IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නොදරුවන්ටත් මත්කුඩු

කොළඹ අවට පාසලක 4 වැනි වසරේ සිසුන් තිදෙනකු ලොසින්ජර ආකාරයෙන් සකස් කළ මත් පෙති කෑමෙන් රෝගාතුරව රෝහල් ගත කරනු ලැබ ඇතැයි රෝහල් ආරංචි කියයි.

අසාමාන්‍ය හැසිරීමක් පෙන්වූ මෙම දරුවන්ගෙන් දෙදෙනකු නිවුන් සොහොයුරන් බවද කියති.

ගංජා මිශ‍්‍ර බාබුල් ඉතා සූක්ෂම ලෙස  සිසුන්ගේ සිත් ගන්නා ලෙස සකස් කර පාසැල් සිසුන් අතර බෙදාහැරීමේ ජාවාරමක් සොයාගත් බව අලවතුගොඩ පොලීසිය කියයි.

මෙලෙස සකස් කරන ලද බාබුල් මිලිග‍්‍රෑම් 12 000 ක් සමඟ අවුරුදු  17 ක උසස් පෙළ සිසුවකු අකුරණ දී අත් අඩංගුවට ගැනීමත් සමඟ මෙම තොරතුරු හෙළි වී ඇත.

 



අදහස් (0)

නොදරුවන්ටත් මත්කුඩු

කරුණාරත්න Tuesday, 30 June 2015 01:45 PM

මේවට හරියට කතා කලාම අන්න කරුණාරත්න ජාතිවාදය අවුස්සනවා කියාවි. (ර)

:       0       0

ඇන්ටනි Tuesday, 30 June 2015 03:17 PM

රට හදන්න දඟලන මහ එවුන්ට මේවා ඇහෙන්නේවත් පෙන්නේවත් නැහැ (බ)

:       0       0

ටිකිරි Tuesday, 30 June 2015 04:17 PM

අනේ අපි කරගත්තු දෙයක් , දින 200 ය ටත් කිට්ටුයි . තවම මේවා නැවතුනේ නැහැ නේද ? එහෙම නැතිනම් මුදලාලිලා විතරක් මාරු වෙලාද ? (බ)

:       0       0

සමන්ත Tuesday, 30 June 2015 06:35 PM

අපේ පාලකයෝ ඉතින් අනෙක් ප්‍රශ්න වීසඳුවාට මේ වාගේ බාල පරම්පරාව විනාශ කරන මත් උවදුර ගැන ඇහැක් ඇරලා බලන එකක්යැ. (නි)

:       0       0

විජේතුංග Tuesday, 30 June 2015 06:40 PM

මෙහෙම ගියොත් අපේ දරුවන්ට යන කල මොකක්ද? (නි)

:       0       0

වසන්ත Tuesday, 30 June 2015 06:42 PM

මේවා කරලා හරිහම්බ කරලා මොනවටද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 30 June 2015 06:41 PM

කලට වෙලාවට සල්ලි ටික එනවා නම් කුඩු නෙමෙයි ඕනෑම දහ ජරාවක් ගෙන්වන්න පුළුවන් යුගයක් පසුකරලයි අපි ඇවිල්ලා තියෙන්නේ.ලැජ්ජයි. (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 30 June 2015 06:44 PM

රටේ අසරණ දරුවන්ට කුඩු පොවලා හරිහම්බ කරන/කළ අයට හොඳක් නම් වෙන්න එපා (නි)

:       0       0

කුමාර Tuesday, 30 June 2015 11:19 AM

කෝ මේ යහපාලනයෙන් මේවා නතරකනවා කිව්වා නේද.නමුත් තිබුනට වැඩිය දැන් (ම)

:       0       0

ස්ටැන්ලි Tuesday, 30 June 2015 11:24 AM

එල්ලුම් ගහ අවශ්‍යම කාලයක් මෙවැනි දේ කරන අයට (ම)

:       0       0

අනුර Tuesday, 30 June 2015 11:52 AM

රාජපක්ෂ රෙජිම නැවත ගෙන්නන හදන කට්ටියට ඕනි මෙවැනි සංස්කෘතිය ගොඩනගන්න.(ම)

:       0       0

රුවන් Tuesday, 30 June 2015 12:20 PM

ඉතාම භයානක තත්ත්වයක්. හරියට හිටියට සියලුම අවධානය යොමු කරන්න. යූඇන්පී විවෘත ආර්ථිකේ මේ විපාකේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 89 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 141 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 942 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site