
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන්නේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (1) පැවැසීය.
වෘත්තීය සමිති නායක ටී.බී. ඉලංගරත්න මහතාගේ ගුණසමරු උත්සවයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ පැවැසීය.
ආණ්ඩුවේ ඇමැතිවරයකු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එකතු කරගත් බව කී මෛත්‍රීපාල මහතා ඔහු ඇමැති ධූරයට කිසිඳු කැමැත්තක් නොමැති බව ද සඳහන් කළේය.
විජයදාස රාජපක්ෂ මහතාට නිදහස් පක්‍ෂයේ සම්පූර්ණ සහයෝගය දෙන බව ද ඒ මහතා පැවැසීය. විජයදාස රාජපක්ෂ මහතාට පක්ෂයේ වැඩි පිරිසකගේ කැමැත්ත ඇති බවත් තමන් එක වරක් ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ අතරම එම අවස්ථාවේදී දිවුරුම් දෙන අවස්ථාවේදී නැවත ඉදිරිපත් නොවන්නේයැයි ප්‍රකාශ කළ බවත් සිරිසේන මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ජනපති අපේක්ෂකත්වය අරයට විකුණලා. එයා වෙන එකෙක්ගේ සල්ලි ඩීල් එකකින් අපේක්ෂකත්වය අරන්. අන්තිමට දෙන්නම දිනුම්.
“ගෝඨා“ තිර කතාවේ දෙවන අදියර ඉදිරිපත් කිරීම. මේ මෛත්‍රීට නම් ගුලි කැවිලා ද කොහේදෝ.
පව් ... ඒ මිනිහගේ ආත්ම ගෞරවයත් විනාශ කරන්න හදන්නේ.
රාජපක්ෂ කියන නම ඇහෙන කොටත් හරිම පිළිකුල් ?
ඕන කෙනෙක් ඉදිරිපත් කරන්න. මොකද අපිට අදාලම නෑ.
ජයවේවා...!
පිස්සෙක් කතා කරයි.
විජේදාස ඕක අන්තිම මොහොතේ රනිල්ට පාවා දෙනවා, මෛත්‍රීපාල දැනුවත්වම, මොනව කරත් මාලිමාවේ ජය වළක්වන්න කාටවත් බැහැ...
ඩීල්දාසට ලැජ්ජාවක් නැහැ. හිටන්...!
හිරේ නොයන්න නොකරන දෙයක් නෑ වගේ...!
ඉතින් අපිට පාන්ද?
ඉල්ලන්නකෝ ඡන්ද දහයක්වත් ලැබෙයිද බලන්න... මිදි තිත්තයි කියලා කියපු නරියා මතක් වෙනවා...!
ඔයා නිකමටවත් ඡන්දයක් හම්බවෙන මිනිස්සුද? ඊට වඩා ඡන්ද ගනියි බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවෝ...!
විජේදාසට වෙන්නෙත් ඩලස්ට වුණු දේම තමයි... අන්තිමට අල්ලපු අත්තත් නෑ. පයගහපු අත්තත් නැහැ.
හම්බවෙයි ලොකුවයින්
මේවා ඔක්කොම බොරු සංදර්ශන ,විජේදාස තවම අධිකරණ ඇමති හැටියට ඉන්නවා.මේවා රනිල් රාජපක්ෂලාගේ ප්ලෑන් ,අන්තිමට මේ ඩීල් කාරයෝ ඔක්කොම එකතුවෙනවා
ඉතින් චේතනා, ඔය කියන විදියට මාලිමාව දිනනව, ඔබ කියන අය රටෙත් ලෝකෙත් වැඩියි. තමුන්නැහැලා වගේ පරණ වෛර කොන්තර හිතේ තියාගෙන ඉන්නෙ නැහැ. රටේ දියුණුවට එකම බාදකය 2500 ඉතිහාසය , ජාතිය ආගම කරේ ගහගෙන ඉන්න ඔයාල වගේ අය.
කවුරු නැටුවත් මීළඟ අවුරුදු පහත් ජනපති රනිල්ම තමයි. විය යුත්තේ ද එයයි.
මේක විජේදාස මෛත්‍රී එක්ක එකතුවෙලා ගහන ගේමක්, 20019 ශ්‍රිලනිප ඡන්ද කූට්ටිය මෛත්‍රී රාජපක්ෂලට වික්කා, දැන් ඒ චන්ද කුට්ටිය රනිල්ට විකුණන්න ලැහැස්ති වෙන බවක් තමයි පෙනෙන්නේ. ඒක මිනිහට කර ගන්න බැරිවුණා, පක්ෂ සභාපතිකම උසාවියෙන් තහනම් කෙරුව නිසා, දැන් ඒ වැඩේ පහසුවෙන් කරගන්න ගැලපෙන එකා රනිල් එව්වා, ඒ තමයි ඩීල්දාස.
අයියෝ සිරිසේන
විජයදාස පැරදෙන බව එයත් දන්නවා හිටනුත් දන්නවා. මෙතනදි විජයදාස ට තමන්ගෙ කියලා පක්ෂයක් ඕනෙ, හිටන්ට ඊලගට එන ඕනම ආණ්ඩුවක් එක්ක ඩීල් එකක් දාලා තමන්ව නඩුවලින් බේරලා දෙන්න කෙනෙක් ඕනේ.ඒකයි මෙතන තියෙන ගනු දෙනුව.
හොද උගතෙක්. වැඩක් කරපු කෙනෙක්. පොත් විශාල සංඛ්‍යාවක් ලියපු කෙනෙක්. අත්දෑකිම් බහුල කෙනෙක්. අපි දෙමු. ගොඩගනී රට.