දඹුල්ල හීන්මොරගොල්ලේ නිවෙසක් තුළ නිදන් හෑරු එකම පවුලේ හතර දෙනෙක් දඹුල්ල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. සැකකරුවන් අතර කාන්තාවක ද සිටින බව පොලිසිය කියයි. නිවසේ කාමරයක් තුළ අඩි හයක් පමණ වළක් හාරා ඇතැයි ද පොලිසිය පවසයි.
දඹුල්ල හීන්මොරගොල්ලේ නිවෙසක් තුළ නිදන් හෑරු එකම පවුලේ හතර දෙනෙක් දඹුල්ල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. සැකකරුවන් අතර කාන්තාවක ද සිටින බව පොලිසිය කියයි. නිවසේ කාමරයක් තුළ අඩි හයක් පමණ වළක් හාරා ඇතැයි ද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිහාන් ඔයා කියන්නේ රටේ නීතියනේ.ඉතින් රටේ ප්‍රදාන මහා සල්ලි කාරයෝ මේවා ජයටම කරනවනේ එයාලට ඔයා ඔය කියන නීතිය නැද්ද ? නිතිය වල්වැදිලා කියන්නේ ඕකට තමා ගිහන්ලා වගේ අය රටේ නීති කියද්දී ලොකු ලොක්කෝ වටේ තියෙන නිදන් ඔක්කොම සුද්ද කරන් යනවා .. (දී)
තමන්ගේ ඉඩමේ වලක් කපන්න අවසර නැති නිදහස් නිවහල් ස්වෛරී ලංකාව. (ස)
තැප්‍රොබේන්,සිලොනිකා,ඉන්දීය සාගරයේ මුතු ඇටය,සිලෝන්,යනාදී නම් වලින් අතීතයේ හැඳින්වූවා වූද, වත්මන ශ්‍රී ලංකාව ලෙස ලෝකයා පිළිගත් ඉන්දීය උප මහාද්වීපයට පහලින් ඇති රමණීය දූපත මෙතැන් පටන් නිධන් දූපත ලෙස නම් කරන බව සකල ලෝක වාසීන්ට දන්වා සිටිමු. (ස)
ජීවත් වෙන්න අමාරුවට කරන වැඩ. (ස)
බොහෝ අයට රටක සාමාන්‍ය නීතිය පිලිබඳ වැටහීමක් හෝ දැනුවත් කමක් නැහැ.රටක සාමාන්‍ය නීතිය නොදැන සිටීමත් වරදක්.භූමියේ අයිතිකරු කවරෙකු වුවත් ඒ භූමිය අභ්‍යන්තරයේ ඇති පුරාවස්තු හෝ මැණික් ඇතුළු සියලු සම්පත් අයිති වන්නේ රජයට.අවසරයකින් තොරව ඒවා අත්පත් කර ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක්.ඒ නිසා තමයි මෙවැන්නන් අත් අඩංගුවට ගන්නේ.එය තමයි සාමාන්‍ය නීතිය.(ස)
දුප්පත් මනුස්සයෙකුට ලංකාවේ ඔලුව උස්සන්න කිසිම ආකාරයකවත් උපකාරයක් නැති අපේ රටේ තමන්ගේ වත්තේ නිධානයක් තියෙනවා නම් ඒක ඔවුන්ට ගන්න දෙන ඒක සාධාරණයි කියලයි මම හිතන්නේ. පන්සල් බුදුපිළිම පුරාවස්තු විනාස නොකර තමන්ගේ වත්තේ ගලක් යට හරි ගේ මැද හරි හාරලා ගත්තම මොකද අප්පා වෙන්නේ. ලොකු ලොක්කෝ පුදුමාකාර විදිහට ඕව අරගන්නේ එයාලට ලයිසන් රජයෙන්ම ලැබිල. එයාලට කිසි හෙනයක් නෑ. (ස)
තමන්ගේ ගේ ඇතුලේ වැලක් කපන්න කාගෙන් වත් අවසර ගන්න ඕනෙද (දී)
