IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


නීතිය - සාමය ස්ථාපිත කරන්නැයි පොදුජන පෙරමුණ ඉල්ලා සිටියි

(යොහාන් භාසුර)

රට තුළ වහාම නීතිය හා සාමය පරිපූර්ණ ලෙස ස්ථාපිත කරන ලෙස වැඩබලන ජනාධිපතිපතිවරයාගෙන් සහ ආරක්‍ෂක අංශ වෙතින් දැඩිව ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට සූදානම් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

රට හමුවේ පවතින ප්‍රචණ්ඩකාරී කණ්ඩායම්වල හැසිරීම බරපතල ලෙස සැළකිල්ලට ගතයුතු බව කියන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නීතිය හා සාමයට ඉහළින් කිසිවක් තිබිය නොහැකි බව ද සඳහන් කරයි.

සම්මත නීතියත් ව්‍යවස්ථාපිත ආයතන ව්‍යුහයත් ඊට අදාල ආයතනික ක්‍රියාවලියත් නිසි ලෙස ක්‍රියාත්මක වීමට එරෙහිව කටයුතු කිරීමට හෝ ඊට බාධා කිරීමට කිසිසේත්ම ඉඩ තැබිය නොහැකි බවත් ඒ හේතුවෙන් සියලු පුරවැසියන්ගේ ආරක්‍ෂාව සහ ජීවත්වීමේ අයිතිය සුරක්‍ෂිත කිරීමට වාහාම පියවර ගතයුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම නිවේදනයෙන් අවධාරණය කරයි. 



අදහස් (6)

නීතිය - සාමය ස්ථාපිත කරන්නැයි පොදුජන පෙරමුණ ඉල්ලා සිටියි

Rexi Wednesday, 13 July 2022 08:38 PM

නීතිය සහ සාමය රකින්න ඉල්ලන්නේ නීතියට ගරු කරන කණ්ඩායමක්... සියවසේ ලොකුම විහිළුව...

:       0       0

ranjith Wednesday, 13 July 2022 09:03 PM

නීතියට අනුවද මේ තරම් හොරකම් කරලා රට බංකොළොත් කළේ...? එක්කෙනෙක්ගේ කාලේ මහබැංකුව හොරකම් කළා. ඊළඟ අවුරුදු දෙකෙන් රට බංකොළොත් කළා.. මේවා මොනවා කළත් බලේ ඉන්න කටයුතු සලසා දෙන්න කියලද කියන්නේ...? ජනතාවට යහපතක් වෙන්නේ කවද්ද?

:       0       0

siril Wednesday, 13 July 2022 09:18 PM

රට හරියට පාලනය කරන්න කියන්න කොන්දක් තිබුණේ නෑ නේද? එහෙම කළා නම් මේ විපත රටට වෙන්නේ නෑ නේද?

:       0       0

Cisco Wednesday, 13 July 2022 10:58 PM

මේ අයගේ නීතියට මැයි 9 දා මොකද වුනේ?

:       0       0

Nalin Thursday, 14 July 2022 12:48 AM

මේ අවස්තාවාදී, බල ලෝභී, කුහක දේශපාලකයන් අන්තිමට රටේ කොල්ලෝ කෙල්ලෝ දිවි හිමියෙන් අරගල කරලා ලබාගත්තු ජයග්‍රහණ අමු අමුවේ පාවාදී ඇත. මොහුද බලය උදෙසා දහස් ගණන් තරුණයින්ගේ ලේ මේ මිහිකත ලෙයින් තෙත් කිරීමට දායක වී ඇත.

:       0       0

swene Thursday, 14 July 2022 02:51 PM

පොදුජන පෙරමුණේ ඉන්නේ නීතිය හා සාමය හොඳින්ම ආරක්ෂා කළ අය වෙන්නැති.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 95 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 862 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site