නෙදර්ලන්ත ජාතික යුවලකගේ දරුවෙකු ලෙස හැදී වැඩුණු ශ්‍රී ලාංකික තරුණියක් වසර 30 කට පසු නැවත තම උපන් රටට පැමිණ දංකොටුව, සිංග්ගක්කුලිය ප‍්‍රදේශයේදී ඇයගේ සැබෑ මව සොයා ගැනීමට සමත් වූවාය.
දික්වෙල ප‍්‍රදේශයේ පදිංචි ඩී. නිමලාවතී (59) මවට දාව සදලංකාව දිසා රෝහලේදී 1985 -04 -03 වන දින ඉපදුණු නිවුන් දරුවන් දෙදෙනාම ආර්ථික දුෂ්කරතා හේතුවෙන් නෙදර්ලන්තයෙන් මෙරටට පැමිණි ජෝසේයි හා හූබ් යන යුවලට දරුකමට හදාවඩා ගැනීමට බාර දී ඇත.
චන්කල් හා ජොයිස් වෑන් බෙටල් ලෙස නෙදර්ලන්තයේ හැදී වැඩුණු මෙම දියණියන් දෙදෙනාගෙන් චන්කල් එරටදී සිදුවූ රිය අනතුරකින් මියගිය බවත් මේ වන විට තිස්වන 30 වියේ පසුවන ජොයිස් එරට ඉංජිනේරුවරියක් ලෙස කටයුතු කරන බවත් කියති.
ශ්‍රී ලංකාවේ සිටින සැබෑ මව් පියන්ගේ තොරතුරු අසා ඔවුන් දැක බලා ගැනීමට කැමැත්තෙන් ජොයිස් වෑන් තරුණිය මෙහි පැමිණියාය. මවගේ සහ දියණියගේ හමුවීම වෛද්‍ය ආර්. ජේ. ජයසේකර මහතාගේ නිවසේදී සිදුවූ අතර එය ඔවුන් දෙපලට මෙන්ම එම නිවස වෙත පැමිණ සිටි ප‍්‍රදේශ වාසින්ගේ සිතට සතුට මෙන්ම නෙතට කඳුලක් එක්කළ සංවේදී අවස්ථාවක් බවට පත්විය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනෙක් දරුවත් ජිවත් වුනා නම් කොතරම් අගේද ? (ර)
දැන් ඉතින් දුවව හුරන් කයි අපි නොදන්න අාදරය (ම)
අපේ අම්මත් මේ වගේ ඇති කොහේ හරි හොයලා දෙන්න පිං සිදුවෙයි. (ර)
හරිම සතුටු අවස්ථාවක්. (ර)
ඇත්තටම සංවේදීයි. දණගාද්දි ඇවිදින්නට මට අතදුන්න ... ගීතය මතක් වුණා. ඒ පියෙක් ගැන. මේ මවක්. ඒ ඇය වැදූ අම්මා ...(බ)
ඉතාම සන්තෝස පුවතක්, ඇස වලට කඳුළු එනවා. ලහිරු සහ සුකිරි ලියා ඇති දේවල් දැක්කහම කලකිරුනා, ඔවුන්ගේ සිත් ඇතුලේ මොන තරම් කහට තියෙනවද කියලා ලියන දේවල් වලින් හිතා ගන්න පුළුවන්. (ර)
හරිම සතුටුයි. සතුට යනු වසර 30 කට පසු තම වැදු මව හමුවිමයි. (ස)
ලහිරුයි සුකිරියි ...හොඳ දෙමවුපියන්ට ජාතක වුන අය බව නම් පේනවා. (ස)
හරිම සතුටුයි . මෙවැනි පුවත් වැඩියෙන් පල කරනු මැනවි. (ස)
නෙත්වලට කඳුළු උනන්න ඕන මේ හමුවීම සම්බන්දව නෙමෙයි.. අවරුදු තිහකට කලින් වෙන්වීම සම්බන්දවයි... අදටත් අපේ රටේ ඔයවගේ වෙන්වීම් කීයක්නම් වෙනවා ඇතිද ..??? ඒ අපේ අම්මල දරු සෙනෙහස හඳුනන්නේ නැති නිසා නෙමෙයි. දුප්පත්කම නිසයි. (ස)
මව හමුවූ ඇය වාසනාවන්තියක් (නි)
ඔන්න යහපාලනය... (ස)
අපේ මිනිස්සු දරුවෝ වැදුවට නඩත්තු කරගන්න බැරිව අනුන්ට බෙදනවා. ඒ දරුවෝ වාසනාවයි දුකක් කරදරයක් නැතුව සැප ජිවිතයක් ලැබුනට. අනෙක් අතින් මෙහෙම දරුවන් දෙමාපියන්ගෙන් ඇත් වෙලා හැදෙද්දී ආපහු දරු සෙනෙහසක පහසක් මේ අම්මට මේ දරුවාගෙන් ලබාගන්න පුලුවන් වේවිද ? (ර)
මෙතැනින් වඩා වැදගත් වැදු මවද ? හැදු මවද ? මට නම් නොතේරේ ...? (ර)
ගොඩක් හොද දරුවෙක් හරිම දුකයි. හරිම සන්තෝසයි. (ර)
මොනා වුනත් මෙහෙම අම්මලාගෙන් වැඩක් නෑ (බ)
උපන් බිමට නුබ වැඩිවා මිසක දුවේ ... වැදූ මවට නුබ වැඩියක් වේද දුවේ ... දුක උහුලා ඉන්නට මට හැකිය දුවේ ... නැව් නැගලා දුරු රටකට යන්න දුවේ ... ගුණදාස කපුගේ මහතාගේ ගීතයක් මට පද හරියට මතක නැහැ . දන්නා කෙනෙක් ඉන්නවනම් ලියන්න. (ර)
අනේ ඉතින් ඔච්චර කල් ඉදලා එන්නේ බොරුවට ප්‍රචාරය ගන්න. (ර)
අපටත් හිතට දුකක් සමග සන්තෝසයි මේවගේ දුවෙක් ගැන (බ)
අැත්තටම හොඳ දෙයක්. මගේ ඇස් වලටත් කදුළු ආවා .ඒ අම්මට අද ගොඩක් සතුටු ඇති දුව සතුටින් ඉන්නවා දැක්කම (නදී)
අප රටෙහි දුක්ඛිත තත්ත්වය විදහා දක්වෙන සංසිද්ධියක්. අම්මලාට අත දරුවන් පෝෂණය කිරීමට නොහැකිව විකිණීමට සිදුවීම හෝ කුටුම්බය නඩත්තු කිරීම සඳහා බැල මෙහෙවර කිරීමට විදෙස්ගතවීමට සිදුවීම ගැන අප ජාතියක් ලෙස ලැජ්ජා වියයුතු නොවේද? (නි)
හිතට ලොකු වේදනාවක් දැනුනා (නි)
චමින්ද අපට විස්තර දෙන්න. (බ)
නැති බැරි කම් අග හිග කම් නිසා අසරණ වුන මිනිස්සු මේවගේ දේවල් වලට පෙලඹෙනවා කොහොම වුනත් ඒ දරුවා තමන්ගේ මව හොයාගෙන ආවා මවත් දියණියත් මුණගැසුනවිට ඔවුන් ලබපු සතුට කියල නිම කරන්ට බැ (බ)
සංවේදී අවස්ථාවක්. නෙතට කඳුලක් ඉනුවේ නොදැනුවත්වමයි . යහපත් දරුවෙක්. (බ)
මරන්නේ නැතුව හදාගන්න දුන්න එක හොඳයි. පව්. ඒ අම්මාගේ අසරණකම තරුණ කාලේ ෆොටෝ එකෙනුත් පෙනෙනවා. ජීවිතේ හරිම සංකීර්ණ දෙයක්. මෙතන ඉන්න සමහර ගොඩ පෙරකදෝරුවෝ වගේ කාටවත් තව කෙනෙක් ගත්ත තීරණ ගැන විනිශ්චයක් දෙන්න කිසිම අයිතියක් නැහැ. ඒක ඒ අවස්ථාවේ ඇති වූ වටාපිටාව අනුව හොඳම තීරණය කියලා හිතුන නිසා ගත් ක්‍රියාමාර්ගයක්. (නි)
ඒක ලස්සන හමුවීමක් (නදී)
සතුටත්,දුකත් මුසුවුණු හැඟීමක්. (නි)
