(ශාන්ත චන්ද්‍රසිරි)
නානුඔය දුම්රිය ඉංජිනේරු කාර් යාලයේ ඉංජිනේරුවරයෙකු කොවිඩ් ආසාදිතයෙකු ඇසුරු කිරීම හේතුවෙන් එම කාර් යාලය අද (04) සිට තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ගෙන ඇතැයි නානුඔය පොලීසිය පවසයි.

එම කාර් යාලයේ ඉංජිනේරුවරයාගේ බිරිඳට මෙසේ කොව්ඩ් ආසාදිත වී ඇති බවට ලද තොරතුරු මත එම කාර් යාලය සමඟ සෘජු සම්බන්ධතා පැවැත් වු සේවකයන් ඇතුළු පුද්ගලයන් 43 දෙනෙකු දැනට ස්වයං නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.
ස්වයං නිරෝධායනයට ලක් කර ඇති මෙම පුද්ගලයන් ඉදිරියේදී පී. සී. ආර්. පරීක්ෂණවලට භාජනය කිරීමට පියවර ගන්නා බවද සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නියම වෙලාව කන්තෝරුව වහලා ගෙදරට වෙලා නිකන් පඩි කන්න. කන්තෝරුවට ගියා කියලත් වෙනසක් නැහැ. නමුත් ගෙදර ඉදන්ම ඕක කරන්න පුලුවන්නම් නියමයි