( තිළිණි ද සිල්වා, මනෝප්රිය ගුණසේකර ,රංජන් කටුගම්පොළ )
සිය රථය පසුකර යෑමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් කෝපයට පත්ව අනෙක් රථයේ ගමන් කරමින් සිටි නීතිඥවරයාට පහරදී අඩත්තේට්ටම් කිරීමේ චෝදනාවට වරදකරු වූ වැලිකඩ පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයාට වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (18දා) නියම කළේය.
මෙලෙස සිර දඬුවම් නියම වූයේ වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් අමරසිංහ මහතාට එරෙහිවය.
චූදිත කමල් අමරසිංහට එරෙහි නඩුව මුලින්ම විභාගයට ගත් කොළඹ ප්‍රධාන මහේස්‍ර්තාත් අධිකරණය ඔහුට එරෙහිව වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කොට තිබූ අතර, එම දඬුවමට එරෙහිව අමරසිංහ මහතා අභියාචනයක් ඉදිරිපත් කර තිබිණි.
එම අභියාචන පෙත්සම විභාගයට ගෙන අවසන් කීරීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේය. අභියාචනය නිශ්ප්‍රභ කළ ශ්‍රේෂ්ඨාධිකරණය මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියම කොට තිබූ වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවම අදම (18) ක්‍රියාත්මක කිරීමටද තීන්දු කළේය.
සිසිර ද ආබෘ, ප්‍රසන්න ජයවර්ධන සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල අදාළ නියෝගය ප්‍රකාශයට කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඬුවමට අකමැතිනම් අසම්මත වැරදි නොකරන්න වගබලාගත යුතුයි .
නියමයි උද්දච්ච කමට උගන්වපු පාඩම
නීතිඥයාට පහරදුන් නිසා මොහුට මේවගේ දඬුවමක් ලැබුනා. වෙන කෙනෙකුට මේ දේම උනානම් පොලිසිය විසින් නීතිඥ මහත්වරුන්ව අල්ලලා මේක යට ගහනවා. අර මනුස්සයට අබ සරණයි. මේ රටේ නීතිය තරාතිරම අනුව, සල්ලි අනුව, පවුල් පසුබිම අනුව වෙනස්වීම ගැන ඉතාම කනගාටුයි.
හොද නියමයක්. මටත් මෙවැනි අපහසුවක් විදින්නට සිදු උනා.
කොට්ටෝරුවා හැම ගහටම කොටලා ගහිල්ල කෙසෙල් ගහට කෙටුව දවසට හොට පටලගන්නවා කියල කියමනක් තියෙනවනේ. මෙය එයට හොඳ උදාහරණයක්. O .I .C මහත්තය හිතන්න ඇති වෙන මිනිස්සු වගේ නිල ඇඳුමට බයේ ඉඳියි කියලා. මමනම් කියන්නේ මෙවැනි සමහර පොලිචේ නිලදරීන්ට උපරිම දඬුවම් දෙන්න ඕනේ අනිත් යට ආදර්ශයක් වෙන්න.
වැරදි වැඩ කරලා අහු වෙන පන්සල්වල ඔ.අයි.සී. ලාටත් මේ වගේ දඬුවම් දෙන්න බැරිද?
තීරණය මොකක් උනත් කෙනෙකුට ගහන්න අයිතියක් නැහැ කිසිම කෙනෙකුට වරදක් නැතුව. වරදක් තිබ්බත් එය විසදාගැනීමේ ක්‍රමවේදයක් නැතුව නෙමෙයිනේ.
නිල ඇදුමේ බලය පෙන්නන අයට හොද පාඩම්
හොඳ වැඩේ...