තම බිරියගේ නැගණිය දූෂණය කර පළා ගිය පුද්ගලයකු වසර 13කට පසු දොඩම්ගොඩ, වෑවලගොඩ නිවසකදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අඟුරුවාතොට, ගල්පාත පදිංචිව සිටි මොහු තම බිරියට දරුවකු ලැබීමට සිටියදී ඇයගේ උදව්වට නිවසේ නවතාගත් බිරියගේ එකල 13 හැවිරිදි නැගණිය දූෂණය කර ඇයද ගැබිණියක කර පළාගොස් සිටියදී මොහුට එරෙහිව පොලිසිය නඩු පවරා තිබූ බව කියති. ඒ අනුව 2006 වසරේදී මහාධිකරණය මගින් මොහුට වසර 20ක සිර දඬුවම් හා රුපියල් ලක්ෂ 20ක වන්දි මුදල් නියම කර ඇත.
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය සිදුකළ පරීක්ෂණ අනුව කළුතර ප්‍රදේශයේ ලොතරැයි අලෙවි කරමින් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන අද (26) පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගින්දරයි පුළුනුයි එකට තියන්න හොද නැති බව අහලා ඇතිනේ. (බ)
වනසිව් පාවුන් වැනි මිනිසුන් (අ)
ගින්දරයි පුළුනුයි එකට තියන්න හොද නැහැ (නදී)
අද කාලයේ බිරියගේ නැගණිය සැමියා වසන ගෙදර පළාතකට ගෙන්වා තබන්න නරකයි. (නි)
මතු පරපුරට ඉගෙනගත හැකි පාඩම නම්, 'බිරිඳට බබෙක් ලැබෙන්න සිටින විටකදී උදවුවට බිරිඳගේ නැගණිය ගෙන්වා ගැනීමෙන් වැළකීම' (නි)
ටිකට් එක ඇදිලා (බ)
මේකට බිරිඳගේ දෙමාපියන්ටත් මම නම් දොස් කියනවා. එක්කෝ ලොකු දුව තමන්ගේ ගෙදරට ගෙන්වා ගන්න ඕනෑ ඔය කාලයේ. නැත්නම් බෑණාගේ වැයික්කිය පළාතට ගෙදර අනෙක් දුවලා තනියම නොයවන්න දැනගන්න ඕනෑ. (නි)