මහින්ද රාජපක්ෂ සමයේ වංචා දුෂණ හා අපරාධ කළ පුද්ගලයින්ට දඬුවම් දෙන බවට ජනාධිපතිවරයා හා අගමැතිවරයා පසුගිය මැතිවරණ සමයේ අවධාරණය කළ ද රටේ නීතිය ක‍්‍රියාත්මක වීම බිඳවැටී ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවසීය.
නීතිය ක‍්‍රියාත්මක කෙරෙන තැන්වල රාජපක්‍ෂලාට ලැදි පුද්ගලයින් සිටීම මෙන්ම නීතිමය කටයුතුවලට ඇමැතිවරුන් අත පෙවීම මෙම තත්ත්වයට හේතු වී ඇතැයි ද මහාචාර්යවරයා පැසුවේය.
ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්‍ෂ ධර්මසිරි බණ්ඩාරනායක මහතා මෙහි දී පැවසුවේ ශ්‍රී ලංකාව යළිත් ජාතිවාදීන්ගේ පාරාදීසයක් වීමට ඉඩ නොදිය යුතු බවයි.
වත්මන් බල පෙරලිය ඇති කිරීමට මූලික වූ සියලූම සංවිධානවලට ආණ්ඩුව යන වැරදි ගමන වෙනස් කිරීමේ වගකීමක් ද පැවරී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ප‍්‍රධාන කමිටු සාමාජික, ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති සමන් රත්නප‍්‍රිය මහතා මෙහි දී පැවසුවේ වත්මන් රජයේ ක‍්‍රියා කලාපය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවයි. රජය කාරයකින් යා යුතු ගමන යන්නේ කරත්ත රෝද සවිකර ගත් රියකින් පොලිස්පති මෙන්ම නීතිපති ද රටේ නීතිය නිසි ලෙස ක‍්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් වගකිව යුතු බව ඔහු කීවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහෙලා කියපු බොරු වලට අහු වෙලා මේ ආණ්ඩුවට චන්දෙ දීපු මිනිස්සු ඉන්නේ ඔහෙලා එක්කත් මාර කේන්තියෙන්.(කෞ)
තමන්ගේ දරුවෙක් වුනත්, පවුලේ ඥාතියෙක් වුනත් වැරද්දක් කලොත් ඒක පෙන්වා දිය යුතුයි. ප්‍රසිද්ධ කල යුතුයි. පක්ෂග්‍රාහීව වැරදි සඟවාගෙන සිටීම ඉතාමත් භයානකයි. දුන් පොරොන්දු ඉටු කිරීම පත් වුනු අයගේ වගකීමක්. එහෙත් අදත් එදා වගේම නම් කලකිරීම ඉතාමත් සාධාරණයි.(කෞ)
ආයෙත් රට විනාශ කරන්න නම් එපා (නි)
කවුද අප්පා මේ ගෙදර ගෑනු ඉඳිද්දී රටේ වෙන ගෑනු එක්ක ළමයි හදලා දැන් අපිට කෙලින් යන්න කියන කකුළුවා. මෙතන ෆොටෝ වල ඉන්න එකෙක් නේද. (කෞ)
දහම් හරි. තාම පේන්නේ රාජපක්ෂ බර එක තමයි. මුන් එකතු වෙලා මේ රටට කරපු අපරාදේ.......(බ)
රාජපක්ෂලා කළ වැරදි වලින් 1%ක්වත් මේ ආණ්ඩුව කරලා නැහැ. කළ එකම වරද හොරුන්ට නිදැල්ලේ ඉන්න හැරිය එක විතරයි (නි)
මම ඡන්දෙ දුන්නේ මෛත්‍රී පාලට. හැබැයි දැන් නම් හිතෙනවා මේ ආණ්ඩුව ඇවිත් අවුරුදු දෙකක් වත් වුනේ නෑ රටේ නිතිය බල්ලට ගිහින්, මිනීමැරුම්,පාතාලේ,මැරකම් සේරම වැඩි වෙලා.අල්ලපු හොරෙකුත් නෑ, අහු වුණ මුදල් වංචාවකුත් නෑ. අපිව බොරු කියල රැවැට්ටුව ..(බ)
යහපාලනය කියලා මේ ගොල්ලන් හොයන්නේ මේගොල්ලන්ට විතරක් හොඳ පාලනයක්. හිරුනිකා නැග්ගේ කාගේ ස්ටේජ් එකටද. එයාගේ වැඩ හොඳද? ජාතිවාදී පාලනය කියන්නේ සිංහලයන්ට තියන එකම රටේ සිංහලයන්ට නිදහසේ ඉන්න පාර හදපු එකටද. තමන්ගේ ගෑනි දරුවෝ ගෙදර තියලා වෙන ගෑනු එක්ක ළමයි හදන එක වෙන්න ඇති මේ සමහර අයගේ යහ පාලනය. (බ)
ආ ඔය කියන්නේ අර ජාතිවාදී පාරාදීසය නැතිකරන්න කතාකරන කෙනානේ. උන් හිතන් ඉන්නේ අපේ රට චිත්‍රපටි ගුහාවක් කියලා. (කෞ)
මුන්ට ඕන රට නෙමේ. රාජපක්ෂලාගෙන් නැති ඕනෑම බහුබූත සමාජයක් මුන්ට සාධාරන සමාජයක්. යම පාලනය , අපාය වුණත් කමක් නැහැ, හොද කුට්ටියක් කොහෙන් හරි ලැබෙනවා ඇති. උගත් ගොන් රැල. (බ)
මෙතන ඉන්න වැඩි හරියක් කොහොම අයද කියලා අපි දන්නවා (නි)
රටේ වෙන අපරද වලට කතා කරන් නැහැ මේගොල්ලෝ කඩේ යන කට්ටිය යහපාලනයේ (බ)
මෙයාලට පේන්නේ රාජපක්ෂට බර එක විතරයි. හිරුනිකාට බර එක පේන්නේ නැ (බ)
සත්‍යපාලට 2015 ජනවාරි 8 ඉඳන් කෝමා එකක්වත් හැදිලා හිටියද ? (බ)
සරත් විජේසූරියට පේන්නේ නැද්ද හිරුණිකාට බරයි කියලා (බ)
මම උඩින්ම සපෝර්ට් එක දුන්නේ මෛත්‍රී පාලට ඡන්දෙ ජය ගන්න. හැබැයි දැන් නම් හිතෙනවා මේ ආණ්ඩුව ඇවිත් අවුරුදු දෙකක් වත් වුනේ නෑ රටේ නිතිය බල්ලට ගිහින්, මිනීමැරුම්,පාතාලේ,මැරකම් සේරම වැඩි වෙලා.අල්ලපු හොරෙකුත් නෑ, අහු වුන මුදල් වංචාවකුත් නෑ. (බ)
නෑ, නෑ, චතුර. සත්‍යපාලට කෝමා එකක නෙවෙයි. එයාට හොඳ රටක තානාපති කාර්යාලයක තනතුරක් ලැබිලා. තව ටික දවසකින් ඩිෆෙන්ඩර් එකකුත් ලැබිලා උසාවියේ වගේ නඩු අහන්නත් පුළුවන්ලු. (බ)
ඒ වුණාට ඉතින් නීතිය කාටත් පොදුනේ! (නි)