IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නීතියේ පාලනයට යටත් පාලකයකු පත්කරමු

සිවිල් සමාජය පාලනය වියයුත්තේ නීතියේ ආධිපත්‍යයට පවතින පාලන කාලයක බවත් එය තනි පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමකගේ පාලනයට යටත් නොවිය යුතු බවත් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ගාලු නීතීඥයෝ කියති. අද දහවල් ගාල්ල උණවටුනේ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔවුහු මේ බව කියා සිටියහ.

පසුගිය කාලයේ දී මෙරට පවතින සෑම ආයතනයක් ම අත්තනෝමතික හා හිතුවක්කාර ලෙස ඒක පුද්ගල අණසකට නතුව පැවතීම හේතුවෙන් ස්වාධීනව තිබිය යුතු ආයතන පවා පක්ෂග්‍රාහීව කටයුතු කරමින් පැවතීමෙන් රටේ සමස්ථ සමාජය නීතයේ පාලනයෙන් ගිලිහී ගොස් ඇතැයි එම නීතීඥයෝ කියති.

රටේ විධායකය ද, නීතිය සකස් කරණ ව්‍යවස්ථාදාකයක ද යුක්තිය පසිඳලන අධිකරණය ද මේ වනවිට නීතියේ ආදිපත්‍යෙයන් මිදී එක් තැනැත්තෙකුගේ හෝ එක් කල්ලියක පුද්ගලික අභිමතය පරිදි ක්‍රියාත්මක වීමෙන් සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදය බිඳීගොස් ඇතැයි ද ඔවුහු කියති.

17 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසිකර 18වන ව්‍යවස්ථා සංශෝධනය ඇතිකරමින් අධිකරණ ස්වාධීනත්වය බිඳදමා ඇතැයි ද ප්‍රජාත්නත්‍රවාදය සඳහා නීතීඥයෝ සංවිධානය පෙන්වාදෙයි.

ප්‍රජාත්නත්‍රවාදය සඳහා ගාලු නීතිඥයෝ සංවිධානය පවසන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ දී ප්‍රජාතන්ත්‍රවිරෝධී පාලන ලක්ෂණ ඉවත්කරණ ව්‍යවස්ථා සංශෝධනයක් ඇතිකිරීමට එකඟව සිටින සහ ඒ සඳහා වුවමනාවක් පවතින බව පෙනී යන පාලකයෙක් ඉදිරි ජනාධිපතිවරණයේ දී තෝරාපත්කැර ගැනීම අවශ්‍ය බවයි. ඒ සඳහා ජනවාරි 08 දා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් බිහි කිරීමට වටිනා ඡන්දය භාවිතාකරණ ලෙස ද ඔවුහු පොදු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

P1090120



අදහස් (0)

නීතියේ පාලනයට යටත් පාලකයකු පත්කරමු

නවින් Thursday, 18 December 2014 07:56 AM

උගතුන්ගේ ඡන්දය කොහොමත් මෛත්‍රීට ලැබෙනවා. (නි)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Thursday, 18 December 2014 08:55 AM

යුක්ති ගරුක මිනිසුන් පිරිසක්. දැකීමත් සතුටක්. (ර)

:       0       0

රිකී Thursday, 18 December 2014 09:13 AM

රටේ සැබෑ තත්වය ගැන අවබෝධයක් ඇති ජනතාව , උගත් පිරිස පැහැදිලිවම වෙනසක් බලාපොරොත්තු වන බව පෙනෙනවා. (හේ)

:       0       0

දිලා Thursday, 18 December 2014 09:25 AM

මේ විදියට බලනකොට රජයට ඡන්දෙ දෙන හැමෝම මෝඩයෝ ද? ඒ කියන්නේ කලින් දෙපාරම ඡන්ද ප්‍රතිපල බැලුවම තේරෙන්නේ ලංකාවේ 50% කටත් වැඩියෙන් ඉන්නේ මෝඩයෝ. (නදී)

:       0       0

සංජය Thursday, 18 December 2014 09:48 AM

මුණත් එක්ක තරහා වෙලා නාසය කපාගත්තා වගේ තමයි.(හේ)

:       0       0

සුමිත් Thursday, 18 December 2014 10:01 AM

ඡන්දය කාගේ වුනත් සමාන වටිනාකමක් තියෙන්නේ , එක නිසා උගතුන්ගේ ඡන්දේ ගැන විතරක් හිතන්න එපා.(හේ)

:       0       0

පාල Thursday, 18 December 2014 10:20 AM

ඇත්ත, මේ කට්ටිය කියන්නේ ඇත්ත. මේකේ සඳහන් කරුණු එක්ක සලකල බලනකොට මට නම් හිතෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි නියම සුදුස්සා බව. මොකද පොදු අපේක්ෂකයාගේ වටා ඉන්නේ විශ්වාසය බිඳ දැමු කට්ටියනේ. (නදී)

:       0       0

කීර්තිස් Thursday, 18 December 2014 11:40 AM

වැහි වහිනවා වගේ සංවිධාන නම් ඉන්නවා. අනේ ඉතින් මේවා හොඳයි කොන්ඩේ බැඳපු චීනුන්ට (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site