(ඩී.ජී.සුගතපාල)
බහුදින යාත්‍රාවකින් නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාව බලා යමින් සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින පිරිමි සැකකරුවන් 29 දෙනා ලබන 20 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (06) නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින සැකකාරියන් සිව්දෙනා පිළිබඳ නඩුව අගෝස්තු 5 වැනි දින කැඳවීමටත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මොවුන් හලාවත, කුරුණෑගල, යාපනය, වව්නියාව සහ මඩකලපුව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඉකුත් මැයි මස 5 වනදින හලාවත මුහුදු වෙරළින් බහුදින යාත්‍රාවක නැගී ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ඇත.
එසේ යමින් සිටියදී ඔවුන්ගේ යාත්‍රාව අනතුරට ලක්ව තිබියදී වෙනත් නෞකාවක් මගින් ඒ බව නාවික හමුදා මූලස්ථානය වෙත දැනුම්දී නාවික හමුදා මූලස්ථානය මගින් මුහුදේ මුර සංචාරක කටයුතු සඳහා ගොස් සිටි නන්දිමිත්‍ර නෞකාවට පණිවුඩයක් ලබාදෙමින් ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිට නාවික සැතපුම් 780ක් දුරින් අනතුරට පත්ව තිබු යාත්‍රාවේ සිටි මෙම පිරිස බේරාගෙන තිබේ.
පසුව නාවික හමුදා නිලධාරීන් ඔවුන්ට ප්‍රථමාධාර සහ ආහාරපාන ලබාදී 25වන දින ගාල්ල දක්ෂිණ නාවික කඳවුර වෙත ගෙනැවිත් වැඩිදුර පරීක්ෂණ සඳහා වරාය පොලිසියට බාරදී ඇත. පසුව වරාය පොලිසිය මගින් එම 41 දෙනා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ බාල වයස්කාර ළමයින් 8දෙනා නඩුවෙන් මුදා හැරිමටත් කාන්තාවන් 04 දෙනා එක් අයෙකු රුපියල් ලක්ෂය බැගින්වූ ශරිර ඇපයක් මත මුදා හැරීමටත් නියෝග කර පිරිමි 29 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් නියෝග කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd