(මනෝප්‍රිය ගුණසේකර)

සාමකාමී විරෝධතාවක නිතරව සිටින පිරිසකට පහරදීම ඔවුන්ට බාධා හිරිහැර කිරීම නීතියට පටහැනි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් මගින් දැනුම් දී ඇත.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පිරිස් එහි ලේකම් ඉසුරු බාලපටබැඳි යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර ඇත.

ජනාධිපතිට සිය ධූරයෙන් ඉවත්වන ලෙසට  බලකරමින් ජනාධිපති ලේකම්කාර්යාලය ඉදිරිපිට  රැස්ව සිටින සාමකාමී ජනතාව උද්ඝෝෂණය කරන භූමියට  ජලවිඳින යන්ත්‍ර සහ කරැලි මර්ධන පොලිසිය හා ඊට අදාල යන්ත්‍ර කැඳවීම පිළිබඳව සමාජ මාධ්‍යවල සංසරණය වන පුවත් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව නීතිඥ සංගමය එම නිවේදනය නිකුත් කර ඇත.