ඇත්තටම මෙය කියවා බැලුවේ දෑසේ කදුළු ගගක් ගලමින්. හරිම සංවේදියි. ඒ මවට හදාගන්න බැරි නිසා දුන්නත් අද වරදක් වෙලා නැහැ ඒ දරුවට. වැදු මවත් හැදු මවත් එකම තරාදියකට දමල කාගේද බර වැඩී කියා බැලුවොත් දෙපැත්තම සමව පෙනේවි. ඔබ මේ අසරණ මෑණියන් මියැදීමට පෙර සැපවත් සේ ටිකකලක් ජීවත් වෙන්න සලස්වා දෙන්න. ඒ පින පමණයි ඔබ රැගෙන යන්නේ (නදී)
මගෙත් උගුර හිරවුණා (නි)
ආපසු යන්න පෙර අම්මාට වඳින ගාථාව උගන්වලා අම්මාට වැඳලා යන්න සළස්වන්න (නි)
නුඹේ මව නුඹව දුන්නේ දුකක් නැතුව නෙමෙයි වෙන්න ඇති. නුඹට දුකක් නොදී හදාගන්න වෙන්න ඇති. නුඹත් මවත් ගොඩක් වාසනාවන්තයි. කසාද බැන්දාට පසු තම මාපියන් අමතක කරන දරුවන් ඉන්න රටක නුඹ අගය කළයුතුයි. දුවේ, නුඹටත් මෑණියන්ටත් තිසරණ සරණයි! (නි)
ලහිරු..සුකිරි...නල දරුවෝද කොහෙද... (නදී)
හරිම සංවේදී සිදුවීමක්. (ර)
ඔයා හරි වාසනාවන්ත දුවෙක් (නදී)
මටත් දුක හිතෙනවා. (ර)
හරිම දුකයි. සුභ පැතුම් (නදී)
අනේ පව් ..! (ර)
දැන් ඔය දරුවාගේ කරේ එල්ලිලා නෙදර්ලන්තෙට පැනගන්ට නෑදෑයෝ එහෙම ලැහැත්ති වෙලා ඇති. පරිස්සමෙන්. (ර)
මගෙත් ඇස් දෙකට කදුළු ආවා. (ර)
මොනවා වුණත් ලහිරුත් සූකිරිත් පෙන්වා දුන්නේ අපේ සමාජයේ තවත් පැතිකඩක් නේද කියලා මටත් හිතුනා. (නි)
හදාගත්ත දෙමව්පියෝ ඒ ළමයව වැගත් කෙලෙහිගුණ දන්න විදිහට හදල තියනවා . (බ)
හරිම සතුටු කරුණක්, මගේ ඇස් වලට කදුළු ආවා. (ර)
චමින්ද, ඔබේ මවගේ විස්තර මේ පාඨක තීරයට ලියන්න. මෙහි කරුණාබර හදවත් ඇති මිනිස්සු ඉන්නවා. ඔවුන් උදවු කරාවි. කතෘ මඬුල්ලෙන් උදව්වක් ගන්න වුණත් පුළුවන් නේද?හැකිනම් ෆේස් බුක් ඒකෙත් පළකරන්න. ඔබේ පුද්ගලිකත්වයට හානි නොවන අයුරින්. මම දෙවියන්ගෙන් ඉල්ලන්නේ ඔබට ඔබේ අම්මා ඉක්මනින් හමුවේවා කියලා. (නි)
හරිම සංවේදි කථාවක් ඇහට කදුළු එනවා අද කාලේ අම්මලා අමතක වෙන රටේ මෙවන් දුවලා අගනෙයි. (ර)
හරිම හොඳ දුවෙක්. හරි සතුටුයි. (බ)
අර්ජුනලා වැනි පිරිස් මේ දරුවාගේ වැදූ මවට දොස් කියන්නේ ඇයි? අද මෙහෙම දරුවෙක් එක්කෝ ගබ්සා කරලා දානවා, බැරි වුණොත් උපන් පසු බෙල්ල මිරිකලා දානවා. නැත්නම් පාරෙ දාලා යනවා. තම කුසින් වැදූ දරුවා ලෝකයට වැඩක් ඇති තැනැත්තියක් බවට පත්කිරීමට සිතා මතා කටයුතු කළ මේ කාන්තාව ශ්‍රේෂ්ඨයි. (නි)