සිවිල් සමාජය පාලනය වියයුත්තේ නීතියේ ආධිපත්‍යයට පවතින පාලන කාලයක බවත් එය තනි පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමකගේ පාලනයට යටත් නොවිය යුතු බවත් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ගාලු නීතීඥයෝ කියති. අද දහවල් ගාල්ල උණවටුනේ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔවුහු මේ බව කියා සිටියහ.
පසුගිය කාලයේ දී මෙරට පවතින සෑම ආයතනයක් ම අත්තනෝමතික හා හිතුවක්කාර ලෙස ඒක පුද්ගල අණසකට නතුව පැවතීම හේතුවෙන් ස්වාධීනව තිබිය යුතු ආයතන පවා පක්ෂග්‍රාහීව කටයුතු කරමින් පැවතීමෙන් රටේ සමස්ථ සමාජය නීතයේ පාලනයෙන් ගිලිහී ගොස් ඇතැයි එම නීතීඥයෝ කියති.
රටේ විධායකය ද, නීතිය සකස් කරණ ව්‍යවස්ථාදාකයක ද යුක්තිය පසිඳලන අධිකරණය ද මේ වනවිට නීතියේ ආදිපත්‍යෙයන් මිදී එක් තැනැත්තෙකුගේ හෝ එක් කල්ලියක පුද්ගලික අභිමතය පරිදි ක්‍රියාත්මක වීමෙන් සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදය බිඳීගොස් ඇතැයි ද ඔවුහු කියති.
17 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසිකර 18වන ව්‍යවස්ථා සංශෝධනය ඇතිකරමින් අධිකරණ ස්වාධීනත්වය බිඳදමා ඇතැයි ද ප්‍රජාත්නත්‍රවාදය සඳහා නීතීඥයෝ සංවිධානය පෙන්වාදෙයි.
ප්‍රජාත්නත්‍රවාදය සඳහා ගාලු නීතිඥයෝ සංවිධානය පවසන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ දී ප්‍රජාතන්ත්‍රවිරෝධී පාලන ලක්ෂණ ඉවත්කරණ ව්‍යවස්ථා සංශෝධනයක් ඇතිකිරීමට එකඟව සිටින සහ ඒ සඳහා වුවමනාවක් පවතින බව පෙනී යන පාලකයෙක් ඉදිරි ජනාධිපතිවරණයේ දී තෝරාපත්කැර ගැනීම අවශ්‍ය බවයි. ඒ සඳහා ජනවාරි 08 දා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් බිහි කිරීමට වටිනා ඡන්දය භාවිතාකරණ ලෙස ද ඔවුහු පොදු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උගතුන්ගේ ඡන්දය කොහොමත් මෛත්‍රීට ලැබෙනවා. (නි)
යුක්ති ගරුක මිනිසුන් පිරිසක්. දැකීමත් සතුටක්. (ර)
රටේ සැබෑ තත්වය ගැන අවබෝධයක් ඇති ජනතාව , උගත් පිරිස පැහැදිලිවම වෙනසක් බලාපොරොත්තු වන බව පෙනෙනවා. (හේ)
මේ විදියට බලනකොට රජයට ඡන්දෙ දෙන හැමෝම මෝඩයෝ ද? ඒ කියන්නේ කලින් දෙපාරම ඡන්ද ප්‍රතිපල බැලුවම තේරෙන්නේ ලංකාවේ 50% කටත් වැඩියෙන් ඉන්නේ මෝඩයෝ. (නදී)
මුණත් එක්ක තරහා වෙලා නාසය කපාගත්තා වගේ තමයි.(හේ)
ඡන්දය කාගේ වුනත් සමාන වටිනාකමක් තියෙන්නේ , එක නිසා උගතුන්ගේ ඡන්දේ ගැන විතරක් හිතන්න එපා.(හේ)
ඇත්ත, මේ කට්ටිය කියන්නේ ඇත්ත. මේකේ සඳහන් කරුණු එක්ක සලකල බලනකොට මට නම් හිතෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි නියම සුදුස්සා බව. මොකද පොදු අපේක්ෂකයාගේ වටා ඉන්නේ විශ්වාසය බිඳ දැමු කට්ටියනේ. (නදී)
වැහි වහිනවා වගේ සංවිධාන නම් ඉන්නවා. අනේ ඉතින් මේවා හොඳයි කොන්ඩේ බැඳපු චීනුන්ට (නදී)