කඩුගන්නාව පොලිසියේ රාත්‍රී මුර සංචාරයේ යෙදුණු කොස්තාපල්වරයෙකුට හා ආරක්ෂක සහායෙකුට පස්දෙනෙකුගෙන් යුත් පිරිසක් පහර දී ඇතැයි පොලිසිය කියයි.
සැකකරුවන් ගමන් ගත් කාරය පදික මාරුවේ මාර්ග සලකුණු පුවරුවේ වැදී ඇතැයිද වාහනය පසුපසට ගනිද්දී ඒ බව නොදැක්කේ දැයි පොලිසිය රියදුරුගෙන් අසා ඇති බවත් ඉන්පසු පොලිසියට බැන වැදී පහරදී ඇති බවත් කියති.
පොලිසියේ දෙදෙනා පේරාදෙණිය රෝහලට ඇතුළු කරනු ලැබූහ.
සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇතැයිද පොලිසිය පවසයි. පළා ගිය තිදෙනකු අත් අඩංගුවට ගැනීමට පොලිසිය සොයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයි තරාතිරමේ පුද්ගලයකු උනත් නිතිය තමන් අතට ගැනීම අනුමත නොකරමි. මෙවැනි දේවල් වෙන්න හේතුවත් සාධාරණව සොයා බැලිය යුතුයි. (ත)
තව ටික කාලයකින් හොඳ හොඳ දේවල් බලා ගත හැකි වෙයි. (ත)
පොලිසියේ අභිමානය බිංදුවට දමා ඇත. (ත)