ඉස්සර වගේ නෙවෙයි වර්තමානෙ හැදෙන සමහර පවුලේ චිත්‍රපට වුණත් පවුලේ අයත් එක්ක එකට වාඩිවෙලා බලන්න බැරි ඒවා තියෙනවනෙ.
ඔන්න අපි දන්න කියන පවුලකුත් එයාලගෙ මොන්ටිසෝරි යන කටකාර පුතාත් ඒකකරගෙන ගියාලු අර වග් පවුලේ චිත්‍රපටයක් බලන්න.
පොඩි එකාත් එක එක දේවල් කිය කියා ෆිල්ම් එක බලනවලු. ඔන්න එක පාරටම චිත්‍රපට කතාවෙ පොඩි එකාගෙ තාත්තා කට ගොන්නක් බීගෙන ගෙදර එනවලු. ඔහුගෙ බිරිඳ අහනවා "අයි අනේ මේ කනමදයෙක් වගේ බීගෙන" කියලා.
එක පාරටම ඔහු චටස් ගාලා බිරියගේ කම්මුල හරහා පාරක් ගහනවලු. ඇය ඉකිගසා මුල්ලකට වෙලා අඬනවා. ඔන්න ඒ වෙලාවෙ තමයි අර චිත්‍රපටය බලන පොඩි එකා ආයෙත් කට ඇරියෙ.
"අයියෝ අර නැන්දා හරිම නෝන්ජල් නේද? අම්මා වගේ දෙන්න තිබුණෙ අර මිනිහට අත දිගඇරලා හොඳ කනේ පාරක්".

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd