කොළඹ අවට පාසලක 4 වැනි වසරේ සිසුන් තිදෙනකු ලොසින්ජර ආකාරයෙන් සකස් කළ මත් පෙති කෑමෙන් රෝගාතුරව රෝහල් ගත කරනු ලැබ ඇතැයි රෝහල් ආරංචි කියයි.
අසාමාන්‍ය හැසිරීමක් පෙන්වූ මෙම දරුවන්ගෙන් දෙදෙනකු නිවුන් සොහොයුරන් බවද කියති.
ගංජා මිශ‍්‍ර බාබුල් ඉතා සූක්ෂම ලෙස සිසුන්ගේ සිත් ගන්නා ලෙස සකස් කර පාසැල් සිසුන් අතර බෙදාහැරීමේ ජාවාරමක් සොයාගත් බව අලවතුගොඩ පොලීසිය කියයි.
මෙලෙස සකස් කරන ලද බාබුල් මිලිග‍්‍රෑම් 12 000 ක් සමඟ අවුරුදු 17 ක උසස් පෙළ සිසුවකු අකුරණ දී අත් අඩංගුවට ගැනීමත් සමඟ මෙම තොරතුරු හෙළි වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට හරියට කතා කලාම අන්න කරුණාරත්න ජාතිවාදය අවුස්සනවා කියාවි. (ර)
රට හදන්න දඟලන මහ එවුන්ට මේවා ඇහෙන්නේවත් පෙන්නේවත් නැහැ (බ)
අනේ අපි කරගත්තු දෙයක් , දින 200 ය ටත් කිට්ටුයි . තවම මේවා නැවතුනේ නැහැ නේද ? එහෙම නැතිනම් මුදලාලිලා විතරක් මාරු වෙලාද ? (බ)
අපේ පාලකයෝ ඉතින් අනෙක් ප්‍රශ්න වීසඳුවාට මේ වාගේ බාල පරම්පරාව විනාශ කරන මත් උවදුර ගැන ඇහැක් ඇරලා බලන එකක්යැ. (නි)
මෙහෙම ගියොත් අපේ දරුවන්ට යන කල මොකක්ද? (නි)
මේවා කරලා හරිහම්බ කරලා මොනවටද? (නි)
කලට වෙලාවට සල්ලි ටික එනවා නම් කුඩු නෙමෙයි ඕනෑම දහ ජරාවක් ගෙන්වන්න පුළුවන් යුගයක් පසුකරලයි අපි ඇවිල්ලා තියෙන්නේ.ලැජ්ජයි. (නි)
රටේ අසරණ දරුවන්ට කුඩු පොවලා හරිහම්බ කරන/කළ අයට හොඳක් නම් වෙන්න එපා (නි)
කෝ මේ යහපාලනයෙන් මේවා නතරකනවා කිව්වා නේද.නමුත් තිබුනට වැඩිය දැන් (ම)
එල්ලුම් ගහ අවශ්‍යම කාලයක් මෙවැනි දේ කරන අයට (ම)
රාජපක්ෂ රෙජිම නැවත ගෙන්නන හදන කට්ටියට ඕනි මෙවැනි සංස්කෘතිය ගොඩනගන්න.(ම)
ඉතාම භයානක තත්ත්වයක්. හරියට හිටියට සියලුම අවධානය යොමු කරන්න. යූඇන්පී විවෘත ආර්ථිකේ මේ විපාකේ (බ)