පේරාදෙණිය මුරුතලාව දෙහිඅංගේ කාන්තාවකගේ  දකුණු අත මැණික් කටුව අසලින් වෙන් වෙන්නට කපා තම බිරියට ද පිහියෙන් කොටා තුවාල සිදුකළැයි කියන දෙහිඅංගේ රියදුරකු අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසිය කියයි.

දකුණු අත වෙන්වූ කාන්තාව පේරාදෙණිය රෝහලේදී සැත්කමකට ලක්කර දැඩි සත්කාර ඒකකයේත් සැකකරුගේ බිරිය මහනුවර මහ රෝහලේත්  ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි. තුවාල ලැබූ දෙදෙනා සොහොයුරියන් බවද දකුණු අත වෙන්ව ඇත්තේ සැකකරුගේ බිරියගේ නැගණිය ගේ බවද කියති. ඇය ද ඔවුන් සමග එකම නිවසේ වාසය කර ඇතැයි ද කියති.

සැකකරු අත්අඩංගුවට ගත් බවත් තුවාල සිදුකිරීමට උපයෝගී කරගත් බව කියන පිහිය කැලෑවක  තිබී සොයාගත් පොලිසිය කියයි.