රජයේ සහ උතුරු මැද පලාත් සභාවේ ප‍්‍රසම්පාදන නියමයන් උල්ලංගනය කරමින් උතුරු මැද පලාතේ වැවි අමුණූ අලූත් වැඩියා කිරිමට දේශපාලන හිතවතුන්ට නීති විරෝධීව ලබාදිමට ගියැයි කියන කොන්ත‍්‍රාත් සියල්ල ජූනි මස 14 වන දින දක්වා අත් හිටුවන ලෙසට නියෝග කරමින් උතුරු මැද පලාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද (31) අතුරු තහනම් නියෝගයක් නිකුත් කලේය.
මෙම නඩුවේ වගඋත්තරකාර උතුරු මැද පලාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍යවරයා ඇතුලූ කැබිනටි මණ්ඩලයට, උතුරු මැද පලාත් ආණ්ඩුකාරවරයාට සහ උතුරු මැද පලාත් සභාවේ ප‍්‍රධාන ලේකම්වරයා ඇතුලූ සියලූ අමාත්‍යංශ ලේකම්වරුන්ට ජුනි මස 14 වන දින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටත් නියෝග කළේය.
මේ දිනවල උතුරු මැද පලාතේ සියලු වැව් ජලයෙන් පිරී ඉතිරී පවතින බවත් එසේ තිබියදි වැව් අලුත් වැඩියා කරන්නේ කෙසේදැයි නීතිඥවරයා විවෘත අධිකරණයේදි ප‍්‍රශ්න කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සරත් ඔය ක්‍රමයට තමයි වැව් අලුත් වැඩියා කරන්න ඇත්තේ. ඒ පුරුද්දට ගිය හැටි අමතක කරන්න බැහැ. ජනපතිතුමා හොඳ වුණාට වැඩක් නැහැ,ගෝලයෝ තවම පැරණි ක්‍රමයම තමයි. අහිංසක ජනයාගේ බදු මුදල්.(අ)