මරණ තර්ජන,මනුෂ්‍ය ඝාතන, රඳවා තබා ගැනීම්, පැහැර ගැනීම්, මෙන්ම  පොලිස් අත්අඩංගුවේදී සිදු වන ජීවිත හානි, පහරදීම්, පාපොච්චාරණය කිරීමට අනිසි ලෙස බල කිරීම් යනාදීය ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් සිදු වන බව වදහිංසා වලට එරෙහි එක්සත් ජාතීන්ගේ  කමිටුව සඳහන් කර සිටී.විද්වත්හු දස දෙනෙක් ඊට ඇතුළත් වෙති.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ඊට පිළිතුරු දෙමින් නීතිපති ජයන්ත ජයසූරිය මහතා පවසා ඇත්තේ මෙවන් තත්ත්වයක් ශ්‍රී ලංකාවේ නොමැති බවත්, එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්ය.
එම චෝදනා ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කළද මෙවන් පසුබිමක් ශ්‍රී ලංකාවේ ඇති බව එම එක්සත් ජාතීන්ගේ කමිටුව ප්‍රකාශ කර තිබේ.