( තිලකරත්න දිසානායක)
උඩුගම්පොල ප්‍රදේශයේ නිවසක පිහිනුම් තටාකයකට වැටීමෙන් 18 හැවිරිදි තරුණියක් මිය ගොස් ඇතැයි ගම්පහ පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ආර්.රමණි නමැති තරුණියකි.
නිවසේ පිහිනුම් තටාකයට වැටී සිටියදී ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට රැගෙන විත් ඇති බවත් ඒ වනවිට ඇය මිය ගොස් සිට ඇති බවත් පොලීසිය පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද සවස ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් නිමල් රණසිංහ මහතා විසින් ස්ථානීය පරීක්ෂණය සිදු කළේය.
පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කොට මරණයට හේතු අධිකරණයට වාර්තා කරන ලෙසට ගම්පහ අධිකරණ වෛද්‍ය නිලධාරී වරයාට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd