
(අංජුල මහික වීරරත්න)
නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා නීතිපති ධූරය සඳහා පත්කිරීමේ ව්‍යවස්ථාපිත අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මෙම දැනුම් දී තිබේ.
ජ්‍යෙෂ්ඨත්වය මත නීතිපතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පෙන්වා දී තිබෙන්නේ මින් පෙර එවැන්නක් සිදුවී නොමැති බවයි.
නීතිපති ධූරය සඳහා වෙනත් සුදුසුකම් ලාභීන් සිටියදී එක් පුද්ගලයකු වෙනුවෙන් පමණක් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙනී නොසිටිය යුතු බව ද ජනාධිපති ලේකම්වරයා මෙම ලිපිය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිඥ සංගමය කියන්නේ දැන් හොර ගුහාවක් නේ .ළඟදීම එක්කෙනා දෙන්නා අත්අඩංගුවට ගනියි
ඇත්ත ඇත්ත. සුදුස්සාට සුදුසු තැන දීලා කොහොමද අපි අපේ වැඩ කර ගන්නේ...?
මේ රටට ලොකුම හෙනය දේශපාලකයන් කියලා මනාව පැහැදිලියි. සුදුස්සාට සුදුසු තැන නොලැබීම නිසා රට ප්‍රපාතයට යනවා. සුදුසු තැන නොලැබෙන දක්ෂතා දක්වන අය රට හැර යනවා...
දක්ෂ ගණනාවක් මුළුල්ලේ සුරැකි වටිනා සම්ප්‍රදායන් කැලේ වැදිලා... දේශපාලන පත්වීම් තමයි හැමතැනම. රට විනාශ මුඛයට යන එක අහන්නත් දෙයක්ද?
කලක ඉඳන් නීත්‍යානුකූල ක්‍රමවේද වලින් පිටගිහින් දැන් පිටගිය ක්‍රමවේදය නීත්‍යානුකූල කරන්න හදනවා.
ජ්‍යෙෂ්ඨයන් වුවමනා නැහැ, වැඩ බැරි නවකයන්ව දමාගෙන, ඔවුන්ව තමන්ට ඕන ඕනා විදිහට නටවන එක තමයි රනිල් රාජපක්ෂ කල්ලියේ තියරිය.