(නිමන්ති රණසිංහ)
නිතී ශිෂ්‍ය මිගාර ගුණරත්න මහතාට පහරදුන් බව කියන පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙසට නිතිපතිවරයා ලබාදුන් උපදෙස් තමන්ට මේ වන තෙක් ලැබී නැතැයි කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණීය මහතාට දැනුම් දුන්නේය.
පෑලියගොඩ පොලිස් ස්ථානය තුළදී ඉකුත් පෙබරවාරි මස 25 වැනිදා රාතී‍්‍ර නිතී ශිෂ්‍ය මිගාර ගුණරත්න මහතාට පහරදුන් බව කියන සියලූම පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි නිතිපතිවරයා ඉකුත් 03 වැනිදා උපදෙස් ලබා දුන් බවත්, එම උපදෙස් තමන් වෙත මෙතෙක් ලැබී නොමැති බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd