IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නාඳුනන රියක හැපුණත් වන්දි

හඳුනා නොගත් වාහනවලින් අනතුරුවලට ලක්වන්නවුනට වන්දි ලබාදීමට රජය සැරසෙයි.

ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රවාහන අමාත්‍යංශයේදී අද (23) එවැනි පුද්ගලයින් පස් දෙනකුට රුපියල් ලක්ෂය බැගින්ද, රුපියල් හැත්තෑ පන්දහස බැගින් පුද්ගලයින් හතර දෙනකුටද වන්දි පිරිනැමීය.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති අරණ කේ.රණසිංහ ලේකම් චතුර උමගිලිය මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ. මෙවැනි අනතුරු ගැන ජනතාව දැනුවත් කිරීම සඳහා දිවයින පුරා පිහිටි පොලිස් ස්ථානවලට බහු මාධ්‍ය ප්‍රක්ශේපන යන්ත්‍ර ද අමාත්‍යවරයා බෙදා දුන්නේය.

01 RDS_4050 RDS_4059 RDS_4063 RDS_4066 RDS_4078



අදහස් (0)

නාඳුනන රියක හැපුණත් වන්දි

විජේරත්න Thursday, 23 April 2015 10:15 AM

අපේ රටේ බහුතරයක් ඉන්නේ උපුල්, ඉන්දික වගේ කට්ටිය තමා. මේ අයට යමක් තේරුම් ගන්න හැටි ඉගෙන ගන්න ආපහු ඉස්කෝලේ ගියොත් හොඳයි. (බ)

:       0       0

සුසන්ත Thursday, 23 April 2015 10:19 AM

දැන් වාහනයක හැප්පුනත් මොනවාහනයද හැප්පුවේ කියල බලන එකක් නැහැ. සල්ලි ලැබෙනවනේ . (ර)

:       0       0

විජයබාහු Thursday, 23 April 2015 10:22 AM

මගේ අදහස නොදන්නා අය දැනුවත් කිරීමටයි දැම්මේ (බ)

:       0       0

ඇසළ Thursday, 23 April 2015 03:08 PM

ඔහොම සල්ලි දීල අනතුරු වළක්වන්න පුලුවන්ද , මාර්ග සංඥා පුවරු හරියට අවශ්‍ය තැනට සවිකරලා, මාර්ග නීති තදින් පිළිපැදීමට ජනතාව හුරු කිරීමයි කරන්න තියෙන්නේ. මේ ඡන්දෙ බලා ගෙන කරන වැඩ. (බ)

:       0       0

ප්‍රදිප් ජයගොඩ Thursday, 23 April 2015 10:47 AM

මේවා මෝඩ වැඩ රටක දියුණුවට මේ වගේ මෝඩ චූන් දාලා හරි යන්නේ නැහැ. හැම එකාම එකතු වෙලා මේ රට ගොඩ නගන්න ඕනේ. හිටපු නායකයා කරපු දේ වගේම නොකරන්න ඕනේ දේත් කළා. ඒකයි මිනිසුන්ට එපා උනේ තාම ශ්‍රී ලංකාව හොඳ අතකට යන බවක් මම දකින්නේ නැහැ. (ස)

:       0       0

ඉන්දික Thursday, 23 April 2015 10:48 AM

විජේරත්න, මම අදහස දැම්මේ අපේ රටේ මිනිස්සු ගැන දන්නා හින්දයි. සමහරවිට හැප්පිච්ච වහනෙනුත් ගානක් අරගෙන එයට යන්න කියල. වාහනේ අැඳුරුවෙ නැහැ කියල ආණ්ඩුවෙනුත් සල්ලි ගන්න පුළුවන්. මොකද හැප්පිච්ච වාහනේ එක්කෙනත් කැමතියි ඉක්මනට එතනින් මාරු වෙලා යන්න. (ස)

