රජයෙන් තමාට දී තිබූ ආරක්ෂාව අතරමගදී ඉවත් කළ බව පානදුර හිටපු නගර සභාපති නන්දන ගුණතිලක මහතා කියයි.
තමාගේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනා ඊයේ (15) සවස ඉවත් කර ඇතැයිද තමා බදුල්ලේ සිට නුවරඑළියට යන අතරමගදී ආරක්ෂක නිලධාරීන්ට ඉවත්වන්නැයි දැනුම්දීමක් සිදුකර ඇතැයිද ඒ මහතා පැවසීය.
කුමන හෝ හේතුවක් මත මෙසේ ආරක්ෂාව ඉවත් කිරීම තම ජීවිතය අනතුරේ හෙළීමක් බවත් මෙසේ එක්වරම ආරක්ෂාව ඉවත්කිරීම හේතුවෙන් ජනතා නියෝජිතයකු ලෙස තමාගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බවත් ඒ මහතා කියා සිටී.
තෝරාගත් තානාපති කාර්යාල, ප්‍රධාන සංවිධාන හා දේශපාලන පක්ෂවලට තමාගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් ලිඛිතව දැනුම්දුන් බවත් තමාගේ ජීවිතයට හානියක් සිදුවුවහොත් එහි වගකීම ආණ්ඩුව බාරගත යුතු බවත් නන්දන ගුණතිලක මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්නේ නම් යහපාලනය ඇති කරන්නලු. ඒත් වහෙන්ඔරෝ කියන්නේ තමා තනතුරෙන් ඉවත් වූ පසුවත් රාජ්‍ය දේපළ අයිතිය දෙන්න කියලද? මෙන්න රට හදන්න ඉල්ලන අය. (නි)
මම මොහුත් සමඟ කතා කරලාත් තියෙනවා. (නි)
ඉතින් යන්නකෝ අරයගේ උදවුවට. එතකොට ඔක්කොම හරිනේ (නි)
ඔබතුමාට දැන් තේරෙනවා නේද? ඔබතුමා පක්ෂයේ තිබුන වැරදි හදාගෙන ඇතුළේ හිටියා නම් අද ඔබ ඉන්නේ කොතැනද? දැන් පක්ෂයේ වටිනාකම තේරෙනවා ඇති නේද? (නි)
බොහොමයක් නගරාධිපතිවරුන්ට පොලිස් ආරක්ෂාවක් දීලා නැහැ. දැන් මෙයා නගරාධිපති නෙමෙයිනේ. ඉතින් ආරක්ෂාව දිය යුතුද? ඕනෑම පුද්ගලයකුට සාධාරණ හේතු මත පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටිය හැකියි. ඕනෑ නම් එහෙම ඉල්ලලා බලන්න. (නි)
මෙය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වියහැකියි (නි)
ජනතාව සමඟ සිටින අවංක කෙනෙකුට පොලිස් ආරක්ෂාව නැතිවුණාට කමක් නැහැ. ඉස්සර 1977 පෙර මන්ත්‍රීවරුන් මේවාගේ පොලිස් සහ හමුදා ආරක්ෂා සමඟ ගියේ හෝ ජීවත්වුයේ නැහැ. මේවා 1977 පසු ඇතිවූ විපර්යාස. ආරක්ෂාව අවශ්‍ය ජනතා විරෝධීන්ට හෝ වැරදි කරනා අයට බව මගේ හැඟීමයි (නි)
මේවා නම් කැත වැඩ. මේ වගේ වැඩ කරලා සාමාන්‍ය මධ්‍යස්ථ ජනතාවගේ ඡන්ද ටික නැති කරගන්නයි හදන්නේ. (නි)
හිටපු නගරාධිපති, ඇයි තවදුරටත් ආරක්ෂාව ඉල්ලන්නේ. (ර)
ඔබ දැන් සභාපති නොවේ. ඔබට ආරක්ෂාව දීමට නීතියෙන් නොහැක. ආරක්ෂාව ඕනනම් එයට ඉල්ලීමක් කල හැකිය. ඔබ එය හොදින්ම දනී. ආරක්ෂාව ඉල්ලන්න. නොදුන්නොත් මෙසේ ප්‍රකාශ කරන්න. (ර)
මේ අයට මොන අරක්ෂාවල්ද. නිකන් ප්‍රසිද්ධ වෙන්න කියන කතා.(හේ)
හිටපු විදියට හිටිය නම් ඉවරයිනේ. (ර)
දැන් නගරාදිපති නෙමේ. පුද්ගලික ප්‍රශ්න තියේ නම් තමන් විසදා ගන්න ඕන. (ර)
