(නිමල කොඩිතුවක්කු)
කතෝලික බැතිමතුන්ගේ අති උත්කර්ෂවත් දිනයක් ලෙස සැළකෙන නත්තල් දිනය දා අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ උත්තර පත‍්‍ර ඇගයීම සිදුකරන දිනයක් ලෙස විභාග දෙපාර්තමේන්තුව කාල සටහන් සකස් කර ඇතැයි ලංකා ගුරු සේවා සංගමය පවසයි.
මේ නිසා ඒ සඳහා යෙදී සිටින කතෝලික ගුරුවරුන් ඇතුළු නිලධාරීන් දැඩි අපහසුතාවයට ලක්ව ඇතැයි ද ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සේවා සංගමය දැඩි විරෝධය පල කරන බවත් මෙම තත්වය වහාම වෙනස් කරන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ජයසිංහ මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදාට උත්තර බැලීම හරි නැහැ. ශ්‍රමික නිදහස තිබිය යුතුයි ඒ වගෙම එදාට ලකුණු වැඩිපුර දෙන්නත් පුලුවන් සමහර විට අඩු වෙන්නත් පුලුවන්නෙ.
බෞද්ධ අපිත් ඒ වැඩේට විරුද්ධයි. ඕක හදපු සහ අනුමත කරපු අයට කියන්න එදාට වැඩකරන්න කියල.