පොදු දේපොළ කොල්ලකෑ බොහෝ පිරිසක් නිදැල්ලේ සිටියදී වීදුරුවක් කැඩුණු සිද්ධියක් අල්ලාගෙන ආණ්ඩුව පොලිසිය හරහා තම පක්ෂය මර්දනය කිරීමට උත්සාහ දරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ මහතා කියයි.
පොදු දේපළ අයථා පරිහරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලත් පුද්ගලයන්ට අමාත්‍යංශ ලේකම් තනතුරු දෙන බවත්, සජින් වාස් වැන්නවුන්ට ප්‍රභූ ආරක්ෂාව ලබා දී ඇති බවත් ජයගොඩ මහතා පවසයි.
එවැනි පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්ම කිරීම මන්ද ගාමීව සිදුවෙද්දී වීදුරුවක් කැඩීයැයි තම පක්ෂයට එරෙහිව වේගවත්ව නීතිය ක්‍රියාත්මක කරන්නට යන බව ද ඔහු සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරටුගාමීන් භංගවේවා! (නි)
නීතිය යනු යම් අයෙකුගේ කැමැත්තද? (නි)
නීතියේ තුලාව තුලනය වී සාධාරණය ඉෂ්ටවනතුරු අභීතව පෙරටම යාම හැර විකල්පයක් නැත. (නි)
පළමුව තමන් නීතිගරුකව සිට අනෙත් අය කරන නීතිවිරෝධී වැඩ පෙන්වාදීමයි මහත්මා ලක්ෂණය (නි)
නුඹලා කියන විදියට පෙරටුගාමින් කරලා තියෙන්නේ වැරැද්දක්. හැබැයි අප තේරුම් ගන්න ඕනෑ වරද වරදක් වෙන්නේ ඒක නිර්වචනය කරන අය අතින්. කිසිදු ලාභයක් නොපතා, පීඩිතයන්ගේ අයිතිය වෙනුවෙන් සටන් කිරීම වරදක් නොවේ (නි)
අපරාධය, සාහසිකකම පිළිබඳව ලොකු ලොකු වචන ඇහෙනවා. හැබැයි කවුරුත් මේ සමාජයේ තියෙන අපරාධ ගැන පුබුදුලා වගේ කතා කරන්නේ නැහැ. එහෙම කතා කරනවානම් මොකටද උද්ඝෝෂණ? කොහෙද අවනීතිය? (නි)
නීතිය එක්කෙනෙකුටවත් ක්‍රියාත්මක කරන්න එපාද? (නි)
පුබුදු සහෝදරයා ප්‍රාර්ථනා කරන දේ හරියනවා නම් හොඳයි. (නි)
මෙච්චර ප්‍රශ්න තියෙද්දී තමාට වුණ දෙයක් ගැන කතා කරනවා. අනික ටිකක් ප්‍රායෝගික වෙන්න. ඔබලාගේ දේශපාලන භාවිතාව ප්‍රශ්නසහගතයි. න්‍යාය ටොන් එකකට වැඩිය භාවිතාව අවුන්සයක් වටිනවා. නොපෙනෙන සමාජවාදය යටතේ නිකම් බුරියානි බෙදනකම් බඩගින්නේ ඉන්නවට වඩා, ගන්න පුළුවන් පාන් කැල්ලක් ලොකු කරගන්න විදිහක් ගැන බලමුද. (නි)
මැසිවිලි නඟන්න එපා සහෝදරයා. පොදු දේපල වලට හානිවුණා නම් එහි වන්දිය ගෙවන්න. ඉදිරියටත් මෙය හොඳ පූර්වාදර්ශයක් වේවි. උද්ඝෝෂණ කරන්න විරෝධතා දක්වන්න අයිතියක් තියෙනවා වගේම පොදු දේපල වලට හානි කරන්න අයිතියක් නැති බවත් හැම දෙනාම දැන ගතයුතුයි. (නි)
එ්ත් ඉතින් රජයේ මහජන දේපොළ විනාශ කරන්න ඔය කතාව හේතුවක් නොවෙයිනේ. ඕවා හදන්න මහජනයා ගෙවන්න ඕනෑ. (නි)
කොහෙන්හරි තැනකින් පටන් ගන්න වෙනවා මහත්තයෝ. සහෝදරයා, කවුරු වුණත් රජයේ දේපොළ විනාශ කරනවා නම් තරාතිරම නොබලා දඬුවම් කළයුතු වෙනවා. මොකද මේවා අනාගත දරුවන් සතු දේපොළ වන නිසා (නි)
තමුන්ට නීතිය ක්‍රියාත්මක කිරීම වරදක්ද? එහෙමනම් අනෙකුත් දෙවල් ගැන කතාකිරීමට ඔබ කිසි කෙනෙකුට අයිතියක් නැහැ. නිකන් මාධ්‍ය සංදර්ශන තියන්නෙ නැතුව පැත්තකට වෙලා හිටියා නම් ඉවරයි. ඔක්කොම එකයි (නි)
පොදු දේපොළ කොල්ලකෑවත්, පොදු දේපොළක වීදුරුවක් කැඩුවත් වැරැද්ද වැරැද්දක් යැයි පිළිගන්නට තරම් නිහතමානී වනතුරු ඔබට පැවැත්මක් නැති බව මට හැඟෙනවා. (නි)
නීතිය යනු පාලකයාගේ කැමැත්තද? ජයවේවා පෙරටුගාමින්ට! (නි)
එක අතකට එ්කත් ඇත්ත. මේ මිනිස්සු හිරේ දානවා නම් මංතීරු කඩපු අය නිදැල්ලේ මොකද? (නි)
කිරි කළයට ගොම බිඳුවක් වැටිලා වගෙයි (නි)
කොයි අපරාධකාරයටද කියන්න පුළුවන් මට කලින් අනික් අය අල්ලලා ඉන්න කියලා? හැම කෙනාම එහෙම කියන්න ගත්තොත් කිසිකෙනෙක් අල්ලන්න බැහැ නොවැ. (නි)