ගලේවෙල අධ්‍යාපන කොට්ඨාශයේ කොස්ගහහින්න ප්‍රාථමික විදුහලට නව ගොඩනැගිල්ලක් ඉදිකරදීමට නෙදර්ලන්ත ව්‍යාපාරිකයකු පවත්වාගෙන යන පිකස් පෝන් පදනම කටයුතු කළේය.
ලංකාදීප එසැණ මඟින් පළවූ පුවතක් අනුව එසැණ පාඨක පරිත්‍යාගශීලීන් ගලේවෙල ඉදිකළ දෙවැනි පාසල් ගොඩනැගිල්ල මෙයයි.
පිකස් පෝන් පදනමේ අධ්‍යක්ෂ පීටර් මැන්ඩලා, ශ්‍රී ලංකා නියෝජිත අලීෂා අබේවික්‍රම යන මහත්ම මහත්මීහු සහ අධ්‍යාපන බලධාරීහු ගොඩනැගිල්ල පාසලට බාර දුන්හ.
පොල් අතු මඩුවක අකුරු කළ ගලේවෙල පහළ දිග්ගල පාසලේ දරු දැරියන් වෙනුවෙන් එසැණ කළ දැනුම්වත් කිරීමක් මත මීට පෙර ඉරානයේ ශ්‍රී ලංකා තානාපති පයිසාල් රසීන් මහතා නව ගොඩනැගිල්ලක් ඉදිකර දුන්නේය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මහත්තයාගේ මාර්ගයෙන් මේක නවතා දමන්න ඕනේ. (නදී)
හිසට සෙවනක්- හිතට නිවනක් එසැනට ලොකු පිනක්. (ර)
සියලු දෙනාටම ලොකු ආදර්ශයක්. ජීවිතය තේරුම්ගත් පුද්ගලයෙක්. ලොකු පිනක්. සැමට බුදු සරණයි !! (නි)
ඉතා හොඳ දෙයක් (නි)
කොච්චර හොඳද බලන්න (නි)