පානදුර නඟර සභාවේ හිටපු සභාපති නන්දන ගුණතිලක මහතා ලබන මහ අමැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරන බව කියයි.
කළුතර දිස්ත්‍රික්කයේ තරඟ කරන බව කී ඔහු ආසනය කුමක්දැයි සඳහන් කළේ නැත.
ගුණතිලක මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් 1994 ජනාධිපතිවරණයට තරග කළේය.
ඔහු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රභල සාමාජිකයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජේ.වී.පිය අන්තිමට නවතින්නේ යු.එන්.පී එකේ. අනුර දිසානායක ගියා කියල හෙට පත්තරේ තිබුනොත් එ්ක බෝරු නෙවෙයි. (නදී)
තමන්ගේ සහෝදරයන් ඝාතනය කරපු පක්ෂයෙන් ඡන්දය ඉල්ලනවා (නදී)
දන්නේ නැති නිසා මම අහන්නේ නන්දනගේ නායකයා මැරුවේ ශ්‍රීලංකා එකෙන්ද නැතිනම් එක්සත් ජාතික පක්ෂයෙන්ද කියල දන්නා කෙනෙක් කියන්නකෝ ..මට පිස්සු පිස්සු වගේ අනේ (නදී)
වරෙන්කො පානදුරේට ඡන්දෙ ඉල්ලගෙන දෙන්නම් බඩ පිරෙන්නම (නදී)
නන්දන ගුණතිලක මහතා කියන කතා කොහොම විශ්වාස කරන්නද ? ගිය වතාවේ පළාත් සභා මැතිවරණයේදී විදුලි පුටුව ගැන කිය කියා මහින්ද රාජපක්ෂ මහතාට ඇති තරම් කඩේ ගියා. ඇමතිකම් නොගැනීම සම්බන්ධයෙන් විරෝධය පා ජේ වී පී එකෙන් ගියා මහින්ද රාජපක්ෂට විරැද්ධ වෙලා මෛත්‍රි මහතා ළගට ගියා. දැන් එජාපයට යනවා එතුමාගේ සැබෑ දේශපාලන මතය කුමක්දැයි ප්‍රශ්නයක් (නදී)
තිලක්, ඔයා නිවැරදි තීරණ වලට සුබපතන ගමන් නිකම්වත් හිතුවද මේ කට්ටියගේ බණ අහලා වැරදි තීරණ අරගෙන ජීවිත අහිමිවූ තරුණ තරුණියන් ගැන. මේගොල්ලන්ට සුබ පතන්න ඕනෑ කපටි තීරණ වලටයි. (නි)
ඔබට ජය! (නි)
යන්නේ කොහෙද, මල්ලේ පොල්, මෙයාටත් අමු කැවිලා. කොත්තමල්ලි වතුර බිව්වනම් හොඳයි. දැනටම බිලාද දන්නේ නැහැ (නදී)
නිවැරදි තීරණයක් ..ගමනට ජය වේවා...(නදී)
ඊළඟට එජාපෙන් ඡන්දෙ ඉල්ලන්නෙ අනුර කුමාර දිසානායක. එයා දැනටත් රනිල්ගෙ සුවච කීකරු මිතුරෙක්. (නදී)
මේ වගේ අය තමයි දැන් ජේ වී පි එකේ ඉන්නෙත්. අපි වැඩ කලේ ජේ වී පි එකට ජීවිතේ පරදුවට තියලා. බූස්ස කදවුරේ අවුරුද්දක් විතර කට්ට කෑවා. එ්ත් මේ වගේ අය අපේ කැපවීම බල්ලට දැම්මා. අපි දැන් ඔයාලව බල්ලට දානවා. බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා (නදී)
ඔය ගොඩක් අය යු එන පි එකේ හිටියා. පිලිප්, ඊරියගොල්ල ,දහනායක ,බැසිල්, වගේ අය. ලංකාවේ පක්ෂ මාරු නොකරපු අය ඉන්නේ ඇඟිලි ගානට. (නදී)
ජය වේවා !!!!(ස)
අනේ ඇත්තටම මේ වගේ අය තමයි ජවිපේ ඉන්නේ. අර අරුණ කුමාර දිසානායක කියන මනුස්සයත් අපිව තවත් රවට්ටන්න ට්‍රයි කරනවා. අපි ජේ වී පි එකට රැවටුන කාලේ ඉවරයි. (නදී)
ලංකාවේ පක්ෂ මාරු කරපු අය ඕනතරම් ඉන්න පුළුවන්. ඒත් පක්ෂයක ප්‍රතිපත්ති මත ගත් වැරදි තීරණ හේතුවෙන් තරුණ ජීවිත 60000 ක් ඝාතනය වීමට වගකිව යුතු අය ඉන්නේ ටික දෙනයි.(නදී)
එහෙනම් මේ වතාවෙත් ඒ පක්ෂයෙන්ම තරඟ කරයි (නි)
ශ්රී ලාංකික දේශපාලනයේ ලාංකික ලකුණ ඔබයි. ඔබ වැනි "ගෙම්බෝ" කොතෙක් සිටියත් මේ තරම් පැනීමෙහි ලා දක්ෂ ගෙම්බෙක් කිසි කලක සිට නැති බව වගකීමෙන් කියමි. (නදී)
බය වෙන්න කාරි නෑ, ලබන ඡන්දෙදී අනුරලා, ලාල්කාන්තලා, බිමල්ලා ඔක්කොම ඒජාපයෙන් තමයි, යහ පාලනය කියන්නෙත් ඒකට නොවැ. (ම)
පරිණාමය සම්පුර්ණ කරපු ජේවීපි කාරයෙක්! අනිත් ජාවිපේ කාරයන්ගේත් තර්කානුකුල නිමවා එජාපයට සමයි. (අ)
ලොකුම සමාජවාදියෝ අන්තිමට නවතින්නේ එක්සත් ජාතික පක්ෂයේ(අ)
නන්දන මහත්මයා, ඔබ නගරාධිපති ලෙස පනදුරයට කළ වැඩ කොටස බොහොම අගය කරමි.සේවක පඩි ගෙවන්නත් නොහැකිව සිටි නගරසහාව සම්පුර්ණ කණපිට ගැහුවේ ඔබයි.දෑතේ කුණු නැති අවංක මහත්මයෙක්. (නි)
රාජා, විප්ලවවාදීන් කියන්නෙ සහොදරයින්ට ඊරිසියාවෙන් මැරප්‍රහාර එල්ල කිරීමට වඩා යමක් බව තේරුම් යෑමට ටිකක් කල් ගතවෙනවා.(නදී)
මාර්ක්(ස්) ගේ දේශපාලන දර්ශනයේ ශ්‍රීලාංකික කියවීම අවුල්ද?(නදී)
1990 ගණන්වල මුල හරියේ පානදුරේ තිබුන ප්‍රසිද්ධ රැස්වීමකදී ගුණතිලක මහතා බෙල්ලේ ටයර් එකක් පැළඳගෙන කතා කරා. මේ පාර මොනවා කොහේ දාගෙනද දන්නේ නැහැ කතා කරන්නේ. (අ)
මේවා දකින අපේ දරුවන් දැන්වත් හොර විප්ලවකාරයන්ගේ ගැටවලට අහුවෙන්නේ නැතිව ඉන්න හිතනවානම් හොඳයි. උඩ ඉන්න හොරු කට්ටිය හැමදාම දිනුම්. අහිංසකයනුත් නියම විප්ලවවාදීනුත් පැරදුණා. (අ)
එයාට ඡන්දය දෙන්නේ යුඑන්පී අයද? යුඑන්පී එකෙන් දිනන්න ජේවීපී ඡන්ද ඉල්ලන්නේ කොහොමද ලැජ්ජාවක් තියේනම්. පහුගිය කාලේ සමසමාජයේ ඉහලින්ම හිටි චම්ලි ගුණවර්ධන මහතාත් ඔය වගේ යුඑන්පී එකෙන් කළුතරට ඡන්දය ඉල්ලන්න ගිහින් පැරදුනා. (අ)
මේයා පක්ෂ මාරු කරන විදිහට කොහෙන් නතර වෙයිද දන්නේ නැහැ .(හේ)
මෙයාගේ ඇපත් රාජසන්තක කරගන්න වැඩක් මේක. කොහොමත් ජවිපෙ අන්තිමට ඉතුරුවන්නේ වෙන වෙන පක්ෂ වලට කොකු ගහගෙන. (නදී)
මිනිස්සු අතීතයේ නොව වර්තමානයේත් අනාගතය උදෙසාත් වැඩ කල යුතුයි. එය ඔහුගේ මාවත වනු ඇත (අ)
1971 දි කැරැල්ලේ විත්තිකාරයන් වූ නිමලසිරි ජයසිංහ, මහින්ද විජේසේකර ආදීන් නතර වුණෙත් ධනපති දේශපාලන පක්ෂ වල. 1989 තරුණ නැගිටීමට වගකිව යුතු පක්ෂයේම අපේක්ෂකයෙකු ලෙස නන්දන ගුණතිලක ඉදිරිපත්වීම අරුමයක් නොවෙයි. ශ්‍රී ලාංකික වාමාංශික දේශපාලන ව්‍යාපාර නායකයින් ස්වකීය පන්තියට ගොඩවීම සඳහා කම්කරුවන් හා තරුණයින් ඉණිමගක් කරගෙන ඇති බව පසුගිය දේශපාලන ඉතිහාසය පුරාවටම පෙන්නුම් කරයි. දැන් ඉන්න ජවිපෙ නායකයින් දැනටමත් එම පියවර තබමන් යනවා. ඔවුන් නුදුරු අනාගතයේදී ධනපති රජයක ඇමතිවරුන් ලෙස කම්කරුවන් හා තරුණයින් මර්ධනය කිරීම අරඹාවි. (අ)
ඔබතුමාගේ තීරණය නිවැරදි.සුබ පැතුම් (අ)
මටනම් මෙයාගේ පහුගිය කාලේ කියුම්, කෙරුම් වලින් තේරුනා පිම්මක් පනින්න හදන්නේ කියලා. (නදී)
මේවා අහල පන පලයන් ලබන අාත්මේ.(88/89)(නදී)
එන ඡන්දෙන් යු එන් පි එක දිනනවා දිනන පැත්තට යන්නේ නැතුව වෙන මොනවා කරන්නද ? හෙට අනිද්දා වෙනකොට විපක්ෂේ තව කොටසක් ආණ්ඩුවට එනවා .. (අ)
ඇපේ බේරෙන්නෙත් නැහැ. (අ)
ඒක එතුමාගේ පුද්ගලික කැමැත්තනේ! (නි)