ආණ්ඩුවට එරෙහිව මුල්ම මලබෙරේ ගැහුවේ ඔබතුමා. ප්‍රජාතන්ත්‍රවාදයට මහා ඉහලින්ම සලකන අපේ දේශපාලුවන්ට දැන් හොඳටම තේරිලයි තියෙන්නේ වැලේ වැල් නැතිවෙනවා කියල. ඉතින් ඔබට සලකයි. හොඳින් හෝ නරකින්. අනේ මේ අපේ සුන්දර ලංකාව. (නදී)
මෛත්‍රීගෙන් ආරක්ෂාව ඉල්ල ගත්තා නම් හොඳයි නේද ? (නදී)
අර හැම තිසේසෙම විදේශීය බලවේග කියන කෙනාට වෙන්නෙත් ඔය ටිකමයි. (නදී)
ආරක්ෂාව දෙනවා කියන්නේ ජනතාවගේ මුදල්. (හේ)
හිටපු ජනනායකයෙක් කිව්වා වගේ තමාගේ ආරක්ෂාව තමාම බලාගන්නවා නම් හොඳයි නේද ආයුබෝවන්. (නි)
මෝඩ විදියට අදහස් දාන්න එපා. (නි)
හරිම දරුණු යුගයක් දැන් අපි ගත කරන්නේ. (නි)
තෝරාගත් තානාපති කාර්යාල කියන්නේ ඇමරිකන් සහ යුරෝපා තානාපති කාර්යාල නේද. ඒ අයට තමයි තියන රජය පෙරලන්න ඕන වෙලා තියෙන්නේ. (නදී)
මෙතුමා තමයි මුලින්ම මේ දුෂිත ආණ්ඩුවට විරුද්ධව එලියට ආවේ පානදුරේට අභිමානයක් එක්කරමින් එදා මම එසැනට ඉදරිපත් කලා රජයේ කඩාවැටීම මෙතනින් පටන් ගන්නවා කියලා අද එක් වෙමින් පවතිනවා දුෂණය වංචාව වනුවෙන් කෙලින් කතාකරන හරි ජනතා නියෝජිතයෙක්. මෙතුමාට යම්කිසි ආරක්ෂාවක් තියෙන්නේ ඕනි වර්තමාන රජයේ එ්කාදිපති වියරුව ජනතාවට ලොකු හිරිහැරයක්! (අ)
පිස්සු..තමන්ගේ රටේ තමන්ගේ මිනිස්සු අතර ආරක්ෂාවට පොලිස් රාළහාමිලා ඕනේ..එතකොට රටේ ඡන්දේ දාන අපට ආරක්ෂාව ?(හේ)
කාවද මේ රවටන්න හදන්නේ ? පානදුරේ මෝඩයෝ නැහැ මහත්තයෝ . (අ)
මටත් ආරක්ෂාව ඕන. මම මීට කලින් හරක් පට්ටියක් බැලුවනේ. දැන්නම් උන් විකුණලා දාල තියෙන්නෙ. (අ)
එතකොට මහින්ද මහත්තය දැන් ජනාධිපති අපේක්ෂක විතරයිනේ. එත් තාමත් රාජ්‍ය දේපල පාවිච්චි කරන්නේ... රාජ්‍ය ආරක්ෂාව තියෙන්නේ... (අ)
මර්වින්ගේ පුතාට ආරක්ෂාව දෙනවා නම් අයි ඔබට නොදෙන්නේ (අ)
රටට ජාතියට සේවය කිරීමට නිර්භීතව ඉදිරිපත් වන ලක් පුතුන්ට ආරක්ෂකයෝ ඕනද ? (නදී)
ඇයි අපි ඔබතුමන්ලාව ආරස්ෂා කරන්නේ? (නි)
ඔබට මොකටද ආරක්ෂකයෝ? ඒවාද මහජන මුදල් බව අමතකද? මෛත්‍රී ඉන්ධන කූපන් බාරදුන්නා සේ ඔබත් ඒ දෙදෙනා ඉල්ලා අස්වෙන විටම බාරදුන්නා නම් කොපමණ හොඳද? (නි)
ඔන්න ඕකට තමයි කියන්නේ වෛරී දේශපාලනය කියලා (නදී)
අපි අට වෙනිදට අර නෝනගේ ආරක්ෂාවත් ඉවත් කරනවා (නදී)
එයා පහුගිය දවස් වල නගරාධිපතිධුරයෙන් ඉල්ලා අස්වුණා නේද? දැන් එයා නිකම්ම නිකන් නාගරික මන්ත්‍රී කෙනෙක්. ඉතින් එහෙම අයට පොලිස් ආරක්ෂාවක් දෙන්න අවශ්‍ය නැහැ. (නි)
ජනතාව රවටන්න නොහැකියි.ජනවාරි 8 වෙනිදාට ජනතාව මේ වගේ වැඩවල හරි වැරැද්දට නිසි පිළිතුරු දෙනු ඇති. (නි)
ඕක වෙන බව අපි දන්නවා (අ)
ආරක්ෂාව දෙන්න දැන් එයා සභාපති නෙමෙයිනෙ. (අ)
88";89 සතුරන් ඉන්න නිසා ආරක්‍ෂාව නම් අනිවාර්යෙන්ම ඕන. (අ)
ඔහේට මොකටද අනේ ආරක්ෂාව? ඇත්තටම මට නම් ඒක හරිම ප්‍රහේලිකාවක්! (අ)
පණ බයේ මොකට ඔය දේසපාලනේ කරනවද මන්ද? (අ)
ඔලුවට උඩින් කපුටෙකුටවත් පියාඹන්න බැහැයි කියලා හිතාගෙන හිටි කට්ටිය හිටියා (නි)