:       0       0

රවිඳු Thursday, 23 April 2015 11:00 AM

විජයබාහු ඔබත් අර උපුල්ගේම වර්ගයේ කෙනෙක්. ඔබ ඔය උපන් කොලිටි එක වෙනස් කරන්න ඉතින් සක්‍රයටවත් බැහැ. අපි මේ තිරයට අපේ ස්වාධින අදහසක් ලියන්නේ සමාගම් වල ලාබ පාඩු ගැන බලල නෙවෙයි අහිංසක මහජනතාව ගැන හිතලයි. ඔය සමාගම් හා ලොකු ලොක්කන් ගැන කතාකරන්න, ඒ අයගේ අයිතිවාසිකම් රැක දෙන්න ඕන තරම් අය ඉන්නවා. නමුත් රටේ විශාල ලෙස අසාධාරණයට ලක්වෙන ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න කවුරුත් නැහැ. විජේබාහු, ඔබ ලාංකික පුරවැසියන් ගැන හිතන විදිහ ගැන ඔබ ලජ්ජා වෙන්න. ඔබගේ ජන්මයට වඩා අනෙක් බහුතරයගේ ජන්මය වෙනස් බව පමණක් හිතට ගන්න. ජනතාව වෙනුවෙන් අරගෙන තියන මේ වටිනා ක්‍රියා මාර්ගය අපි අගය කරනවා!! (බ)

:       0       0

දුමින්ද Thursday, 23 April 2015 11:02 AM

රිය අනතුරු -වේවි ලොතරැලි (බ)

:       0       0

මුණසිංහ Thursday, 23 April 2015 11:19 AM

මේ වගේ නිවුස් අහන අපි පිස්සන් කියල හිතෙනවා. (ස)

:       0       0

ලෝරන්ස් Thursday, 23 April 2015 11:24 AM

මම ඉන්නෙ කොච්චිකඩේ ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක් අසල. එහි තිබුනු පදිකමාරු කහ ඉර මැකිල වේගසීමා හෝ මාර්ග සංඥා පුවරු නැහැ. හැප්පුනාට පසුව සල්ලි දෙනවා වෙනුවට මේවගේ දේවල් කරල දුන්නනම හොඳනැත්ද? (ස)

:       0       0

මංජි Thursday, 23 April 2015 07:17 PM

අදුරන වාහනයක හපුනොත් (ස)

:       0       0

උපුල් Thursday, 23 April 2015 09:06 AM

හැම කෙනාම දැන් වාහනවල හැප්පෙයි. (ත)

:       0       0

ඉන්දික Thursday, 23 April 2015 09:11 AM

අදුනගත්තත් නාදුනන රියක් කියල කියයි! (ම)

:       0       0

චමල් Thursday, 23 April 2015 09:14 AM

මෙන්න යහ පාලනය. උපුල් , කවුරුවත් ඕනෑකමින් වාහන වල හැප්පෙන්නේ නැහැනේ. (ත)

:       0       0

විජයබාහු Thursday, 23 April 2015 09:32 AM

මම දන්නා එක රක්ෂණ සමාගමක් මිලියන ගානක් පාඩු ලැබුවා ඔය වගේ දෙයක් කරන්න ගිහින්. පිට රටවල රක්ෂණ සමාගම් වල මුළු ගෙවීම් වලින් 60% වැයවෙන්නේ ඔප්පු කරන්න බැරි ශරීර අබාධ නිසා. ඒ කියන්නේ එම අබාධ වෛද්‍ය පරීක්ෂණ වලින් ඔප්පු කරන්න බැරි නිසා. උපුල් කිව්වා වගේ හැප්පෙන්නම ඕනේ නෑ අනතුරක් වුණු බව කියන්න. එම නිසා හැප්පෙන්නේ නැතුවම හැප්පුන කියල කියයි. අපේ අයගේ හැටි දන්නා නිසයි කියන්නේ. (බ)

:       0       0

කරුණාපාල Thursday, 23 April 2015 09:49 AM

උපුල් ඔය වගේ ඔලු ගෙඩියක් හොයාගන්න පුලුවන්ද? රා කළයක් ලෙස ප්‍රයෝජනයට ගන්න. මෝඩකම තිබුනට ඒක ප්‍රදර්ශනය කරන්න එපා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 101 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 903 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site