IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‘නීතිය අපට විතරද?‘ - පෙරටුගාමීහු අසති

පොදු දේපොළ කොල්ලකෑ බොහෝ පිරිසක් නිදැල්ලේ සිටියදී වීදුරුවක් කැඩුණු සිද්ධියක් අල්ලාගෙන ආණ්ඩුව පොලිසිය හරහා තම පක්ෂය මර්දනය කිරීමට උත්සාහ දරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ මහතා කියයි.

පොදු දේපළ අයථා පරිහරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලත් පුද්ගලයන්ට අමාත්‍යංශ ලේකම් තනතුරු දෙන බවත්, සජින් වාස් වැන්නවුන්ට ප්‍රභූ ආරක්ෂාව ලබා දී ඇති බවත් ජයගොඩ මහතා පවසයි.

එවැනි පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්ම කිරීම මන්ද ගාමීව සිදුවෙද්දී වීදුරුවක් කැඩීයැයි තම පක්ෂයට එරෙහිව වේගවත්ව නීතිය ක්‍රියාත්මක කරන්නට යන බව ද ඔහු සඳහන් කරයි.

 



අදහස් (0)

‘නීතිය අපට විතරද?‘ - පෙරටුගාමීහු අසති

දම්මි Friday, 27 May 2016 09:19 AM

පෙරටුගාමීන් භංගවේවා! (නි)

:       0       0

සමන් Friday, 27 May 2016 09:59 AM

නීතිය යනු යම් අයෙකුගේ කැමැත්තද? (නි)

:       0       0

සේනක Thursday, 26 May 2016 05:24 PM

නීතියේ තුලාව තුලනය වී සාධාරණය ඉෂ්ටවනතුරු අභීතව පෙරටම යාම හැර විකල්පයක් නැත. (නි)

:       0       0

ගමගේ Friday, 27 May 2016 12:07 PM

පළමුව තමන් නීතිගරුකව සිට අනෙත් අය කරන නීතිවිරෝධී වැඩ පෙන්වාදීමයි මහත්මා ලක්ෂණය (නි)

:       0       0

විශ්ව Saturday, 28 May 2016 09:32 AM

නුඹලා කියන විදියට පෙරටුගාමින් කරලා තියෙන්නේ වැරැද්දක්. හැබැයි අප තේරුම් ගන්න ඕනෑ වරද වරදක් වෙන්නේ ඒක නිර්වචනය කරන අය අතින්. කිසිදු ලාභයක් නොපතා, පීඩිතයන්ගේ අයිතිය වෙනුවෙන් සටන් කිරීම වරදක් නොවේ (නි)

:       0       0

රන්දිම Saturday, 28 May 2016 09:37 AM

අපරාධය, සාහසිකකම පිළිබඳව ලොකු ලොකු වචන ඇහෙනවා. හැබැයි කවුරුත් මේ සමාජයේ තියෙන අපරාධ ගැන පුබුදුලා වගේ කතා කරන්නේ නැහැ. එහෙම කතා කරනවානම් මොකටද උද්ඝෝෂණ? කොහෙද අවනීතිය? (නි)

:       0       0

ජාකොබ් Friday, 27 May 2016 12:04 AM

නීතිය එක්කෙනෙකුටවත් ක්‍රියාත්මක කරන්න එපාද? (නි)

:       0       0

ගම්පොළගෙදර Friday, 27 May 2016 02:36 AM

පුබුදු සහෝදරයා ප්‍රාර්ථනා කරන දේ හරියනවා නම් හොඳයි. (නි)

:       0       0

ප්‍රියා Friday, 27 May 2016 02:42 AM

මෙච්චර ප්‍රශ්න තියෙද්දී තමාට වුණ දෙයක් ගැන කතා කරනවා. අනික ටිකක් ප්‍රායෝගික වෙන්න. ඔබලාගේ දේශපාලන භාවිතාව ප්‍රශ්නසහගතයි. න්‍යාය ටොන් එකකට වැඩිය භාවිතාව අවුන්සයක් වටිනවා. නොපෙනෙන සමාජවාදය යටතේ නිකම් බුරියානි බෙදනකම් බඩගින්නේ ඉන්නවට වඩා, ගන්න පුළුවන් පාන් කැල්ලක් ලොකු කරගන්න විදිහක් ගැන බලමුද. (නි)

:       0       0

ජයරත්න Friday, 27 May 2016 03:05 AM

මැසිවිලි නඟන්න එපා සහෝදරයා. පොදු දේපල වලට හානිවුණා නම් එහි වන්දිය ගෙවන්න. ඉදිරියටත් මෙය හොඳ පූර්වාදර්ශයක් වේවි. උද්ඝෝෂණ කරන්න විරෝධතා දක්වන්න අයිතියක් තියෙනවා වගේම පොදු දේපල වලට හානි කරන්න අයිතියක් නැති බවත් හැම දෙනාම දැන ගතයුතුයි. (නි)

:       0       0

සුනිල් Friday, 27 May 2016 03:09 AM

එ්ත් ඉතින් රජයේ මහජන දේපොළ විනාශ කරන්න ඔය කතාව හේතුවක් නොවෙයිනේ. ඕවා හදන්න මහජනයා ගෙවන්න ඕනෑ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 27 May 2016 03:34 AM

කොහෙන්හරි තැනකින් පටන් ගන්න වෙනවා මහත්තයෝ. සහෝදරයා, කවුරු වුණත් රජයේ දේපොළ විනාශ කරනවා නම් තරාතිරම නොබලා දඬුවම් කළයුතු වෙනවා. මොකද මේවා අනාගත දරුවන් සතු දේපොළ වන නිසා (නි)

:       0       0

රොශාන් Friday, 27 May 2016 03:39 AM

තමුන්ට නීතිය ක්‍රියාත්මක කිරීම වරදක්ද? එහෙමනම් අනෙකුත් දෙවල් ගැන කතාකිරීමට ඔබ කිසි කෙනෙකුට අයිතියක් නැහැ. නිකන් මාධ්‍ය සංදර්ශන තියන්නෙ නැතුව පැත්තකට වෙලා හිටියා නම් ඉවරයි. ඔක්කොම එකයි (නි)

:       0       0

ධම්ම Friday, 27 May 2016 04:09 AM

පොදු දේපොළ කොල්ලකෑවත්, පොදු දේපොළක වීදුරුවක් කැඩුවත් වැරැද්ද වැරැද්දක් යැයි පිළිගන්නට තරම් නිහතමානී වනතුරු ඔබට පැවැත්මක් නැති බව මට හැඟෙනවා. (නි)

:       0       0

කුමාර Friday, 27 May 2016 04:09 AM

නීතිය යනු පාලකයාගේ කැමැත්තද? ජයවේවා පෙරටුගාමින්ට! (නි)

:       0       0

සෑම් Friday, 27 May 2016 05:07 AM

එක අතකට එ්කත් ඇත්ත. මේ මිනිස්සු හිරේ දානවා නම් මංතීරු කඩපු අය නිදැල්ලේ මොකද? (නි)

:       0       0

දුමින්ද Friday, 27 May 2016 05:41 AM

කිරි කළයට ගොම බිඳුවක් වැටිලා වගෙයි (නි)

:       0       0

උපාලි Friday, 27 May 2016 06:54 AM

කොයි අපරාධකාරයටද කියන්න පුළුවන් මට කලින් අනික් අය අල්ලලා ඉන්න කියලා? හැම කෙනාම එහෙම කියන්න ගත්තොත් කිසිකෙනෙක් අල්ලන්න බැහැ නොවැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 163 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 788 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site