි.
ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රවාහන අමාත්‍යංශයේදී අද (23) එවැනි පුද්ගලයින් පස් දෙනකුට රුපියල් ලක්ෂය බැගින්ද, රුපියල් හැත්තෑ පන්දහස බැගින් පුද්ගලයින් හතර දෙනකුටද වන්දි පිරිනැමීය.
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති අරණ කේ.රණසිංහ ලේකම් චතුර උමගිලිය මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ. මෙවැනි අනතුරු ගැන ජනතාව දැනුවත් කිරීම සඳහා දිවයින පුරා පිහිටි පොලිස් ස්ථානවලට බහු මාධ්‍ය ප්‍රක්ශේපන යන්ත්‍ර ද අමාත්‍යවරයා බෙදා දුන්නේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ බහුතරයක් ඉන්නේ උපුල්, ඉන්දික වගේ කට්ටිය තමා. මේ අයට යමක් තේරුම් ගන්න හැටි ඉගෙන ගන්න ආපහු ඉස්කෝලේ ගියොත් හොඳයි. (බ)
දැන් වාහනයක හැප්පුනත් මොනවාහනයද හැප්පුවේ කියල බලන එකක් නැහැ. සල්ලි ලැබෙනවනේ . (ර)
මගේ අදහස නොදන්නා අය දැනුවත් කිරීමටයි දැම්මේ (බ)
ඔහොම සල්ලි දීල අනතුරු වළක්වන්න පුලුවන්ද , මාර්ග සංඥා පුවරු හරියට අවශ්‍ය තැනට සවිකරලා, මාර්ග නීති තදින් පිළිපැදීමට ජනතාව හුරු කිරීමයි කරන්න තියෙන්නේ. මේ ඡන්දෙ බලා ගෙන කරන වැඩ. (බ)
මේවා මෝඩ වැඩ රටක දියුණුවට මේ වගේ මෝඩ චූන් දාලා හරි යන්නේ නැහැ. හැම එකාම එකතු වෙලා මේ රට ගොඩ නගන්න ඕනේ. හිටපු නායකයා කරපු දේ වගේම නොකරන්න ඕනේ දේත් කළා. ඒකයි මිනිසුන්ට එපා උනේ තාම ශ්‍රී ලංකාව හොඳ අතකට යන බවක් මම දකින්නේ නැහැ. (ස)
විජේරත්න, මම අදහස දැම්මේ අපේ රටේ මිනිස්සු ගැන දන්නා හින්දයි. සමහරවිට හැප්පිච්ච වහනෙනුත් ගානක් අරගෙන එයට යන්න කියල. වාහනේ අැඳුරුවෙ නැහැ කියල ආණ්ඩුවෙනුත් සල්ලි ගන්න පුළුවන්. මොකද හැප්පිච්ච වාහනේ එක්කෙනත් කැමතියි ඉක්මනට එතනින් මාරු වෙලා යන්න. (ස)
විජයබාහු ඔබත් අර උපුල්ගේම වර්ගයේ කෙනෙක්. ඔබ ඔය උපන් කොලිටි එක වෙනස් කරන්න ඉතින් සක්‍රයටවත් බැහැ. අපි මේ තිරයට අපේ ස්වාධින අදහසක් ලියන්නේ සමාගම් වල ලාබ පාඩු ගැන බලල නෙවෙයි අහිංසක මහජනතාව ගැන හිතලයි. ඔය සමාගම් හා ලොකු ලොක්කන් ගැන කතාකරන්න, ඒ අයගේ අයිතිවාසිකම් රැක දෙන්න ඕන තරම් අය ඉන්නවා. නමුත් රටේ විශාල ලෙස අසාධාරණයට ලක්වෙන ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න කවුරුත් නැහැ. විජේබාහු, ඔබ ලාංකික පුරවැසියන් ගැන හිතන විදිහ ගැන ඔබ ලජ්ජා වෙන්න. ඔබගේ ජන්මයට වඩා අනෙක් බහුතරයගේ ජන්මය වෙනස් බව පමණක් හිතට ගන්න. ජනතාව වෙනුවෙන් අරගෙන තියන මේ වටිනා ක්‍රියා මාර්ගය අපි අගය කරනවා!! (බ)
රිය අනතුරු -වේවි ලොතරැලි (බ)
මේ වගේ නිවුස් අහන අපි පිස්සන් කියල හිතෙනවා. (ස)
මම ඉන්නෙ කොච්චිකඩේ ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක් අසල. එහි තිබුනු පදිකමාරු කහ ඉර මැකිල වේගසීමා හෝ මාර්ග සංඥා පුවරු නැහැ. හැප්පුනාට පසුව සල්ලි දෙනවා වෙනුවට මේවගේ දේවල් කරල දුන්නනම හොඳනැත්ද? (ස)
අදුරන වාහනයක හපුනොත් (ස)
හැම කෙනාම දැන් වාහනවල හැප්පෙයි. (ත)
අදුනගත්තත් නාදුනන රියක් කියල කියයි! (ම)
මෙන්න යහ පාලනය. උපුල් , කවුරුවත් ඕනෑකමින් වාහන වල හැප්පෙන්නේ නැහැනේ. (ත)
මම දන්නා එක රක්ෂණ සමාගමක් මිලියන ගානක් පාඩු ලැබුවා ඔය වගේ දෙයක් කරන්න ගිහින්. පිට රටවල රක්ෂණ සමාගම් වල මුළු ගෙවීම් වලින් 60% වැයවෙන්නේ ඔප්පු කරන්න බැරි ශරීර අබාධ නිසා. ඒ කියන්නේ එම අබාධ වෛද්‍ය පරීක්ෂණ වලින් ඔප්පු කරන්න බැරි නිසා. උපුල් කිව්වා වගේ හැප්පෙන්නම ඕනේ නෑ අනතුරක් වුණු බව කියන්න. එම නිසා හැප්පෙන්නේ නැතුවම හැප්පුන කියල කියයි. අපේ අයගේ හැටි දන්නා නිසයි කියන්නේ. (බ)
උපුල් ඔය වගේ ඔලු ගෙඩියක් හොයාගන්න පුලුවන්ද? රා කළයක් ලෙස ප්‍රයෝජනයට ගන්න. මෝඩකම තිබුනට ඒක ප්‍රදර්ශනය කරන්න එපා. (බ)