තමන්ට හිමි බුමියේ තියෙන වස්තුව අරගන ජිවිතේ ගොඩ දාගන්න යන එක වරදක්ක්ද අනුන්ගේ දෙයක් නෙමෙඉනෙ එයාල ගන්න ගියේ අනෙක ලොකු ලොක්කන්ට විතරද ඒවාට ලයිෂන් තියෙන්නේ (දී)
ශ්‍රිලංකාවේ උපන් මම ලකාවේ නිතිය ගැන දන්නෑ. කරුණාකරලා නිතිය ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් අපට කියන්න තමන්ගේ ඉඩමේ තමන්ට කැමති දෙයක් කරන්න බැරිද ? (දී)
මේ වගේ සිද්ධීන් ගොඩක් පත්තර වල පල වුනා. නියම නීතිය කුමක්ද යන්න පැහැදිලි නැහැ. ඉඩම තමන්ගේ නම් වලක් කපන්න බැරිද? ඇත්තටම නිධානයක් තිබුනත් එය අයිති වෙන්නේ අයිතිකාරයට කියලයි අපට හිතෙන්නේ. පූජා භූමි වල කැනීම් කරන්න අවසර නැතිව තහනම්. ඒක පැහැදිලියි. නියම නීතිය මහජනයාට පැහැදිලි කිරීම වගකිවයුත්තන්ගේ වගකීමක්. කරුණාකරලා කවුරු හරි අපට පැහැදිලි කරලා දෙන්න. (දී)
ගේ ඇතුලේ වෙන වැඩ අපිට මොකටද (දී)
පෙර රජ දරුවන් මේවා මහා පොළොවේ තැන්පත් කලේ අද ඉන්න මහා කෙරුම් කාරයන්ට තනියම බුක්ති විඳින්න නෙවෙයි, නැති බැරි මිනිහෙක් හරුවොත් ඉතින් පොලොසිය්ත් නිතිය හරියටම ක්‍රියාත්මක කරනවා , ලොක්කන්ට කරන කොට සැලියුට් ගහනවා (දී)
පහල තැනින්නේ ජලය ගලාගෙන යන්නේ දුප්පත් පොඩි මිනිහට හැමතැනින්ම බාදක තම තියෙන්නේ (දී)
නිවසේ කාමරයක් තුළ අඩි හයක් පමණ වළක් හාරපු පමණින් පොලිසිය කොහොමද ඔප්පු කරන්නේ නිධන් හාරපු බවක්. (දී)
ඈත්තෙන්ම අසාධාරණයි...දුප්පත් මිනිසෙක් අවට පරිසරයට හානියක් නොවෙන විදියට නිධානයක් ගත්තාම මොකද? තමන්ටම හිමිකමක් තිබෙන තෑනක. එදාට ගලපුනාට පතල්කෑනීම කාර්‍යශයේ නීති කෙටුම්පත් අදට ගැලපෙන්නේ නෑ...කෑලෑ පාලුවන්ට,වෙහෙරවිහාර බිදින නිදන් හොයපු දේශපාලුවොත් අදටත් යහතින් වෑජබෙනවා.මහජන්යාගේ අයිතිය නිදහසේ බුක්තිවිදින්න ප්‍රජාත්‍රන්තවාදී අයිතියක් වගේම මානව හිමිකමක් ඒ මහජනයාට තිබිය යුතුයි.මානවහිතවාදී නීතිකෙටුම්පත් මේරටට අලුතෙන් සෑදියයුතු කාලය දෑන් එලඹ ඈත. (දී)
හොඳට මතක තබා ගන්න. ඔයාලා තාප්ප ගහලා, වැටවල් බැඳලා මායිම් හදාගෙන හිටියත් භූමිය කිසිකෙනෙකුට බෙදලා නැහැ. ඔප්පු තිරප්පු යන මේවා තාවකාලික ලියවිලි පමණයි. පුරා වස්තු සහ නිදන් මෙන්ම නිදන් වස්තු හාරන්න හෝ ළඟ තබා ගන්නට කිසිවෙකුට අයිතියකුත් නැහැ. තමගේ ඉඩම්ය කියලා නිදන් හැරීමේ අයිතියක් නැහැ. ඒවා වෙනම පනත් සහ ප්‍රතිපත්ති යටතේ තහනම් කරලා තිබෙනවා. දුප්පත් මිනිස්සුන්ට ජීවත්වෙන්න නිසා කාටවත් කරදරයක් නොවන ආකාරයෙන් නිදා ගන්නටත් බැහැ. (දී)